වස විස නැති අපේම බතක මහිමය
(සම්පූර්ණ ලිපි පෙළ කොටස් 07කි.)
(ක්රිෂ්ණ විජේබණ්ඩාර)
අප යළි වස විස රහිත දේශීය පාරම්පරික සහලට සහ බතට යොමු විය යුත්තේ මන් ද? යන්න, වර්තමානයේ බොහෝ දෙනෙක් විමසන ප්රශ්නයකි. එයට යම් ප‍්‍රමාණවත් පිළිතුරක් සැපයීම, මෙම සටහන් පෙළෙහි අරමුණයි. දැනටත් රට පුරා වගා කරන ‘නව වැඩි දියුණු කළ වී වර්ගවල’ බත, ලංකාවාසීන්ගේ කුසගින්න නිවන්නට තරම් පොහොසත් බව ඇත්ත ය. එහෙත් බත වළඳන ජනී ජනයෝ, දැන් කලක පටන්ම ලෙඩට දුකට වැටී සිටින්නෝ ය. ඉන් බොහොමයක් මාරාන්තික ය
හැඳින්වීම
වී වගාවෙන් නිපැයෙන සහලින් උපදින ‘බත’, අනාදිමත් කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයන් ද ඇතුළුව ආසියාතිකයන්ගේ ප්‍රධාන ආහාරයයි. පෝෂණය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ දෛනික ප්රෝටීන අවශ්යතාවයෙන් සියයට 40ක් ද, කැලරි අවශ්යතාවයෙන් සියයට 46ක් ද සැපයෙන්නේ එයිනි. රටට අවශ්‍ය ‘බත’ සැපයීම, ලංකාවේ අතීත රජවරුන්ගේ සමයෙහි පටන්ම අපේ කෘෂිකර්මාන්තයෙහි ප්‍රධාන කාර්යභාරය වූයේ ය.
රටට ලැබෙන වර්ෂා රටාව මත පදනම්ව, ‘යල’ සහ ‘මහ’ වශයෙන්
‘කන්න’ (වී වගා කෙරෙන වකවානු) දෙකක දී වී වගා කිරීම ලාංකේය ගොවීන්ගේ සිරිතයි. ඒ සඳහා ඔවුන්ට දේශීය පාරම්පරික වී වර්ග සම්භාරයක්ම තිබිණි. වගා බිමෙහි ‘භූ විෂමතාව’, ‘පූදින කාලය’, ‘පෝෂණීය අගය’ සහ ‘ඖෂධීය ගුණය’ ආදී කාරණා සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ වී වර්ග මහත් ‘විවිධත්වයක්’ දැරී ය! එය වසර දහස් ගණනක් මුළුල්ලේ රටට නිරෝගී සම්පත ද, කාය ශක්තිය ද, සෞභාග්යය ද රැුගෙන ආවේ ය.
බතෙහි මහිම
බත මෙන්ම සහල ද උපදින ‘වී’, වර්තමානයේ පවා අපේ රටේ වගා කෙරෙන ප්‍රධාන ආහාර භෝගයයි. රටේ සමස්ත කෘෂිකාර්මික භූමියෙන් සියයට 34ක් පමණ වෙන්ව ඇත්තේ ‘වී’ වගාව පිණිස ය.
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2015 වසරේ රටේ සමස්ත වී නිපැයුම මෙටි්රක් ටොන් මිලියන 4.8කි. වී අස්වනු නෙලා ගත් සමස්ත භූමිය, හෙක්ටයාර් 10,88,374කි. හෙක්ටයාර් එකක සාමාන්‍ය වී අස්වනු ඵලදායිතාව, කිලෝග්‍රෑම් 4429කි.
වර්තමාන ලංකාවේ ගොවීන් බහුතරයක් වගා කරන්නේ, දෙමුහුන් සහ නව වැඩි දියුණු කළ වී ප්රභේදයන් ය. ඒ සඳහා කෘත්‍රිම රසායනික පොහොර, කෘත්‍රිම රසායනික පළිබෝධනාශක වර්ග, නවීන වගා උපක්‍රම, නවීන උපකරණ හා යන්ත්‍ර ද බහුලව භාවිත කෙරේ. නවීන, කෘත්‍රිම රසායනික ගොවිතැනක් වන එය, ලංකාවේ ව්යාප්ත වූයේ වර්ෂ 1960න් පසුව ක්‍රියාත්වක කෙරුණු ‘හරිත විප්ලව’ ක්‍රියාමාර්ග ඔස්සේ ය. එවක් පටන් මුළු රටම අනුභව කරන්නේ, නවීන රසායනික ගොවිතැනින්, නව වැඩි දියුණු කළ වී වර්ගවලින් උපදින සහලේ ‘බත’ ය. එය ‘හරිත විිප්ලවයෙන් උපන් බතයි’!
‘බත’ රටේ ප්‍රධාන ආහාරය වන බැවින්, ලංකාවාසීන්ගේ වර්තමාන වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 100ක් යයි ද ගණන් බලා තිබේ.
ඉකුත් අඩ සියවසෙහි ලංකාවාසී මහජනතාවගේ
සෞඛ්යය හා පෝෂණ තත්ත්වය යහපත් වූයේ ද?
හරිත විප්ලවයෙන් උපන් බත, රට වැසියන්ට සෞඛ්‍ය සම්පන්න වූයේ ද? යන්න ගැටලූවකි. ලංකාව බත් කන රටකි. දැනට අඩ සියවසකට අධික කාලයක් මුළුල්ලේම ඔවුන් ආහාරයට ගන්නේ ද හරිත විප්ලවයෙන් උපන් බත ය. ඒවා වළඳන වර්තමාන ලාංකේය ජන සමාජයේ හට ගන ඇති සෞඛ්‍ය ගැටලූ අතිශයින්ම බරපතල ය. ඒවා අතර ‘නිදන්ගත රෝග’ සහ ඒවා සීග්‍රයෙන් ව්යාප්ත වීම මුල් තැනක් ගනී.
පහත දැක්වෙන තොරතුරු විමසුමෙන් කියවන්න!
නිදන්ගත රෝග
x ලංකාවේ ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව 2014 වසරේ නිකුත් කළ ‘National Survey on Self-reported Health in Sri Lanka’ ’ නමැති සමීක්ෂණ වාර්තාවට අනුව, අපේ රටේ ජනගහනයෙන් සියයට 17.8ක් නිදන්ගත රෝගවලින් පෙළෙති. ඉන් සියයට 30.4ක්ම දියවැඩියා රෝගීන් වේ. සියයට 13.8ක් ඇදුම රෝගීන් ය. තවත් සියයට 11.4ක් ආතරයිටීස් රෝගයෙන් ද, සියයට 9.0ක් හෘද රෝගවලින් ද, සියයට 2.1ක් අංශභාගයෙන් ද, සියයට 1.7ක් පිළිකා රෝගයෙන් ද පෙළෙති!
x මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද මහතා ඇතුළු පිරිසක් වර්ෂ 2005 දී කළ සමීක්ෂණයකට අනුව, ලක් වැසියන් ගෙන් සියයට 11.5ක් දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් (Type 2 Diabetes) පෙළෙමින් සිටියහ.
x සෞඛ්‍ය අමාත්යංශය 2013 සහ 2014 යන වර්ෂ සඳහා නිකුත් කළ ‘ zAnnual Health BulletinZ’ වාර්තා දෙකට අනුව 1985 වසරේ ලංකාවෙන් වාර්තාවූ පිළිකා රෝගීන් සංඛ්යාව 5012කි. එනම් එවකට
රටේ ජනගහනයෙන් පුද්ගලයන් ලක්ෂයකට රෝගීන් 31.6කි. 2008 වර්ෂය වන විට එය පුද්ගලයන් ලක්ෂයකට රෝගීන් 81.6ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
x 2008 වසර වන විට ලංකාවේ අලූත්න් ලියාපදිංචිවූ පිළිකා රෝගීන් සංඛ්යාව, 19,309කි. 2013 වසර වන විට අලූතින් ලියාපදිංචිවූ පිළිකා රෝගීන් සංඛ්යාව 25,515ක් විය. 2014 වසරේ දී එය26,341ක් දක්වා තවදුරටත් ඉහළ ගියේ ය! අපේ රටේ බහුලව වාර්තා වන පිළිකා තත්ත්වයන් අතර, පෙනහළු, ගැබ්ගෙළ, මුඛ, පියයුරු, බඩවැල් සහ මොළය ආශ්රිත පිළිකා මෙන්ම ලියුකේමියා තත්ත්වයන් ද වේ. (Annual
Health Bulletin-2014)
x දියවැඩියාව මෙන්ම පිළිකා ද ලංකාවට පමණක් නොව, ලෝකයටම ඉතා බරපතල ප්රශ්නයකි.
x එසේම දියවැඩියා රෝගයේ අතුරු ආබාධයක් වශයෙන් මතුවන හෘද්යාබාධ මෙන්ම වකුගඩු දුර්වල වීමේ රෝග තත්ත්වයන් ද අපේ රටට ඇතිකර ඇත්තේ නරක දසාවකි. කෘෂි රසායන ඔස්සේ එන ‘ආසනික්’ ඇතුළු බැර ලෝහ නිසා හට ගන්නා, මාරාන්තික වකුගඩු රෝගයක් ද රජරටින් මතු විණි! දැන් එය රටේ වියලි කලාපීය ගොවි බිම් පුරා පැතිර යමින් පවතියි.
ඉහත සඳහන් කළ බෝ නො වන රෝග පමණක් නොවේ. ‘නීරක්තිය’, ළමා සහ මාතෘ මන්දපෝෂණය වැනි පෝෂණ ඌණතා රෝග තත්ත්වයන් ද අද අපේ රටට බහුල ය.
ඉතා කෙටියෙන් කියන්නේ නම්, දැන් මුළු රටම ලෙඩ ගොඩකි!
මන්දපෝෂණ තත්ත්වය!
මතුපිටින් නො පෙනුණ ද, ලංකාවේ වැඩි දෙනෙක් මන්දපෝෂණයෙන්, එනම් පෝෂණ ඌණතාවලින් පෙළෙති! ඒ ගැන දැන ගැනීමට නම්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්යංශය සහ ‘යුනිසෙෆ්’ ආයතනය (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල)’ එක්ව සකස් කළ, "NATIONAL
NUTRITION AND MICRONUTRIENT SURVEY-2012” -2012” නම් වාර්තාව කියවිය යුතුය. එහි ලංකාවට පිරිනමා ඇති ‘සෞඛ්‍ය සහතිකය’ මෙසේ ය.
x ලංකාවේ වයස මාස 06-59 අතර දරුවන් ගෙන් සියයට 23.3ක්ම ක්ම, අඩුබර (Under weight), එනම් වයසට අනුව බර නැතිකමෙන් පෙළෙති.
x ලංකාවේ අඩුබර දරුවන් වැඩියෙන්ම වාර්තා වන දිස්ත්‍රික්කය (සියයට 40.9), කිලිනොච්චියයි. ඊළඟට මුලතිව් (සියයට 35.6)
දිස්ත්‍රික්කයයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ එය (සියයට 32.8) කි. පොළොන්නරුවේ එය සියයට 30.6කි. කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 16.3කි.
ලංකාවේ වයස මාස 06-59 අතර දරුවන් ගෙන්, උස අනුව බර ප‍්‍රමාණවත්
නො වන පිරිස, (එනම් දැඩි ලෙස
මන්දපෝෂණයට ලක්වූ- Wasting ) සියයට 19.6කි. (මෙම තත්ත්වය හඳුන්වන්නේ
‘ක්ෂයවීම’ යනුවෙනි.)
x ලංකාවේ වයස මාස 06-59 අතර දරුවන් ගෙන්, වයසට අනුව උස ප‍්‍රමාණවත්
නො වන පිරිස, (එනම් නිදන්ගත
මන්දපෝෂණයට ලක්වූ- Stunting ) සියයට 13.1කි. (මෙම තත්ත්වය හඳුන්වන්නේ
‘කුරුවීම’ යනුවෙනි.)
x වයස මාස 06-59 අතර දරුවන් ගෙන් සියයට 15.1ක් නීරක්තියෙන් (ලේ හිඟකමින්) පෙළෙන්නෝ ය.
x ගැබිණි කාන්තාවන් අතර පවා නීරක්ති තත්ත්වය බහුල ය.
සෞඛ්‍ය අමාත්යංශය 2014 වර්ෂයේ නිකුත් කළ ‘zAnnual Health BulletinZ’ වාර්තාවට අනුව,
x 2014 වර්ෂයේ රජයේ රෝහල්වල ‘අඩුබර දරු උපත් අනුපාතය’ (උපත් බර කිලෝග්‍රෑම් 2.5ට අඩු දරුවන්), සියයට 16.0කි.
ලංකාවේ ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව 2014 වසරේ
නිකුත් කළ ‘National
Survey on Self-reported Health in Sri Lanka’’ නමැති සමීක්ෂණ වාර්තාවට අනුව, බෝ නො වන, නිදන්ගත රෝග පිළිබඳ තත්ත්වයන් මෙසේ ය.
x රටේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ගේ සංඛ්යාව සියයට 39.0කි.
x දියවැඩියාවෙන් පෙළෙන්නන්ගේ සංඛ්යාව සියයට 30.4කි.
x හෘද රෝගවලින් පෙළෙන්නන් සංඛ්යාව සියයට 9.0කි.
දැන් පෙනී යන්නේ කුමක් ද?
ඉහත දැක්වූ කාරණාවලින් පෙන්නුම් කරන්නේ කුමක් ද? 1960 වසරෙන් පසුව, හරිත විප්ලවයෙන් උපන් බත අනුභව කරන මිනිසුන්, ශරීර පෝෂණය අතින් දුබලව සිටින බවයි! එසේම, ඉතාමත් බහුල ලෙස ලෙඩට-දුකට වැටී ඇති බවයි. ශරීර පෝෂණය දුබලවූ විට, මිනිසුන් විවිධ ලෙඩ රෝගවලට හසු වන බව කවුරුත් දනිති.
(ක්රිෂ්ණ විජේබණ්ඩාර විසින් රචිත
‘වස නුමුසු බතක අරුමැසි වරුණ’ ග්‍රන්ථය ඇසුරිනි.)
(ඉතිරි කොටස 02 වැනි ලිපියෙන්)
2017.04.06.
No comments:
Post a Comment