Followers

Monday 10 April 2017

බතක මහිම රන් කහවණු කෙතේයා-01



රන් කහවණු බතෙහි අබිරහස

 

වියලා සකස් කළ රන් කහවණු පඳුරක්-පින්තූරය-අශෝක ප්‍රනාන්දු


 





(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පැරණි වී වර්ග වගා කරන අලූත් රැල්ලේ ගොවීන් බොහොම දෙනෙක්, දැන් විශ්්මිත ගුණ සහිත බතක් උපදවන එක්තරා ධාන්‍ය බෝගයක් ඉමහත් හරසරින් වගා කරනු පිණිස පේවී සිටිති. ගොඩ-මඩ දෙකෙහිම වගා කළ හැකි එහි නාමය පවා යම් උසස් සහ සෞභාග්‍යවත් බවක් දනවන්නේ . විශේෂයෙන් රජරටත්, වී වගා කරන රටේ සෙසු පළාත්වලත් දැන් එම වී වර්ගය අරභයා විශාල කතිකාවතක් ගොඩ නැගී ඇති සැටි දක්නට ලැබේ. වී වර්ගය, නමින් රන් කහවණු . රන් කහවණු වූ කලී, ලංකාවේ ඉපැරණි දේශීය පාරම්පරික සම්බා වී්‍රභේදයකි.

හරිත විප්ලවයේ කෙණිහිලිකම්වලට හසුව මෙතෙක් කලක් සැවී පැවති රන් කහවණු, යළිත් කරළියට පැමිණ ඇත්තේ  විශේෂ කාරණයක් නිසා . ඉන්, වර්තමානයේ රජරට ඇතුළු කෘෂිකාර්මික ්‍රදේශවල පැතිර යන මාරාන්තික වකුගඩු රෝගයට සහනයක් සලසතියි යන අදහස, විශේෂ කාරණයයි. රන් කහවණු වියෙහි බත බුදීමෙන් වකුගඩු රෝගය පාලනය වන බව, තවම විද්‍යාත්මකපර්යේෂණයකින් නම් හෙළිකර ගෙන නැති බව ඇත්ත . එහෙත් රන් කහවණු විය වගා කරන ගොවීහු , එහි බත අනුභව කරන මහජනයා , එහි මාරාන්තික වකුගඩු රෝගය පාලනය කරන ගුණයක් ඇති බව තරයේ විශ්වාස කරති

 වෙද මහත්තුරු කන්න කිව්වයි කියලා, වකුගඩු රෝගය වැළණු අය රන් කහවණුසහ මඩතවාලූහාල් සොයා ගෙන එනවා. තවත් සමහරු බිත්තර වී සොයා ගෙන එනවා’, 2013/14 මාස් කන්නයේ වස-විසෙන් තොරව රන් කහවණු වගා කළ පොළොන්නරුව, කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස ගොවි නායකයා කියන්නේ . රජරට පළාතේ වකුගඩු රෝගය වැළඳුනු අය අතර, රන් කහවණු සහලේ බත බෙහෙවින් ජනප්‍රි .

ඇතැම් දේශීය පාරම්පරික වී වර්ගවල බතෙහි රුව-ගුණ සම්බන්ධයෙන්, නවීන ලෝකය ඉල්ලන දත්ත හෝ මූලාශ්‍ර හමුවන්නේ අල්ප වශයෙනි. ඒවා සම්බන්ධයෙන් ්‍රමාණවත් තරම් නවීන විද්‍යාත්මක පර්යේෂණ කෙරී නැතිකම, ඊට හේතුවයි. දේශීය පාරම්පරික වී වර්ගවල ගුණ-වරුණ හන් වන්නේ, පැරණි වෙද පොතෙහි, බේත් සීට්ටුවෙහි හෝ පර්යේෂණයෙහිම නොව, ‘ජන භාවිතාවෙහි.  

කොළඹ, කාර්මික තාක්ෂණ ආයතනය 2006/2009 සමයේ දේශීය පාරම්පරික වී වර්ග 25 රුව-ගුණ සොයා පර්යේෂණයක් ඇරඹී . එයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහාය ලැබිණි. පර්යේෂණයේ වාර්තාව 2011 වසරේ නිකුත් කෙරිණි. ඇතැම් දේශීය පාරම්පරික වී වර්ග අරභයා ජන භාවිතාවෙහිපැවති කරුණු බොහොමයක් පර්යේෂණය මගින් සනාථ විය
 සුවඳැල්, කළු හීනැටි, රත් හැල් සහ ගෝනබරු යන දේශීය වී සම්බන්ධයෙන් හෙළිවූ කරුණු ඊට නිදසුන් . තවම නිසියාකාර පර්යේෂණවලට ලක් නොවුණ , ‘මා වීපිළිබ කරුණු රාශියක් ජන භාවිතාවෙහිඑයි. එබැවින් රන් කහවණු බත සම්බන්ධයෙන් කතිකා කළ යුත්තේ, මේ සන්දර්භයෙහි පිහිටමිනි.

මාරාන්තික වකුගඩු රෝගයෙන් දැඩි ලෙස ගිලන්ව සිටින අනුරාධපුර දිස්ත්‍රිරික්කය, දැන් දේශීය පාරම්පර්ක වී නිපැයුම් කලාපයක් බවට පත්කර තිබේ. 2014 අප්‍රියෙල් මස මුල් සතියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා බව ්‍රකාශයට පත් කළේ . සාකච්ඡුාවේ දී තවත් කාරණයක් හෙළිදරව් විය. ගෙවී ගිය 2013/14 මාස් කන්නයේ, පදවිය සහ සිරිපුර යන ්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අක්කර 3000 රන් කහවණු, හීනැටි, මසුරන්, සුවඳැල් ඇතුළු දේශීය වී වර්ග 10ක් වගා කෙරුණු බව, කාරණයයි. දීර්ඝ නියං සමය හමාර කරමින් දැන් රටේ වියලි කලාපයට වැසි ලැබෙමින් තිබේ. පැරණි වී වර්ග වගා කරන අලූත් රැල්ලේ ගොවීන් බොහොම දෙනෙක් දැන්, ‘රන් කහවණුවී වගා කිරීමට උනන්දු වෙමින් සිටිති.

ගොවීන්ගේ අත්දැකීමෙහි හැටියට, රන් කහවණු වැඩිමල් විය කි. එනම්, එය ඵල දැරීමට මාස හතරකට ආසන්න කාලයක් ගත වේ. වස-විසෙන් තොරව, පාරිසරිකව හා කාබනිකව වගා කළ කල්හි, එයින් අක්කරයකට වී බුසල් 42ක් හෝ 45 පමණ අස්වැන්නක් ලබා ගත හැකි . රන් කහවණු ගොයම් ගස, සාමාන්‍යයෙන් අඩි 04යි ල් 10ක් පමණ උසින් වැඩෙයි. එයට පළිබෝධ හානි අවම . ගොයම් ගස, ස්වාභාවිකව තමන් විසින්ම වල් මර්දනයකර ගන්නා ගුණයෙන් යුක්ත .

කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස ගොවි නායකයා, රන් කහවණු පිළිබ තම අත්දැකීම් විස්තර කරන්නේ මෙසේ .
මම කළේ වස-විසෙන් තොර පාරිසරික ගොවිතැනක්. කාලාන්තරයක් තිස්සේ වස-විස, රට පොහොර ගහලා දැන් අපේ කුඹුරු පස මැරිලා. මුලින්ම කාබනික ද්‍රව්‍ය දාලා පස යළි පුනරුත්ථාපනයකර ගන්න  ඕනෑ. මම රන් කහවණු වගා කළේ ඒක කරන ගමන්. එහෙම කරලත් හි`ගුරක්ගොඩ මගේ කුඹුරෙන් අක්කරේට බුසල් 45 විතර අස්වැන්නක් ගත්තා. සාමාන්‍යයෙන් අක්කරේකට ගොම හෝ කුකුල් පොහොර ටේලර් 04ක් සහ කොල අතු මිටි 30ක් දමන්න පුළුවන් නම්, බුසල් 60කට වඩා අස්වැන්නක් ගන්න පුළුවන්. මේක වපුරන්න නෙවෙයි, පේලි සිටුවන්න සුදුසු  වියක්. වැපිරුවොත් ගොයම් ගහ  ඕනවාට වඩා උස ගිහින් වැටෙනවා. හිටෙව්වොත් ඒක වෙන්නෙ නෑ. උස අඩුයි. රන් කහවණු ගොයම් ගහේ බූව ගතියවැඩියි. අනෙක ගහ සහ පත හයියයි. යූරියානො දමන නිසා ගොයම් ගසේ මාංසල ගතිය අඩුයි. ඉතින් කෘමි-පළිබෝධ හානි අවමයි. මේ පැත්තේ සමහරු හොරෙන් යූරියාගහලා තිබුණා. ගොයම අඩි 06ක් විතර උස ගිහින් තිබුණා.

සුදු පැහැති සහලක් උපදවන රන් කහවණු විය, නිපයන්නේ ප්‍රියමනාප පෙනුමින් යුත් සම්බා බතකි. එහි විශේෂ රසයක් හෝ සුව`දක් නැත. එහෙත් ආහාරයට ගත් විට කුසට යම් බර ගතියක් දැනෙයි. බොහෝ වේලා යන තුරු කුස ගිනි නො දැනෙයි. ජන භාවිතාවෙහිඑන හැටියට වස-විසෙන් තොරව නිපැයූ රන් කහවනු බත, මාරාන්තික වකුගඩු රෝගයෙන් පෙළෙන උදවියට බෙහෙවින් ගුණදායක . එසේම, හෘද රෝග සහ දියවැඩියාවෙන් පෙළෙන අයට ගුණදායක . එය ඉතා ඉහළ පෝෂණ ගුණයෙන් යුත් බතකි.

කෙසේ වෙතත්, මාරාන්තික වකුගඩු රෝගයෙන් පෙළෙන අයට රන් කහවණුපමණක් නොව, තවත් දේශීය පාරම්පරික වී වර්ග ගණනාවකම බත ආහාරයට සුදුසු බව, රජරට විශ්වවිද්යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාගේ අදහසයි.

වස-විසෙන් තොරව හැදූ දේශීය පාරම්පරික සහල්වල බත වකුගඩු රෝගීනට විතරන් නොවෙයි, කාටත් ගුණදායකයි. පැරණි වී වර්ගවල සහලට විෂ බැර ලෝහ අවශෝෂණය වන්නේත් අඩුවෙනුයි. විශේෂයෙන්ම, රන් කහවණු, මඩතවාලූ, කළු හීනැටි, පච්චපෙරුමාල්, සුවඳැල්, මසුරන්, සූදුරු සම්බා, වැනි දේශීය සහල්වල බත වකුගඩු රෝගීනට ගුණදායකයි,’ ඔහු කියන්නේ .


(ඉරුදින-2014.08.31)

2 comments:

  1. ඉතා වැදගත් තොරතුරු සමූහයකි. මාගේ ඉදිරි කටයුතු සඳහා බෙහෙවින්ම වැදගත් වේ.

    ReplyDelete
  2. ගොඩක් පිං ඔයාලට.

    ReplyDelete