හරිත විප්ලවයෙන් උපන්
නවීන සහලේ බත එන්නට පෙර,
ඇත්තටම ලංකාවේ
මෙබඳු ලෙඩ-දුක් ප්‍රශ්නයක් තිබිණි ද?
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ජනතාවගේ සෞඛ්යය සම්බන්ධ කාරණාවේ දී ශ්‍රී ලංකාවට ඇත්තේ ඉතා විශිෂ්ඨ අතීතයකි. අතීත ලාංකිකයන්ට ඉතා හොඳ වෛද්‍ය ක්‍රමයක් තිබිණි. එය, දේශීය වෙදකම, සිංහල වෙදකම සහ ආයුර්වේද වෙදකම ආදියෙන් සංකලනය වූ දේශීය වෛද්‍ය ක්‍රමයක් වූයේ ය. ‘සාරාර්ථ සංග්‍රහය’, ‘චරක සංහිතාව’, ‘සුශ්‍රැත සංහිතාව’ ඇතුළු වෛද්‍ය ග්රන්ථ රාශියක් ද එකල භාවිත විය. රෝහල් ආදිය ද තිබිණි.
වංශකතාවල සඳහන් වන අන්දමට, පැරණි රජවරු බොහොම දෙනෙක් රෝගීන් සුවපත් කිරීම සඳහා රෝහල් ආදිය පිහිටුවමින් කටයුතු කළහ. ඔවුන් අතර, පණ්ඩුකාභය (ක්‍රි. පූ. 437-367), බුද්ධදාස (ක්‍රි. ව. 339-368), දෙවන උපතිස්ස (ක්‍රි. ව. 368-410), දෙවැනි දප්පුල (ක්‍රි. ව. 797-802), හතරවන කාශ්යප (ක්‍රි. ව. 898-914), හතරවන මිහිඳු (ක්‍රි. ව. 956-972), මහා පරාක්‍රමබාහු (ක්‍රි. ව. 1153-1186) වැනි රජවරුන් කැපී පෙනෙති. බුද්ධදාස ඇතුළු රජවරු කිහිප දෙනෙක් වෛද්යවරුන් වූහ. රජවරුන් ඉදි කළ රෝහල් සහ බෙහෙත් හල් ආදියෙහි නටබුන් පවා මිහින්තලය, රිටිගල, පොළොන්නරුව, මැදිරිගිරිය සහ තිස්සමහාරාමය ආදී ප්‍රදේශවලින් හමුවී තිබේ.
එහෙත් එකල, අද මෙන් බෝ නොවන රෝග (දියවැඩියාව, හෘද රෝග, පිළිකා, අංශභාග ආදී) බිහිසුණු ලෙස පැතිර තිබුණු බවක් දැන ගන්නට නැත. ඒ වෙනුවට පාචන (අතීසාර) රෝග, විවිධ උණ (ජ්වර) රෝග සහ අක්ෂි රෝග ආදී බෝ වෙන රෝග පැතිර තිබුණු බව වංශකතා, වෛද්‍ය ග්රන්ථ සහ ශිලාලේඛන ආදී මූලාශ්‍රවලින් පැහැදිලිවෙයි. ‘දියවැඩියාව’ හෙවත් ‘මධුමේහය’ ද එකල තිබිණි. එහෙත් එය අද මෙන් ‘බරපතල සෞඛ්‍ය ගැටලූවක්වූ බව’ ඒවායෙහි සඳහන් නොවේ.
රොබට් නොක්ස්
බි්රතාන්ය ජාතික ‘රොබට් නොක්ස්’, වර්ෂ 1660 දී, උඩරට රජුගේ (දෙවැනි රාජසිංහ රජු-ක්‍රි. ව. 1635-1687) සිරකරුවෙකු බවට පත් වූ නාවිකයෙකි. විසි අවුරුද්දකට ආසන්න කාලයක් ලංකාවේ ගත කළ හෙතෙම, සිර ජීවිතයෙන් මිදී ගන්නේ රහසින් පලා යාමෙනි. ආපසු බි්රතාන්යයට ගිය රොබට් නොක්ස්, ‘ zAn Historical Relation of The
Island of CeylonZ’ නමින් ලංකාව ගැන ග්රන්ථයක් රචනා කරන්නේ ය. වර්ෂ 1681 දී එය ලන්ඩනයේ දී පළ කෙරිණි. 1992 වසරේ එය ‘එදා හෙළදිව’ නමින් සිංහලයට නැගිණි. පරිවර්තකයා වූයේ ඬේවිඞ් කරුණාරත්න සූරීහු ය. එය 16 වැනි සියවසේ පැවති ලංකාව ගැන යම් විස්තරාත්මක ග්රන්ථයකි. එහි සඳහන් වන ආකාරයට, එකල ලංකාවේ ප්‍රචලිතව පැවති ලෙඩ රෝග වූයේ, ‘ගැහෙන උණය’ සහ ‘ලේ මදකමින් හට ගන්නා‘ රෝගයන් ය. ඒ හැර බො වෙන රෝග ද තිබිණි. අද මෙන් ජන සමාජය පුරා පැතිර යන, ‘බෝ නො වන රෝග’ ගැන එහි සඳහන් නොවේ!
ජෝන් ඩේවි
‘ජෝන් ඬේවි’ ද ලංකාව ගැන ග්රන්ථයක් පළ කළ බි්රතාන්ය ජාතික වෛද්යවරයෙකි. හෙතෙම වර්ෂ 1816 සිට 1820 දක්වා, ලංකාවේ බි්රතාන්ය යුද කාර්යමණ්ඩලයේ වෛද්යවරයෙකු වශයෙන් සේවය කළේ ය. 1821 වසරේ බි්රතාන්යයේ දී පළ කෙරුණු
‘ zInterior
of CeylonZ’ ඔහු ලංකාව ගැන ලියූ ග්‍රන්ථයයි. එය ‘ඬේවි දුටු ලංකාව’ නමින් සිංහලෙන් පළ විය. පරිවර්තකයා වුයේ ඇල්ලෙපොල එච්. එම්. සෝමරත්න සූරීහු ය. ඬේවි ද කියන්නේ, එකල ලංකාවේ පැවති බෝ වෙන රෝග ගැන ය. උෂ්ණාධික පරිසරය නිසා වැළෙ`දන රෝග, උණ රෝග, අතීසාරය, සමේ රෝග, අජීර්ණ රෝග, බරවා රෝගය ආදිය ඒවා අතර වේ.
ඊට අමතරව, ස්වදේශිකයන් අතර ‘දියවැඩියාව’ ඇති බව ද ඔහු කියයි. අක්මාවේ සහ බඩවැලේ රෝග, මුත්‍රා අශ්මරි රෝග මෙන්ම, පක්ෂාඝාත තත්ත්වයන් ද ඔහුගේ නිරීක්ෂණයට හසුව ඇත. එහෙත් මෙබඳු බෝ නො වන රෝග කිසිවක්, අතිශයින්ම දරුණු පැතිරීමකට ලක්ව ඇතැයි ඔහු නො කියයි! ඬේවි, වෛද්යවරයෙකු බැවින් ඔහුගේ නිරීක්ෂණ වඩාත් නිවැරදි යයි ද පිළිිගත හැකි ය.
කෙසේ වෙතත් ඉහත දැක්වූ කතා පුවත්වල අරුත වන්නේ, ‘හරිත විප්ලව බත’ ජන භාවිතාවට එන්නට පෙර, ලංකාව අද මෙන් බෝ නො වන රෝග රැසක දඩ බිමක් නො වූ බවයි! එසේ නම්, මුළු රටම ලෙඩට-දුකට වැටීමේ කතා පුවත ඇරඹෙන්නේ, ‘හරිත විප්ලවය ඔස්සේ පැමිණි කෘෂිකාර්මික පෙරළියෙන් පසුවය’ යන්න පිළිගැනීමට සිදු වේ!
සෞඛ්‍ය අමාත්යංශය 2014 වර්ෂයේ නිකුත් කළ ‘ zAnnual Health BulletinZ’ වාර්තාවට අනුව,
x 1995 වසරේ රෝහල්ගත කෙරුණු නේවාසික රෝගීන් සංඛ්යාව, ජනගහනයෙන් දහසකට, පුද්ගලයන් 179.3කි. 2014 වසරේ එය, පුද්ගලයන් 294.6ක් දක්වා ඉහළ ගොස් තිබේ.
x 1995 වසරේ රෝහල් වෙත ගිය කෙරුණු බාහිර රෝගීන් සංඛ්යාව, ජනගහනයෙන් දහසකට, පුද්ගලයන් 1947.7කි. 2014 වසරේ එය, පුද්ගලයන් 2653.0ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මින් පෙනී යන්නේ කුමක් ද?, දැන් මුළු රටම ලෙඩ දුකට වැටී ඇති බවයි. ලෙඩ දුක් වැළඳීම කෙරෙහි ‘ආහාර’ පමණක් බලපාන බව කීම, සම්පූර්ණයෙන්ම නිවැරදි නොවේ. එහෙත් මේ තරම් ලෙඩ වැළඳීමට ‘ආහාර’ ද ප්‍රබල හේතුවක් බව ලෙහෙසියෙන් බැහැර කළ නො හැකි කාරණයකි! මන්ද, ලංකාව ‘බත් කන රටක්’ වන බැවිනි.
(වස නුමුසු බතක අරුමැසි වරුණ ග්‍රන්ථය ඇසුරිනි.)
(ඉතිරි කොටස 03 වැනි ලිපියෙන්)
2017.04.06.
No comments:
Post a Comment