Followers

Saturday 29 April 2017

කරල් පැදුර-උතුරු මැද පළාත

කරල් පැදුර

දේශීය පාරම්පරික වී වර්ග

වස-විසෙන් තොරව  වගා කරන,

ඉන් නිපැයෙන සහල් අලෙවි කරන,

සහෝදර ගොවීන්ට මග පෙන්වන

පුරෝගාමී ගොවි ක‍්‍රියාකාරිකයන් සහ 

මුල් පෙළේ ගොවීන්ගේ නාම ලේඛනය

කරල් පැදුර-උතුරු මැද පළාත

අනුරාධපුර දිස්ත‍්‍රික්කය

01-උතුරු මැද පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක, මහාමාන්කඩවල සිරි පියරතන නාහිමි (එප්පාවල නායක හාමුදුරුවෝ)
1990 දශකයේ දී, එප්පාවල පොස්පේට් නිධිය විදෙස් සමාගමකට විකිණීමට එරෙහි සටනේ නියැලූණු පුරෝගාමී භික්ෂුන් වහන්සේ නමකි. පසුව රජරට ප‍්‍රදේශයේ පැතිරෙන්නට වූ මාරාන්තික වකුගඩු රෝගය සම්බන්ධයෙන් උන් වහන්සේගේ අවධානය යොමු විණි. රෝගය ඇති වීමට හේතුව, වස විසෙන් පිරි (ආසනික්/කැඞ්මියම් ආදී* කෘෂි රසායන  බව පර්යේෂණ මගින් හෙළි විය. ඒ සමගම වස විස සහිත නවීන රසායනික ගොවිතැනට එරෙහිව ප‍්‍රබල සමාජ කතිකාවක් ද, සමාජ ක‍්‍රියාකාරිත්වයක් ද හට ගත්තේ ය.

මහාමාන්කඩවල නාහිමියෝ ද එයට මැදිහත් වූහ. වස විස ගොවිතැනට එරෙහි සටනට ගොවීන් සමග එක් වූහ. ‘ග්ලයිපොසේට්’ ඇතුළු විෂ කෘෂි රසායනවලට එරෙහිව කටයුතු කළහ. වස විස රහිතව, යළි දේශීය පාරම්පරික වී වර්ග වගා කිරීම, ගැටලූවට විසඳුම බව කියමින් ගොවීන් සංවිධානය කරන්නට වූහ.

මහාමාන්කඩවල නාහිමියෝ, දැන් සෑහෙන කලක පටන්ම දේශීය පාරම්පරික වී වර්ග, වස විසෙන් තොරව වගා කිරීමට ගොවීන් උනන්දු කරවමින් සිටිති. බිත්තර වී සොයා දීම, වගා උපදෙස් ලබා ගන්නට සම්බන්ධීකරණය කිරීම, ආදර්ශ වී වගාවන් පවත්වා ගෙන යාම, ගොවීන් පුහුණු කිරීමට උදව් කිරීම ආදී වැඩ කටයුතු රාශිියක් උන් වහන්සේ අතින් සිදු වෙයි.
ලිපිනය
මහාමාන්කඩවල සිරි පියරතන නාහිමියෝ, 
ශ‍්‍රී ඛෙත්තාරාම මහා විහාරය, එප්පාවල. (දුරකතන අංකය-025-2249387)

02-ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි මහතා
(දේශීය බීජ රැුකගැනීමේ ව්‍යාපාරය)


හරිත විප්ලවයේ නවීන රසායනික කෘෂි කර්මාන්තයට හසුව, 1960 දශකයෙන් පසුව දේශීය පාරම්පරික වී ගොවිතැන මෙන්ම පැරණි වී වර්ග ද අභාවයට ගියේ ය. එහෙත් නවීන ගොවිතැනට කැමති නොවූ ග‍්‍රාමීය ගොවීන් සුළු පිරිසක් පැරණි වී වර්ග සහ දේශීය ගොවිතැන අත් නො හැරියහ. ඔවුන් පැරණි වී වර්ග ද, වගා තාක්ෂණ ක‍්‍රම ද, පැරණි සිරිත්විරිත් ද රැුක ගනිමින්, පැරණි ක‍්‍රමයට වී වගා කරමිින් සිටියහ.

මේ අතර, නව වැඩිදියුණු කළ වී වර්ග සහිතව කෙරෙන, නවීන රසායනික ගොවිතැන මනුෂයයන්ට සහ මහ පොළොවට හිතකර නො වන බවට සමාජ කතිකාවක් ද ගොඩනැගී තිබිණි. ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි මහතා ද එයට අවධානය යොමු කළේ ය. ඉන් පසුව ඔහු දේශීය පාරම්පරික වී වර්ග සංරක්ෂණය කිරීම ඇරඹුවේ ය.

ඇලෙක්ස් මහතා, වර්ෂ 1971 තරුණ අරගලයට එක් වූවෙකි. එයින් සිරගත වන ඔහු, දේශීය පාරම්පරික වී වගාව ගැන උනන්දු වන්නේ නිදහස්ව පැමිණීමෙන් පසුව ය.

ඒ සඳහා ‘දේශීය බීජ රැුකගැනීමේ ව්‍යාපාරය’ නම් සංවිධානය බිහි කළ  ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි මහතා, එබඳු ගොවීන් ගෙන් පැරණි වී වර්ග එකතුකර, ඒවා ගොවීන් අතර බෙදා දෙමින්, වස-විසෙන් තොර දේශීය පාරම්පරික වී ගොවිතැන යළි රටට ස්ථාපිත කරන්නට ඉමහත් මෙහෙවරක් කළේ ය.

ඔහු පැරණි වී වර්ග එකතු කිරීම ඇරඹුවේ ආනමඩුවෙනි.  ඒ 1984 වර්ෂයේ දී ය. එකතු කරන වී වර්ග, යළි වගා කිරීම සඳහා ගොවීන්ට බෙදා දීම ඇලෙක්ස් මහතාගේ ප‍්‍රයත්නය විය. වර්ෂ 1989 දී ඔහු අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ, එප්පාවල, ‘ගොවි පුහුණු පාසැලක්’ පටන් ගත්තේ ය. ගොවීන්ට දේශීය පාරම්පරික වී වර්ග බෙදා දීමත්, දේශීය වී වගාව සඳහා ගොවීන් පුහුණු කිරීමත්, එයින් සිදු විය. ඊට අමතරව පැරණි වී වර්ග වගා කිරීමේ ව්‍යාපෘතියක් ද ඇරඹුවේ ය.

ඔහු පවසන්නේ, තමන් සහ තම සහෝදර ගොවීන් සතුව අද දේශීය පාරම්පරික වී  වර්ග 600ක් පමණ සංරක්ෂණය කෙරී ඇති බවයි. ‘එප්පාවල ගොවි පුහුණු පාසැල’ ඔස්සේ ගොවීන් පුහුණු කිරීම් ද දිගටම සිදු වෙයි.

ඇලෙක්ස් මහතා, දේශීය පාරම්පරික වී ගොවිතැන පිළිබඳ විශේෂඥ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කරයි. එසේම ඔහු දේශීය සහල් වර්ග රාශියක් නිපදවයි. බිත්තර වී ද නිපදවයි.
ලිපිනය-01
ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි මහතා, 
අංක-50/10, මල්කඩුවාව රවුම් පාර, 
කුරුණෑගල. (දුරකතන-0777/309363)
ලිපිනය-02
ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි මහතා, ගොවි පුහුණු පාසැල, එප්පාවල.

03-ප‍්‍රීති ප‍්‍රියදර්ශන ද සිල්වා මහතා
ප‍්‍රීති ප‍්‍රියදර්ශන ද සිල්වා මහතා, අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් රඹෑවේ, ස`දමල්ගම ප‍්‍රදේශයේ දේශීය පාරම්පරික වී වගාවක් සහ පලතුරු වගාවක් පවත්වා ගෙන යන නවීන පන්නයේ ගොවියෙකි. ඔහු තම සියලූ වගාවන් කරන්නේ වස විසෙන් තොරව ය. එසේම කෙම්-පහන් සහිතව ය. තම වගා භූමියේ සෑම කටයුත්තකටම පාහේ, නවීන කෘෂිකාර්මික යන්ත‍්‍ර භාවිත කිරීම ඔහුගේ සිරිතයි.

ඔහු දැනට  පච්චපෙරුමාල්, කුරුළුතුඩ, කළු හීනැටි, මසුරන්, රන් කහවණු යන වී වර්ග වගා කරයි. ඒවායෙහි සහල් සහ බිත්තර වී ද අලෙවි කරයි. එසේම පැපොල්, දෙළුම්, පේර සහ කාමරංගා යන පලතුරු වර්ග ද කාබනිකව වගා කරයි. ඔහු සිය වගා කටයුතු කරන්නේ පෞද්ගලික සමාගමක සේවය කරන අතරතුර ය.

නිියං තත්ත්වය නිසා ඔහු 2016/17 මාස් කන්නයේ වී වගාකර නැත.

ලිපිනය
ප‍්‍රී‍්‍රීති ප‍්‍රියදර්ශන ද සිල්වා මහතා, 
අංක-394/2-බී,  හරිශ්චන්ද්‍ර මාවත, 
අනුරාධපුරය. (දුරකතන-077-2465936)

පොළොන්නරුව දිස්ත‍්‍රික්කය
01-එම්. කේ. ජයතිස්ස මහතා (කවුඩුල්ලේ ජයතිස්ස)
‘කවුඩුල්ලේ ජයතිස්ස’ නමින් ප‍්‍රකට එම්. කේ. ජයතිස්ස මහතා, ගොවි නායකයෙකි. පොළොන්නරුවේ කෙරුණු ගොවි සටන් ගණනාවකට නායකත්වය දුන් තැනැත්තෙකි.

ඔහු දැනට දශකයක පමණ කාලයක සිට දේශීය පාරම්පරික වී වර්ග වගා කරමින් සිටින ගොවියෙකි. හෙතෙම ගොවිතැනට යොමු වන්නේ, වර්ෂ 1971 දී හටගත් තරුණ අරගලයට එක්ව, සිරගතව, යළි නිදහස්ව පැමිණීමෙන් පසුව ය.

දේශීය පාරම්පරික වී වගාව සම්බන්ධයෙන් විවිධ කාරණා අත්හදා බලමින් සිටින ජයතිස්ස මහතා, ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇත්තෙකි. ඔහු දේශීය වී වර්ග වගා කරයි. තම ගොවි බිම භාවිත කරමින් ගොවීන් ද පුහුණු කරයි.

ඊ. එම්. ඞී. රාණි කුමාරිහාමි මහත්මිය, ජයතිස්ස මහතාගේ බිරින්දෑ ය. විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරිනියක වන ඇය, ගොවි ක‍්‍රියාකාරිනියකි. වර්තමානයේ ‘සූරියකාන්ත පාරිසරික ගොවිපොළ’ නමින් හඳුන්වන ඔවුන්ගේ ගොවි බිමේ කටයුතු බොහොමයක් කෙරෙන්නේ ඇය අතිනි. අලංකාර ගෙවත්තක් ද සහිත එය සම්පූර්ණයෙන්ම කාබනික ගොවිපොළකි.

ජයතිස්සගේ ගොවි බිම නැරඹීම පිණිස විශ්වවිද්‍යාල සිසුන්, ගොවි නියෝජිතයින් සහ රජයේ නිලධාරීන් ද නිතර පැමිණෙති. ඇය ද ඔවුන්ට තම වගා අත්දැකීම් කියා දෙන්නී ය.

ජයතිස්ස මහතා, සුවඳැල්, ගොඩ හීනැටි, සුදු හීනැටි, රන් කහවණු, කුරුළු තුඩ, රත්දැල් යන පැරණි වී වර්ග වස විසෙන් තොරව වගා කරයි. එසේම ‘එච්-4’ නමැති මුල් කාලීන නව දෙමුහුන් වී වර්ගය ද වගා කරයි.
ඔහු සිය කුඹුරු නිවසේ, බිත්තර වී සහ සහල් අලෙවිය ද සිදු කරයි.

ලිපිනය-01 (කුඹුරු නිවස)
එම්. කේ. ජයතිස්ස මහතා (කවුඩුල්ලේ ජයතිස්ස), 
සූරියකාන්ත පාරිසරික ගොවිපොළ, 
ආර්. බී. 01, ගාමිණී දිසානායක මාවත, 
හිඟුරක්ගොඩ. (දුරකතන අංකය-077-2888229)

ලිපිනය-02
අංක-516, කවුඩුල්ල, හිඟුරක්ගොඩ.

02-ආරියරත්න සුබසිංහ මහතා (ආරි සර්)
පොළොන්නරුවේ ගොවි සහෘදයන් අතර ‘ආරි සර්’ නමින් ප‍්‍රකට ආරියරත්න සුබසිංහ මහතා, කෘෂිවිද්‍යා උපාධිධරයෙකි. වසර 2000 දශකයේ පටන් දේශීය පාරම්පරික වී වර්ග වගා කරමින් සිටින ඔහු වඩාත් ප‍්‍රකටව සිටින්නේ ‘කළු හීනැටි’ වගා කරන ගොවියෙකු වශයෙනි.



වස  විසෙන් තොරව කෙරෙන දේශීය පාරම්පරික වී ගොවිතැන අරභයා අත්දැකීම් සම්භාරයක්ම ඔහු සතු ය. ඔහු විවිධ අත්හදාබැලීම් ද කරන කෙනෙකි. දේශී්‍ය වී ගොවිතැන සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇත්තෙකි. ගොවීන් පුහුණු කිරීමේ වැඩසටහන්වලට ද සහභාගි වන්නෙකි. ඔහු දේශීය වර්ගවල බිත්තර වී මෙන්ම සහල් ද නිපදවයි.

ආරියරත්න සුබසිංහ මහතා ප‍්‍රකට ලේඛකයෙක් ද වේ.
ලිපිනය
ආරියරත්න සුබසිංහ මහතා, 
හිගුරක, හිගුරක්ගොඩ. 
(දුරකතන-071/2048776)

03-ආර්. පී. ධර්මතිලක මහතා
දේශීය පාරම්පරික වී වර්ග කාබනිකව වගා කරන ගොවියෙකි.
ලිපිනය
අංක-33, කුඹුරු නිවස, 
කවුඩුල්ල, 
හිඟුරක්ගොඩ (දුරකතන-071-9493455)

04-එච්. කේ. ජයවර්ධන මහතා
වසර 04ක පමණ සිට දේශීය පාරම්පරික වී වර්ග වස විසෙන් තොරව වගා කරන ගොවියෙකි.
වගා කරන වී වර්ග
සුවඳැල්, කළු හීනැටි, මසුරන්, කහමාල, සුදු හීනැටි, හිච්චි නංගි වී, කුරුළු තුඩ.
ලිපිනය
අංක-127, නෙල් මාවත, 
හිගුරක්ගොඩ. (දුරකතන-071-4911718) 


05-කේ. ජී. ඒ. එස්. වීරසිංහ මහතා
(දේශීය පාරම්පරික වී වගා ක්ෂේත්‍රෙයේ ගොවි නායක)

ලිපිනය
නැණසල, දිවුලන්කඩවල, මැදිරිගිරිය./ (දුරකතන-0777-975610)






No comments:

Post a Comment