Followers

Friday 28 April 2017

කරල් පැදුර-බස්නාහිර පළාත

කරල් පැදුර-බස්නාහිර පළාත

දේශීය පාරම්පරික වී වර්ග

වස-විසෙන් තොරව  වගා කරන,

ඉන් නිපැයෙන සහල් අලෙවි කරන,

සහෝදර ගොවීන්ට මග පෙන්වන

පුරෝගාමී ගොවි ක‍්‍රියාකාරිකයන් සහ මුල් පෙළේ ගොවීන්ගේ නාම ලේඛනය


කොළඹ දිස්ත‍්‍රික්කය
01-සුගත් චන්ද්‍රසිරි මහතා
සුුගත් චන්ද්‍රසිරි මහතා, වස විසෙන් තොරව  දේශීය පාරම්පරික වී වර්ග වගා කරන ගොවීන් සමග සම්බන්ධීකරණ කටයුතුවල නිරතව සිටින්නෙකි. ඔහු කෘෂි සම්පත් හා දේශීය බීජ සුරැුකීමේ ගොවි සම්මේලනයේ ද සාමාජිකයෙකි. ගොවීන්ට බිත්තර වී සපයා දීම, වි අස්වනු අලෙවියට උදව් කිරීම, සහල් අලෙවිය සම්බන්ධීකරණය කිරීම සහ වගා කටයුතු සඳහා මගපෙන්වීම ආදිය ඔහු වෙතින් ඉටු වන කාරණා අතර වේ.
ලිපිනය- 
රන් හෙළ අලෙවි මධ්‍යස්ථානය
අංක-180, ටෙම්ප්ලර් පාර, 
බේකරිය හන්දිය, අත්තිඩිය (රත්මලාන)
සම්බන්ධීකරණය-සුගත් චන්ද්‍රසිරි මහතා (දුරකතන-077-9587748)

ගම්පහ දිස්ත‍්‍රික්කය
01-සිසිල් රණසිංහ මහතා
සිිසිල් රණසිංහ මහතා හීනැටි වී වර්ග වගා කරන ගොවියෙකි. මහර, උඩ තුත්තිරිපිටිය, සියනෑ ගොවි සංවිධානයේ සාමාජිකයෙකි.
ලිපිනය-යටියන, මිනුවන්ගොඩ.

02-ඩග්ලස් ජයවීර මහතා
(සභාපති-සියනෑ ගොවි සංවිධානය-උඩ තුත්තිරිපිටිය, මහර)
පාරම්පරිකව තනි තනි වශයෙන් දේශීය වී වර්ග වගා කරමින් සිටි ගොවීන් ද සමග එක්ව, වර්ෂ 2015 දී පමණ සියනෑ ගොවි සංවිධානය පිහිටුවා ගන්නා ලදී.  එයට සම්බන්ධ ගොවීහු, මහ මාවී, හීනැටි ආදී දේශීය පාරම්පරික වී වර්ග ගණනාවක්ම වගා කරමින් සරු අස්වනු නෙලා ගනිති.

මහ පොළොව, එහි සාර උරුමයන් ද සමගින් රැුක ගැනීමත්, අධ්‍යාත්මික ශක්තිය (සිතේ ශක්තිය) තුළින් දිරිමත්ව වගා කටයුතු කිරීමත්, දේශීය පාරම්පරික වී වගාවේ පදනම බව ජයවීර මහතාගේ අත්දැකීමයි.

සියනෑ ගොවි සංවිධානයේ ගොවීහු බිත්තර වී මෙන්ම සහල් ද අලෙවි කරති. වගාවට කැමති අය සඳහා උපදෙස් ද සපයති.
ලිපිනය
ඩග්ලස් ජයවීර මහතා, 
අංක-214, වරපලාන, 
උඩ තුත්තිරිපිටිය (මහර)
දුරකතන-033-2279075/077-5301688.

03- ඩබ්ලිව්. පී. විමලදාස මහතා
(මිනුවන්ගොඩ, මුල්ලපිටිය ගොවි සංවිධානයේ සාමාජික)

ඩබ්ලිව්. පී. විමලදාස මහතා වසර 40ක පමණ කාලයක් තිස්සේ දේශීය පාරම්පරික වී වර්ග වගා කරමින් සිටින ගොවියෙකි. වස විසෙන් තොරව ඔහු විසින් වගා කරන වී වර්ග අතර, සුවඳැල්, රත්දැල්, රත්කඳ ඇල්, වෙද හීනැටි, රන්තැඹිලි ඇල්, මසුරන්, කළු හිනැටි, සුදු හීනැටි, පච්චපෙරුමාල්, වෙල්ලවිලන්ගන්, සින්නායගම්, හිච්චි නංගි, හැටදා වී, පොකුරු සම්බා සහ ගජමුතු සම්බා ආදිය ද වේ.

සිය වී වගා කටයුතු සඳහා පිරිත්, කෙම් ක‍්‍රම සහ ගුප්ත විද්‍යා පිළිවෙත් ආදිය ද භාවිත කිරීම විමලදාස මහතාගේ සිරිතයි. දේශීය පාරම්පරික වී වගාව සඳහා එයින් මහත් පිහිටක් ලැබෙන බව ඔහුගේ අදහසයි. අත්දැකීමයි.

සහෝදර ගොවීන්ට වගා උපදෙස් සැපයීම, අවශ්‍ය අයට බිත්තර වී සැපයීම සහ ගොවීන් උනන්දු කරවීම ද ඔහු අතින් සිදු වෙයි. විවිධ ලෙඩ රෝග සමනය කිරීම සඳහා දේශීය සහලින් සැකසෙන කැඳ වට්ටෝරු සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ පුළුල් දැනුමකි. විමලදාස මහතා, මිනුවන්ගොඩ, වෙළෙඳ සංකීර්ණයෙහි, ‘පාරම්පරික සහල් මධ්‍යස්ථානය’ නමින් දේශීය සහල් ඇතුළු ගොවි ද්‍රව්‍ය අලෙවිසැලක් ද පවත්වා ගෙන යයි.
ලිපිනය
ඩබ්ලිව්. පී. විමලදාස මහතා, 
අංක 2/12, ජාපාලවත්ත, මිනුවන්ගොඩ.
(දුරකතන අංක-077-4345311 සහ 011-2295978)

04-අරුණ සුරවීර මහතා
(ඉහළ ලූණුගම ගොවි සංවිධානයේ සහ සියනෑ ගොවි සංවිධානයේ සාමාජික)
 

අරුණ සුරවීර මහතා දැනට දශක දෙකක දෙකහමාරක පමණ කාලයක සිට දේශීය පාරම්පරික වී වර්ග, වස විසෙන් තොරව  වගා කරමින් සිටින ගොවියෙකි.
ඔහු වැඩි අවධානයක් යොමුකර ඇත්තේ පාරම්පරික මා වී වගාවට ය. හෙතෙම පාරම්පරික මා වී ගොවියෙකි. වර්තමානයේ ඔහු වගා කරන්නේ ‘මහ මා වී’ නමැති පපාරම්පරික මා වී ප්‍රභේදයයි. ඊට පෙර ඔහු වගාකර ඇත්තේ ‘කුරු මා වී’ නම් පාරම්පරික ප‍්‍රභේදයයි.
 

සිිය ගොවි සංවිධාන කටයුතු ඔස්සේ ගොවීන් පුහුණු කිරීමට දායකත්වය ද සපයන අරුණ සුරවීර මහතා, දේශීය සහල් අලෙවිය සහ බිත්තර වී සැපයීම ද සිදු කරයි.
ලිපිනය
අරුණ සුරවීර මහතා, 

අංක 92, ඉහළ ලූණුගම, මණ්ඩාවල.
 (දුරකතන-011-2056333/072/4843567*
(2017/04/29)


කළුතර දිස්ත‍්‍රික්කය
01-මතුගම සෙනෙවිරුවන් මහතා
හරිත විප්ලවයේ නවීන රසායනික කෘෂි කර්මාන්තයට හසුව, 1960 දශකයෙන් පසුව දේශීය පාරම්පරික වී ගොවිතැන මෙන්ම පැරණි වී වර්ග ද අභාවයට ගියේ ය. එහෙත් නවීන ගොවිතැනට කැමති නොවූ ග‍්‍රාමීය ගොවීන් සුළු පිරිසක් පැරණි වී වර්ග සහ දේශීය ගොවිතැන අත් නො හැරියහ.


මේ අතර, නව වැඩිදියුණු කළ වී වර්ග සහිතව කෙරෙන, නවීන රසායනික ගොවිතැන මනුෂයයන්ට සහ මහ පොළොවට හිතකර නො වන බවට සමාජ කතිකාවක් ද ගොඩනැගී තිබිණි. සෙනෙවිරුවන් මහතා ද එයට අවධානය යොමු කළේ ය. ඉන් පසුව ඔහු දේශීය පාරම්පරික වී වර්ග සංරක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කළේ ය. ඒ ස`දහා ඒවා යළිත් ගොවීන් අතර ප‍්‍රචලිත කළ යුතු විය.

ඔහු ගම්වල ඇවිද, පැරණි වී වර්ග අත් නො හැරි ගොවීන් හමු විය. ඔවුන් ගෙන් වී වර්ග ඉල්ලා ගෙන අවුත්, තම කුඹුරේ වගා කළේ ය. වස විසෙන් තොර ගොවිතැනක් අත්හදා බැලී ය. එකතු කළ පැරණි වී වර්ග ගොවීන් අතර බෙදා දෙමින්, යළි පැරණි ගොවිතැනට පණ දෙන්නට වෙහෙසුණේ ය.

‘මතුගම සෙනෙවිරුවන් මහතා’ පැරණි වී වර්ග එකතුකර, ඒවා යළි ගොවීන් අතර බෙදා දෙමින්, වස-විසෙන් තොර දේශීය පාරම්පරික වී ගොවිතැන යළි රටට ස්ථාපිත කරන්නට ඉමහත් මෙහෙවරක් කළ ගොවි සහෘදයෙකි. වර්ෂ 1984 පටන් දේශීය වී වගාව ගැන උනන්දුවෙන් පසුවූ කෙනෙකි. ඔහු මුලින්ම අවධානය දක්වා ඇත්තේ ‘මා වී’ සම්බන්ධයෙනි.
ඔහු පැරණි වී වර්ග එකතු කිරීම සහ ගොවීන් අතර බෙදා දීම ආරම්භ කළේ වර්ෂ 1987 දී පමණ ය. පසුව ඔහු ‘සරුකෙත ඔසු සහල් ව්‍යාපාරය’ ආරම්භ කළේ ය. රට පුරා ඇවිදිමින් පැරණි වී වර්ග එකතු කිරීමත්, ඒවා යළි බෙදා දෙමින්, දේශීය වී ගොවිතැනට ගොවීන් පුහුණු කිරීමත් ඔහු අතින් සිදු විය. එසේම තමන්ගේ කුඹුරු ද වගා කරමින් වී වර්ග රාශියක් සංරක්ෂණය කරන්නට උර දුන්නේ ය.

පැරණි වී වර්ගවල රුවගුණ අරභයා සම්ප‍්‍රදායික දැනුම එක්රැස් කීරීම ද, වගාවේ දි විවිධ අත්හදාබැලීම් කිරීම ද, ඔහු අතින් සිදු වූ මෙහෙවරකි. හෙතෙම ප‍්‍රකට ලේඛකයෙකි. දේශීය වී ගොවිතැන සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇත්තෙකි.
ලිපිනය
මතුගම සෙනෙවිරුවන් මහතා, 
ගලබඩයාවත්ත පාර, මතුගම. 
(දුරකතන-034-2248667/071-4287695)

No comments:

Post a Comment