Followers

Friday 7 April 2017

ලංකාව යළි දේශීය පාරම්පරික සහලට සහ බතට යොමු විය යුත්තේ ඇයි?-04




වස විස නැති දේශීය 
 වී ගොවිතැන යළි ඉපදෙයි!
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
එහෙත් ලංකාවේ ඇතැම් රාමීය රදේශවල සිටි වී ගොවීන් සුළු පිරිසක්, නවීන ගොවිතැනට සහ නව වී වර්ගවලට කැමති නො වූහ. ඒවායෙහි බතට කැමති නො වූහ. එබැවින් ඔවුහු තවදුරටත් දේශීය පාරම්පරික වී රභේද, කාබනිකව වගා කරමින් සිය ආහාර සරිකර ගත්හ. දේශීය පාරම්පරික වී වර්ග බොහොමයක් ඔවුන් අත සුරැුකිණි.

වර්ෂ 1970 දශකය අග භාගයේ පටන් පුරෝගාමී ගොවීන් කිහිප දෙනෙකුට, නව රසායනික වී ගොවිතැනෙහි යම් ආරවුලක් ඇති බව වැටහී යමින් තිබිණි. ඔවුහු ඈත ගම්වල සිටි ගොවීන් ගෙන්, පැරණි වී වර්ගවල බීජ එක් රැුස් කරන්නට වූහ. ඒවා සංරක්ෂණය පිණිස කාබනිකව වගා කරන්නටත්, සහෝදර ගොවීන් අතර බෙදා දී ව්යාප්ත කරන්නටත් මහත් උත්සාහයක යෙදුණහ. එය සංවිධානාත්මක, පුළුල් අරමුණු සහිත ව්යාපාරයක් විය. එකල රාජ් නො වන සංවිධාන කිහිපයක් ඔවුන් සමග එක් විය. වස විස සපිරි නවීන ගොවිතැන නිසා, මනුෂ්යයාට , පරිසරයට ඇතිවන අයහපත මකා දැමීම ඔවුන්ගේ අදිටන විය. ඇලෙක්ස් තන්තරිආරච්චි සහ මතුගම සෙනෙවිරුවන් යන සමාජ රියාකාරිකයන් එහි නියමුවන් වූහ.

ඔවුන්ගේ , තවත් ගොවීන්ගේ උත්සාහය නිසා, අද වන විට (2017) දේශීය පාරම්පරික වී වර්ග 600ක් පමණ රටට ඉතිරිව තිබේ. රට පුරා ගොවීන් විශාල පිරිසක් දැන් ඒවා කාබනිකව වගා කරමින් සිටිති. වසර 2000 දශකය අග භාගයේ පටන්, දේශීය පාරම්පරික වී වර්ග වස විසෙන් තොරව වගා කිරීම හා රාජ් අනුගරහය ලැබෙමින් තිබෙන්නේ .

නිදාන කතාව
දේශීය පාරම්පරික සහලෙහි ඖෂධීය සහ පෝෂණීය ගුණ බහුලව ඇතැයි යන්න, ඉතා පැරණි කතිකාවකි. දේශීය සහ ආයුර්වේද වෛද් රතිකාර රියාවලියේ දී අනාදිමත් කාලයක් මුළුල්ලේ ඒවා භාවිත කෙරිණි. එසේම ජන භාවිතාවේ දී ඒවා ඉහළින්ම යොදා ගැනුණි. දේශීය පාරම්පරික සහල් අරභයා මහජනතාව සතුව පැවති දැනුම් සම්භාරය ඉතා විශාල .

එබැවින් නවීන සහලේ බත රිය නො කරන උදවිය අතර, රම රමයෙන් වස විසෙන් තොර දේශීය පාරම්පරික සහල් භාවිතා කිරීමේ රවණතාවයක් හට ගත්තේ . වස විස සහිත ගොවිතැන ඉවත දැමිය යුතුයයන  අදහස රමයෙන් සමාජගත වන්නට වූයේ .

මේ අතර 1990 දශකයේ සිට රටේ වියලි කලාපීය පෙදෙස්වලින්  මාරාන්තික වකුගඩු රෝගය ඉස්මතු වන්නට පටන් ගත්තේ . පිළිකා, දියවැඩියාව ඇතුළු බෝ නො වන රෝග බහුලව පැතිරෙන්නට විය. එයින් වස විසට එරෙහිව විශාල සමාජ කතිකාවතක් ඇති විණි. නවීන රසායනික ගොවිතැන ඔස්සේ මහ පොළොවට වස විස කලවම් වීමෙන් ලෙඩ රෝග පැතිරෙන බව නව පර්යේෂණ මගින් හෙළිදරව් විය. මාරාන්තික වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ ආචාර්ය චන්න ජයසුමන මහතා, අතර කැපී පෙනුණි.

දැන් රටේ වැඩි දෙනෙක්, වස විස සහිත ගොවිතැනින් ඉවත් විය යුතු යයි කල්පනා කරති. සම්බන්ධයෙන් කතිකා කරමින් සිටිති. බොහෝ දෙනෙක්, වස විස රහිතව දේශීය පාරම්පරික වී ගොවිතැන් කරන්නට පෙළඹී සිටිති. විශාල පිරිසක් වස විස නැති දේශීය පාරම්පරික සහල් සොයා ගන්නට වෙහෙසෙති. ඒවා අනුභව කරන්නට පුරුදුව සිටිති. සීමා සහිතව වුව , දේශීය පාරම්පරික වී වර්ග යළිත් ගොවිබිම්වලට පැමිණෙමින් තිබේ. ව්යාප්ත වෙමින් තිබේ.
(ඉතිරි කොටස 05 වැනි ලිපියෙන්)
(වස නුමුසු බතක අරුමැසි වරුණ ග්‍රන්ථය ඇසුරිනි.)
2017.04.06.

No comments:

Post a Comment