Followers

Friday 7 April 2017

ලංකාව යළි දේශීය පාරම්පරික සහලට සහ බතට යොමු විය යුත්තේ ඇයි?-05



දේශීය පාරම්පරික බතක  
රුව-ගුණ වරුණ
පර්යේෂණ මාලාවේ සුලමුල
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය වර්ෂ 2000 දී පටන්, අපේ රටේ දේශීය පාරම්පරික සහල්වල පෝෂණ ගුණය සහ බෝ නො වන රෝග පාලන ගුණය අරභයා දැවැන්ත පර්යේෂණ මාලාවක් කළේ . එය සිදු වූයේ කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය සිරිමල් පේරමකුමාර මහතාගේ මෙහෙයවීමෙනි.

පර්යේෂණ මාලාව රධාන පැතිකඩ දෙකක් ඔස්සේ විහිදිණි.

01-දේශීය පාරම්පරික සහල්වල ඇති පෝෂණීය සහ ඖෂධීය ගුණ ඳුනා ගැනීම
මෙහිදී, දියවැඩියාව, පිළිකා, ඉදිමුම්  සහ ස්නායු රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන්, එයින් ලබා ගත හැකි දායකත්වය ගැන කරුණු අධ්යයනය කෙරිණි. එසේම දේශීය පාරම්පරික සහල්වල ඇති රති ඔක්සිකාරක ගුණ පිළිබ සොයා බැලිණි.

02- දේශීය පාරම්පරික සහල්වල ඇති, භෞතික, රසායනික සහ ඉන්ද්රිය ගෝචර ගුණාාංග සම්බන්ධයෙන් අධ්ය්යනය කිරීම
මෙහිදී දේශීය පාරම්පරික සහල්වල ඇති යකඩ සහ සින්ක් සංයුතිය ගැන කරුණු සොයා බැලිණි.
පර්යේෂකයෝ
x        කාර්මික තාක්ෂණ ආයතනයේ  විද්යාඥයන් වන, ආචාර්ය නන්දනී එදිරිවීර (කෘෂි සහ ආහාර තාක්ෂණ අංශයේ හිටපු රධානි), දමිතා රාජපක්ෂ, ආචාර්ය තේජා හේරත්, බෝඹුවල වී පර්යේෂණ ආයතනයේ ආචාර්ය අමිතා පී. බෙන්තොට, ආචාර්ය එස්. එම්. විජේසුන්දර ඇතුළු විද්වතුන් පිරිසක් දේශීය සහල්වල පෝෂණ ගුණය අරභයා පර්යේෂණ කළහ.

x        දේශීය පාරම්පරික සහල්වල බෝ නො වන රෝග පාලන ගුණය ගැන පර්යේෂණය කළේ, කාර්මික තාක්ෂණ ආයතනයේ, ආහාර තාක්ෂණ අංශයේ පර්යේෂණ විද්යාඥ ආචාර්ය කාංචනා අබේසේකර මෙනවියයි. පකිස්තානයේ කරච්චි විශ්වවිද්යාලය සහ ඇමරිකාවේ අකන්සාස් විශ්වවිද්යාලයේ සහාය එයට ලැබිණි.

ඔවුන්ගේ උත්සාහයන් බෙහෙවින් සාර්ථක වූයේ .

කතා පුවත සැකෙවින් මෙසේ .
2000 වසරෙන් පසුව එළඹි වකවානුව, ලංකාවාසීන්ට මහත් සැනසිල්ලක් උදාකර දුන්නේ . ඊට එක් හේතුවක් වූයේ, වසර 30 පමණ කාලයක් මුළුල්ලේ කොටි රස්තවාදීන් සමග පැවති සිවිල් යුද්ධය 2009 වසරේ දී අවසන් වීමයි. අනෙක, ලංකාවේ දේශීය පාරම්පරික වී සම්පතින් නිපැයෙන රතු සහලේ බතට, ‘බෝ නො වන රෝගපාලනය සහ මැඩ පැවැත්වීමේ විශිෂ්ට හැකියාවක් ඇති බව මුල්වරට විද්යාත්මකව සොයා ගැනීමයි.

දියවැඩියාව සහ එයින් ඇති වන අතුරු ආබාධ, පිළිකා, ස්නායු සහ ඉදිමුම් රෝග, එසේ දේශීය පාරම්පරික සහලින් මැඩ පැවැත්විය හැකි රෝග අතර වේ. දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ ඔස්සේ පැන නැගෙන හෘද රෝග තත්ත්වයන් පවා එයින් පාලනය කළ හැකිය යන්න, පර්යේෂකයන්ගේ පිළිගැනීමයි.

දේශීය පාරම්පරික සහල් වර්ගවලට මෙබඳු හැකියාවක් ඇති බව හෙළිදරව් වූයේ, කොළඹ කාර්මික තාක්ෂණ ආයතනයවසර කිහිපයක් තිස්සේ කළ පර්යේෂණ මගිනි. බෝ නො වන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන්, ‘නිවුඞ්ඩ’ (කුරුට්ට) සහිත දේශීය පාරම්පරික රතු සහල් වර්ගවලට උසස් හැකියාවක් ඇති බව ඔවුන් කළ පර්යේෂණ මාලාවේ දී අනාවරණය විය. ඒවා අතර, මසුරන්, සුදු හීනැටි, දික් වී සහ ගොඩ හීනැටි යන පාරම්පරික සහල් විශේෂවලට ඉහළම තැනක් හිමි වේ.

රී ලංකාවේ දේශීය පාරම්පරික සහල් වර්ග බොහොමයක් දියවැඩියා රෝගය සහ එයින් හට ගන්නා අතුරු ආබාධ, පිළිකා, ස්නායු, ඉදිමුම් රෝග ඇතුළු බෝ නො වන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් දක්වන බව, පර්යේෂණයෙන් හෙළිදරව් විය.

හෙළිදරව්ව සම්බන්ධයෙන් ජර්මනියේ දී අලූත්ම පර්යේෂණ රන්ථයක් ඉංගරීසි බසින් පළ කෙරිණි. නව රන්ථය, ‘Health Food Properties of Traditional Rice in Sri Lanka’ නම් වෙයි. ජර්මනියේ පිහිටි ‘Lambert Academic Publishing’නමැති ජාත්යන්තර රකාශන ආයතනය, 2016 ජූලි මස 19 වැනි දා එය මුද්රණයෙන් නිකුත්කර තිබිණි. ආචාර්ය කාංචනා අබේසේකර සහ ආචාර්ය සිරිමල් පේරමකුමාර යන අපේ විද්වතුන් දෙදෙන, එහි කතුවරුන් වෙති.

ඔවුන් අතරින්, ආචාර්ය සිරිමල් පේරමකුමාර මහතා, කොළඹ කාර්මික තාක්ෂණ ආයතනයේ වත්මන් අධ්යක්ෂ ජනරාල්වරයා . ආචාර්ය කාංචනා අබේසේකර මෙනවිය  , කාර්මික තාක්ෂණ ආයතනයේ, ආහාර තාක්ෂණ අංශයේ පර්යේෂණ විද්යාඥවරියකි.
නව රන්ථය පිටු 392ක් පුරා දිවෙන්නකි. එහි සාකච්ඡුාවට ගැනෙන විෂය වන්නේ ලංකාවේ දේශීය පාරම්පරික සහල්වල ඇති ඖෂධීය සහ පෝෂණීය ගුණාංග සම්බන්ධයෙන් කාර්මික තාක්ෂණ ආයතනයකළ පර්යේෂණ මාලාවක අපූර්ව තොරතුරු .

රී ලංකාවේ දේශීය පාරම්පරික රතු සහල් වර්ග බොහොමයක්, දියවැඩියාව, පිළිකා, ස්නායු ආබාධ ආදී බෝ නොවන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ඉහළම හැකියාවක් දරන බව, නව රන්ථය මගින් සවිස්තරාත්මකව අවධාරණයකර තිබේ. කතුවරුන් නව රන්ථය පළකර ඇත්තේ, වසර 2000 දශකයේ පටන් ඔවුන් පවත්වා ගෙන එන පර්යේෂණ මාලාවක් පදනම්කර ගනිමිනි.

ලංකාවේ දේශීය පාරම්පරික සහල් වර්ගවල ගුණාංග සම්බන්ධයෙන්, ඇතැම් කාරණා හෙළිදරව්කර ගෙන ඇත්තේ රථම වතාවට . එසේම, ලංකාවේ දේශීය පාරම්පරික වී සම්පතින් නිපැයෙන රතු සහලේ බතට, ‘බෝ නො වන රෝගපාලනය සහ මැඩ පැවැත්වීමේ විශිෂ්ට හැකියාවක් ඇති බව සොයා ගෙන ඇත්තේ ලොව මුල් වරට . එය අලූත්ම සොයා ගැනීමකි.

 දියවැඩියාව සහ එයින් ඇති වන අතුරු ආබාධ , පිළිකා, ස්නායු සහ ඉදිමුම් රෝග, එසේ දේශීය පාරම්පරික සහලින් මැඩ පැවැත්විය හැකි රෝග අතර වේ. දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ බොහොමයකි. ඇස් පෙනීම දුර්වලවීම, තුවාල සුව නොවීම, වකුගඩු දුර්වලවීම, ශරීරය දුර්වලවීම සහ හෘද රෝග තත්ත්වයන් පවා ඇති වීම, ඒවා අතර වේ. දේශීය පාරම්පරික රතු සහල් වර්ගවල ඒවා පාලනය කිරීමේ සහ මැඩ පැවැත්වීමේ ගුණාංග තිබෙන බව, කතුවරුන්ගේ හෙළිදරව්වයි.

ඉන් අනාවරණය වූ වැදගත්ම කාරණය වූයේ, ‘නිවුඞ්ඩ (Bran) (කුරුට්ට) සහිත,‘මසුරන්’, ‘සුදු හීනැටි’, ‘දික් වීසහ ගොඩ හීනැටියන පාරම්පරික රතු සහල් වර්ගවලට, සම්බන්ධයෙන් ඉහළම තැනක් හිමි වන බවයි. ඒවාට අමතරව, වන්නි දහනල, හේරත් බණ්ඩා, කොට්ටියාර් සහ සුලැයි (සූල) යන දේශීය රතු සහල් වර්ග උසස් තත්ත්වයන් පෙන්නුම්කර අත.

සිය පර්යේෂණ හා ඔවුන් මිනිස් රුධිරය, මිනිස් ජීව ෙසෙල, සහ පර්යේෂණ මීයන් යොදා ගෙන තිබිණි. සියල්ල විද්යාගාර පර්යේෂණ විය. දේශීය පාරම්පරික සහලින් ඳුනා ගත් බෝ නො වන රෝග පාලන සංයෝග, ‘ඖෂධනිපදවීම දක්වා වැඩි දියුණු කළ හැකි බව පර්යේෂකයෝ පවසති.

ජාත්යන්තර පර්යේෂණ පතරිකා
ජර්මනියේ දී නොබෝදා පළ කෙරුණු, ‘Health Food Properties of Traditional Rice in Sri Lanka’රන්ථය පමණක් නොවේ. ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය දේශීය පාරම්පරික සහල් ගැන කළ පර්යේෂණ සම්බන්ධයෙන්, තවත් ජාත්යන්තර පර්යේෂණ පතරිකා කිහිපයක්ම පළ විය. ‘Journal of Cereal Science’, ‘Journal of Food Biochemistry’, Coastal Life Medicine’,  සහ ‘Tropical Agricultural Research’   යන රකාශන අතර වේ. ඔවුන් සිය පර්යේෂණ ඔස්සේ පවසන කාරණයෙහි යටි අරුත වන්නේ, නිරෝගිමත්, සෞඛ් සම්පන්න ජනතාවක් බිහි කිරීම හා රට යළි දේශීය පාරම්පරික සහලට ගෙන යා යුතුය යන්නයි! එය අදියරෙන් අදියර හෝ කළ යුතු දෙයකි.
 (වස නුමුසු බතක අරුමැසි වරුණ ග්‍රන්ථය ඇසුරිනි)
(ඉතිරි කොටස 05 වැනි ලිපියෙන්)

2017.04.06.

No comments:

Post a Comment