බතක මහිම රන් කහවණු කෙතේයා-2
කවුඩුල්ලේ ජයතිස්ස-රන් කහවණු වී පඳුරක් අතැතිව(ඡායාරූපය-අශෝක ප්‍රනාන්දු-2013) |
කවුඩුල්ලේ ජයතිස්සගේ සාක්ෂිය
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
මාරාන්තික වකුගඩු රෝගය හරියට යක්ෂයෙක් වගේ. නිරන්තරයෙන්ම රජරට ගොවි බිම්වලට ඉව අල්ලනවා. මිනිස් ජීවිත බිලි ගන්නවා. දවසින් දවස එකා දෙන්නා ලෙඩින් වැටෙනවා. දරු පවුල් පිටින් හිඟමනට වැටෙනවා. අන්තිමට මියෑදිලා යනවා. ඈත ගොවි බිම්වල භීතියක් පැතිරෙමින් යනවා. මාරයා ළඟ ළඟම එනවා!
මාරාන්තික වකුගඩු රෝගය හරියට යක්ෂයෙක් වගේ. නිරන්තරයෙන්ම රජරට ගොවි බිම්වලට ඉව අල්ලනවා. මිනිස් ජීවිත බිලි ගන්නවා. දවසින් දවස එකා දෙන්නා ලෙඩින් වැටෙනවා. දරු පවුල් පිටින් හිඟමනට වැටෙනවා. අන්තිමට මියෑදිලා යනවා. ඈත ගොවි බිම්වල භීතියක් පැතිරෙමින් යනවා. මාරයා ළඟ ළඟම එනවා!
මිනිස්සු හූල්ලනවා. මේකට පිළිසරණක් නැද්ද? කියලා අහනවා. ජීවිත කාලයක් මුළුල්ලේ රටවැසියන්ට බත හදාපු ගොවියන්ට අන්තිමට ඉතුුරු වෙන්නේ ඉස්පිරිතාලේ දුක් විඳලා මැරෙන එක විතරක් ද? අවුරුදු පණහකට වඩා වැඩි කාලයක් තිස්සේ මහ පොළොවට වහ දාලා කරපු ගොවිතැන අද සාපයක් වෙලා. ‘වකුගඩු රෝගේ’ කියන යක්ෂයා ඉපදුනේ ඒකෙන්. දැන් මුලූ රටම ඒක දන්නවා. ඒත් රෝගේට විසඳුමක් නෑ! ලෙඩේ හැදෙනවා, ඉස්පිරිතාලේ යනවා, මියෑදෙනවා!
ඒත් දැන් පොඩි විසඳුමක් තියෙනවා. ඒ තමයි, ‘රන් කහවණු’!
වරදවා වටහා ගන්න එපා. මේක මාරාන්තික වකුගඩු රෝගෙට බෙහෙතක් නෙවෙයි. ආහාරමය පිළියමක්. රන් කහවණු බත් එක දිගට කාපුවාම ලෙඬේ නැතිව යනවා! මේක ගොවීන් විසින්ම සොයා ගත් පිළියමක්. රන් කහවණු’ සම්බන්ධයෙන් ගොවි නායක කවුඩුල්ලේ ජයතිස්සගේ ‘සාක්ෂිය’ සටහන් කරන්නේ ඒ නිසයි.
මාරාන්තික 2009 අවුරුද්ද
‘2007 අවුරුද්ද විතර වෙද්දි මට යම් යම් අසනීප තිබුණා. ‘සීනි’ අමාරුවත් තිබුණා. වරින්වර කකුල් ඉදිමෙනවා. දණහිස් රිදෙනවා. කුඹුරේ නියරට නැග ගන්නෙත් අමාරුවෙන්. නියරෙන් ගොඩට එන්නෙත් අමාරුවෙන්. ඒත් මම වැඩිය ගණන් ගත්තේ නෑ. ඔය වෙද්දි මට ගොවි සමුළුවකට ඉන්දියාවේ යන්න අවස්ථාව ලැබෙනවා. ඒ යද්දිත් ඇවිද ගන්න අමාරුයි. එහේ කෝච්චිවලට නැග ගත්තෙත් අමාරුවෙන්’.
‘2009 අවුරුද්දේ කවුඩුල්ලේ ගෙදරදි මාව පොළෙඟෙක් කෑවා. මට හොඳටම අමාරු වුණා. පොළොන්නරුව ඉස්පිරිතාලෙට ඇතුළු කළා. පොළොන් විස නිසා මට තිබුණු ලෙඬේ ඇවිස්සුණා. මුත්‍රා සමග ලේ යන්න ගත්තා. දවසකට පැය හතර ගානේ ‘ඩයලසිස්’ (රුධිර කාන්දුපෙරන ක්රියාවලිය) කළා. දවස් විස්සක් රෝහලේ හිටියා. ඒ වෙලාවේ තමයි දොස්තර මහත්තුරු කිවුවේ, කලිනුත් මට වකුගඩු ලෙඩේ තිබිලා තියෙනවා, පොළොන් විස නිසා ඒක තවත් ඇවිස්සුණා කියල. පස්සේ මම මහනුවර රෝහලේ ‘වසීර්’ කියන දොස්තර මහත්තයාගෙනුත් බේත් ගත්තා.’
‘ඔය වෙද්දිත් මා ලඟ සුුවඳැල්, හීනැටි, ආදී පැරණි වී වර්ග ටිකක් තිබුණා. මම ඒවා වගා කරමිනුයි හිටියේ. ඒවා අතර ‘රන් කහවණුත්’ තිබුණා. ඒවායේ බිත්තර වී ගෙනාවේ දඹුල්ලේ රංගිරි පන්සලෙන්. රංගිරි ගොවි සංවිධානෙන්. රන් කහවණු කෑවාම සීනි බහිනවා කියලයි ඒ අය කිව්වේ. මම මේකත් වගා කරමින් ආවා. ඊට පස්සේ මම දිගටම ‘රන් කහවණු’ බත් කන්න පටන් ගත්තා. ‘රන් කහවණු’ වකුගඩු ලෙඬේටත් හොඳයි කියලා අදහසක් කවුදෝ කියලාත් තිබුණා’
‘රන් කහවණු’ කියන්නේ මාස හතරෙන් පූදින දේශීය සම්බා වර්ගයක්. ඒක සුදු හාලක්. මම දිගින් දිගටම ඒවා කෑවා. කැඳ බිව්වා. රාණි (බිරිඳ) නිතරම කැඳ හදලා දුන්නා. මුලින්ම ‘සීනි’ බැස්සා. ඊට පස්සේ වකුගඩු ලෙඩේ අඩු වෙන්න පටන් ගත්තා. ‘ඩයලසිස්’ කරන අවශ්යතාවය නැතිව ගියා. පස්සේ දොස්තර මහත්තුරු විස්තර ඇහුවා. මම කිව්වා ‘රන් කහවණු’ බත් කෑවා කියලා. දැන් මට වකුගඩු ලෙඬේ හොඳයි. මම වරින්වර චෙක් කරලාත් බලනවා. ඒත් ලෙඬේ හොඳටම පාලනය වෙලා කියලයි දොස්තර මහත්තුරු කියන්නේ’
‘වකුගඩු ලෙඬේ හැදුණු තවත් සමහර අය මගෙන් රන් කහවණු හාල් අරන් යනවා. ඒ අයටත් ලෙඬේ හොඳ වෙලා. දැන් මම දිගින් දිගටම කන්නේ රන් කහවණු හාල්වල බත්. බී. ජී. වී වර්ගවල හාල් කන්නෙම නැති තරම්. වකුගඩු ලෙඬේට මේක දිගටම කන්න ඕනෑ. එතකොටය ප්‍රතිඵල තියෙන්නේ’, ජයතිස්ස මහතා කියන්නේ ය.
2017/04/11.
No comments:
Post a Comment