Followers

Friday 7 April 2017

ලංකාව යළි දේශීය පාරම්පරික සහලට සහ බතට යොමු විය යුත්තේ ඇයි?-07



දේශීය වෛද් කතිකාවේ එන  
රුව ගුණ සමහරක්
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
දේශීය පාරම්පරික සහලේ පෝෂණීය සහ ඖෂධීය ගුණ පිළිබ තොරතුරු රාශියක් පැරණි දේශීය වෛද් රන්ථවල එයි. චරක සංහිතාව’, ‘සාරාර්ථ සංගරහයසහ මහා වග්ගපාලියයන රන්ථ ඒවා අතර කැපී පෙනෙයි. පහත දැක්වෙන්නේ එයින් තෝරා ගත් සහල් වර්ග කිහිපයක ගුණාංග ගැන තොරතුරු සටහනකි.

රත් හැල්/රත් ඇල්
විවිධ උණ රෝග හා රත් හැල් සහලේ කැ ගුණදායක . රත්හැල් බත, ශරීරයෙන් මුත පිට කිරීමට මහෝපකාරී වෙයි. ඉන් සිරුර සැහැල්ලූ කරයි. සිසිල් කරයි. උදරයේ අම්ල පිත්ත රෝග තත්ත්වයන් සමනය කරයි.

සුව හැල් (සුවඳැල්)
ශරීර වර්ධනයට මග සලසයි. සහල රණ වූ විට දියවැඩියා රෝගය පාලනය කිරීමට සුදුසු . ඉදිමුම් රෝග සමනය වෙයි.

මා වී
මා වී බත, ශරීරය වර්ධනය කරයි. මධුමේහය, ක්ෂය රෝගය සහ මළ බද්ධය වැනි රෝග පාලනය කරයි.

කළු හීනැටි
ශරීරයේ පෝෂණය වර්ධනය කරයි. ශුක ධාතුව වර්ධනය කරයි. විෂ මර්දනය කරයි. දියවැඩියාව පාලනය කරන්නට උපකාරී වෙයි.

කුරුළු තුඩ
පෝෂණ ගුණය වැඩි . ශරීර ශක්තිය මෙන්ම ශුක ධාතුව වර්ධනය කරයි.

හැටදා වී
උණ රෝගීන්ට ගුණදායක . ශරීරය සිසිල් කරයි. මළ බද්ධය නසයි.

හැල් සහලේ බත් (ඇල් හාලේ බත්)
හැල් සහලේ බත් යනු ඇල් වීවර්ගවලින් උපදින සහලේ බත් . අතීතයේ දී ඒවා හේන්වල වගා කෙරිණි. සාරාර්ථ සංගරහයකියන්නේ, හැල් සහලේ බත, කිරි දෙන මව්වරුන්ට කිරි එරීම හා ගුණදායක බවයි.

චරක සංහිතාව/සුශරැත සංහිතාව
සුවඳැල්, කුරුළු තුඩ, මා වී, රත් ඇල් සහ කළු හීනැටි යන සහල්වල බත, ලිංගික ශක්තිය වර්ධනය කරන බව චරකසහ සුශරැතයන දේශීය වෛද් රන්ථවල හන් වේ.

මේවාට අමතරව, දේශීය පාරම්පරික සහල් වර්ගවල  ගුණාංග ගැන තොරතුරු රාශියක් ජන භාවිතාවේ එයි.
-සමාප්තයි-
(රිෂ්ණ විජේබණ්ඩාර විසින් රචිත
වස නුමුසු බතක අරුමැසි වරුණ රන්ථය ඇසුරිනි.)
2017/04/06.

No comments:

Post a Comment