Followers

Friday 21 April 2017

හීනැටි බත් සහ කාබනික පොහොර පිළිබඳ අත්දැකීම්


සිසිල් රණසිංහ ගොවි මහතා, යටියන, මිනුවන්ගොඩ.

‘හීනැටි’ කියන්නේ බොහොම 

ගුණදායක හාල් වර්ගයක්. 


රජවරුන්ගේ කාලයේ ගෝඨයිම්බර යෝධයා මිනුවන්ගොඩ,  ‘දාගොන්නේ’ ඉඳලා ‘පෙතියාගොඩට’ යනකල් කුඹුරු වැපිරුවාය කියලා ජනප‍්‍රවාද කතා තියෙනවා. එයා වැපිරුවයි කියන්නේ ‘හීනැටි’. හීනැටි හාලේ බත් කෑවාම, තුවාල ඉක්මණින් හොඳ වෙනවා. පැරණි කාලේ හීනැටි වී වර්ග 21ක් තිබිලා තියෙනවා. ගැමුණු කුමාරයාගේ හමුදාවට හීනැටි කැවුම් කන්න දුන්නාය කියලා මම අහලා තියෙනවා. ‘මහ හීනැටි’ කියන වී වර්ගය මාස හයකින් පූදිනවා’
 

පොහොර භාවිතය
‘මම දේශීය පාරම්පරික වී ගොවිතැනට පෙළඹුණේ 2012 අවුරුද්දෙදියි. ඒ හමුදාවෙන් විශ‍්‍රාම ගියාට පස්සේ. දැනට මම ‘හීනැටි’ සහ ‘මා වී’ වගා කරනවා.’
 

‘පැරණි වී වර්ග පැළකර ගන්න දින දෙකක් දියේ පොඟවන්න  ඕනෑ. ඒවාට කාබනික පොහොර දමන්න  ඕනෑ. පොහොර හදා ගන්නේ මෙහෙමයි.’
 

‘පොහොරවලට අපි කුකුල් පොහොර, ගොම, ග්ලිරිසීඩියා කොල, පිදුරු, කැප්පෙට්ටියා කොල, බාලොලියා කොල සහ හාල් නිවුඩු ආදිය යොදා ගන්නවා.’
 

‘ගොම, කුකුල් පොහොර සහ පිදුරු අත් ට‍්‍රැක්ටර් එක බැගින් දාන්න  ඕනෑ. ග්ලිරිසීඩියා කොල, කැප්පෙට්ටියා කොල, බාලොලියා කොල ගෝනි එක බැගින් දාන්න  ඕනෑ. හාල් නිවුඩු කිලෝ 30ක්  ඕනෑ. මේවා වතුර දාලා, කලවම්කරලා, ගොඩ ගහනවා.’
 

‘ගොඩ ගහනකොට ඒක නැගෙනහිර සහ බටහිර දිසා අතර, හරියට මිනී වළක පස් කන්ද වාගේ සකස්කර ගන්න අවශයයි. එතකොට පොහොර ගොඩ  දින 14-21 අතර කාලයකදි දිරාපත් වෙනවා. ඒක පහසුවක්’
 

‘අපි වපුරනකොට ‘සබ්බපාපස්ස අකරණං’ ගාථාව කියනවා. ගොයම පුරහඳ කාලෙට කිරි වදින විදිහට වැපිරුවාම, ගුරුත්වාකර්ෂණය වැඩියි. මා වී පූදින්නේ නොවැම්බර් මාසේ අගට එන සීතලටයි. ඒක සීත කාලෙට ක‍්‍රියාත්මක වෙන එන්සයිමයකින් කෙරෙන බව මම අහලා තියෙනවා’
(2017/03/27 දින රිවිර පුවත්පතට, නාරද කරුණාතිලක මහතා ලියූ ලිපියක් ඇසුරිණි.)

No comments:

Post a Comment