Followers

Showing posts with label පුවත් අහුර. Show all posts
Showing posts with label පුවත් අහුර. Show all posts

Friday, 6 December 2019

ජාතික පාරිසරික ගොවි සම්මේලනයේ ප්‍රථම වාර්ෂික මහා සභාව දෙසැම්බර් 14 වැනි දා වාරියපොල දී

 ජාතික පාරිසරික ගොවි සම්මේලනයේ 
ප්‍රථම වාර්ෂික මහා සභාව
දෙසැම්බර් 14 වැනි සෙනසුරාදා වාරියපොළ දී



ජාතික පාරිසරික ගොවි සම්මේලනයේ ප්‍රථම වාර්ෂික මහා සභාව, දෙසැම්බර් 14 වැනි සෙනසුරාදා වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රජමහා විහාරයේ දී පැවැත්වේ.

මහා සභාව පැවැත්වෙන්නේ සම්මේලනයේ සභාපති උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, එප්පාවල ගල්කන්ද පුරාණ විහාරාධිපති මහාමාන්කඩවල ශ්‍රී පියරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
වස විස නැති දේශීය වී ගොවිතැන සහ වස විසෙන් තොර ආහාර ප්‍රචලිත කිරීම මුල්කර ගනිමින් ජාතික පාරිසරික ගොවි සම්මේලනය ඇරඹිණි.

වස විසෙන් තොරව වගා කළ දේශීය සහල් සහ එළවලු ආදී ගොවි නිෂ්පාදන ද අලෙවි කරන කුඩා පොළක් ද එදින පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සම්මේලනයේ ලේකම් ටී. වී. ප්‍රිය. පීරිස් මහතා සඳහන් කරයි.



000000000000000000000000000000000000000


Saturday, 19 October 2019

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නාමකරණය කෙරේ

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නමයක් නිවැරදිව නාමකරණය කෙරේ

 




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නමයක් නිවැරදිව නාමකරණයකර, ගොවීන්ට හඳුන්වා දීමේ විද්වත් සභාවක් ඊයේ (ඔක්තෝබර් 17), කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
 

විද්වත් සභාව සංවිධානයකර තිබුණේ, හෝමාගම, කටුවාන පාරේ ‘පාරම්පරික බීජ හා ගොවි උරුමයන් සුරැුකීමේ ව්‍යාපාරය’ වෙනුවෙන් පී. ගුරුසිංහ මහතා විසිනි.
 

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද වගා කිරීමේ ක්ෂේත‍්‍රයේ ගොවි සංවිධාන නියෝජනය කරමින්, උතුරුමැද පළාතේ ප‍්‍රධාන සංඝනායක මහාමාන්කඩවල පියරතන හිමියන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්, මතුගම සෙනවිරුවන්, කවුඩුල්ලේ ජයතිස්ස ඇතුළු ගොවි ක‍්‍රියාකාරිකයන් ද, කාර්මික තාක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර, උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයේ ආචාර්ය ඩබ්ලිව්. එල්. ඞී. සමරසිංහ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එම්. ඒ. ඞී. ප‍්‍රශාන්ත, ආචාර්ය පහන් ගොඩකුඹුර ඇතුළු පර්යේෂකයන් ද, පේරාදෙණිය ගන්නෝරුවේ පැලෑටි සහ ජාන සම්පත් මධ්‍යස්ථානයේ නිලධාරීන් මෙන්ම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු සහ පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරීන් ද විද්වත් සභාවට එක්ව සිටියහ.
 

ගොවීන්ගේ හඳුන්වාදීම් අනුව තෝරා ගෙන, ප‍්‍රභේද නිවැරදිතාවය විද්‍යාත්මකව සහතික කළ වී ප‍්‍රභේද නමයක ‘බිත්තර වී’ ගොවීන්ට බෙදා දීම ද මෙහි දී සිදු විය.
 

ඒ අනුව ප‍්‍රභේද නිවැරදිතාවය සහතික කළ පාරම්පරික වී වර්ග මෙසේ ය.
 

01-හේරත් බණ්ඩා-රතු සහල්/මාස-හතර-හතර හමාර-නාමකරණ අංකය-ACC⌗006421
 

02-සූදුරු සම්බා-මාස-හතර-හතර හමාර
 

03-කලූ හීනැටි-මාස-හතර-හතර හමාර-නාමකරණ අංකය-ACC⌗006713
 

04-කුරුලූ තුඩ-මාස-හතර-හතර හමාර-නාමකරණ අංකය-ACC⌗005416
 

05-පච්චපෙරුමාල්-මාස-තුන හමාර-හතර-නාමකරණ අංකය-ACC⌗005549
 

06-මඩතවාලූ- මාස-තුන හමාර-හතර- -නාමකරණ අංකය-ACC⌗012391 
 

07-මුරුංගාකායම්-මාස-තුන හමාර-හතර- -නාමකරණ අංකය-ACC⌗006280 
 

08-පොක්කාලි- මාස-තුන හමාර-හතර- -නාමකරණ අංකය-ACC⌗004160 
 

09-සුවඳැල්- මාස-තුන හමාර-තුන- නාමකරණ අංකය-ACC⌗013300
 

දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නිවැරදිව නාමකරණය කර ව්‍යාප්ත කිරිමේ වැඩ පිළිවෙල දිගට ම පවත්වා ගෙන යන බව විද්වත් සභාවේ දී ප‍්‍රකාශ විණි.
2019/10/17

Saturday, 24 November 2018

මසුරන් බත් ජනගත වෙයි


වාරියපොළ ගොවි සමුළුව දෙසැම්බර් 08 වැනි දා


වාරියපොළ ගොවි සමුළුව දෙසැම්බර් 08 වැනි දා

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
වස විසෙන් තොර දේශීය සහල්, එළවළු ආදී ආහාරවලට රට පුරා ඇති ඉල්ලූම විධිමත් ලෙසත්, විශ්වාසවන්තවත් සපුරා  දීමේ ක‍්‍රමවේදයක් පිළිබ කතිකාකර,  එයට වැඩ පිළිවෙලක් සකස්කර ගැනීම සහා පවත්වන ගොවි සමුළුවක්’, දෙසැම්බර් 08 වැනි දා උදේ 8.30, වාරියපොළ, ශ‍්‍රී සුමංගල මහ පිරිවෙණෙහි දී ආරම්භ වේ.

ගොවි සමුළුව පැවැත්වෙන්නේ, උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ද්විතීය සංඝනායක, එප්පාවල, ශ‍්‍රී ඛෙත්තාරාම මහා විහාරාධිපති මහාමාන්කඩවල පියරතන නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙනි. මේ සහා රට පුරා විසිරී සිටින වස විසෙන් තොරව, කාබනිකව ගොවිතැන් කරන ගොවීන් විශාල පිරිසකට ආරාධනාකර තිබේ.

වස විසෙන් තොරව ගොවිතැන් කරන ගොවීන්ගේ තාක්ෂණික ගැටලූ නිරාකරණයකර ගැනීම, නිෂ්පාදන අලෙවිය පිළිබ ගැටලූ ජය ගැනීම සහා සමුපකාර ක‍්‍රමයක් බිහිකර ගැනීම සහ විධිමත් සංවිධාන ජාලයක් ගොඩනගා ගැනීම ආදී කාරණා රැුසක් සමුළුවේ දී සාකච්ඡාවට ගැනීමට නියමිත ය.