Followers

Thursday 6 April 2017

‘මසුරන් බත්’ ගැන කතිකාව



මසුරන් බත්ගැන අපේ කතිකාව
මසුරන් යනු අප බ්ලොග් අඩවියේ නාමයයි. ජන ව්‍්‍යවහාරයේ හැටියට, ‘මසුරන්යනු අතීත ලංකාවේ පැවති මුදල් (රන් කාසි) විශේෂයකි. එහෙත් අප එය බ්ලොග් අඩවි නාමයට එක්කර ගැනු‍ෙණ්, ‘මුදල්යන අර්ථයෙන් ‍ෙනාවේ. ‘මසුරන් යන නමින් හැඳින්වෙන ලාංකේය පාරම්පරික වීවර්ගයේ රුව-ගුණ වරුණ ගැන කල්පනා කරමිනි. ‘මසුරන්’, ලංකාවේ  දේශීය පාරම්පරික වී නාමාවලියේ ඇති පැරණි වී වර්ගයකි.
දේශී්‍ය පාරම්පරික වී වර්ග වගා කරන වැඩි දෙනෙක් අතර ජනප්‍රිය වී වර්ගය නම්, ‘සුවඳැල්. එසේ වුවත් දැන් මසුරන්ගැන ද කතිකාවක් හට ගෙන තිබෙනු පෙනෙයි.
කාර්මික තාක්ෂණ ආයතනයකළ පර්යේෂණයෙන් සොයා ගත්, බෝ නො වන රෝග පාලනය කෙරෙහි බලපාන දේශීය පාරම්පරික සහල් වර්ග හතරට, ‘මසුරන්ද ඇතුළත්ව තිබීම ඊට හේතුවයි. දික් වී’, ‘ගොඩ හීනැටි සහ සහ සුදු හීනැටි යනු සෙසු දේශීය සහල් වර්ග වේ. පර්යේෂණයේ හැටියට, මසුරන් යනු රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීම සම්බන්ධයෙන් ඉහළම ගුණ දෙන සහල් වර්ගයයි| එය හඳුනා ගෙන ඇත්තේ සහල් වර්ග 40ක් පර්යේෂණයට ලක් කිරීමෙනි.
එබැවින් අප නව බ්ලොග් අඩවියට ද මසුරන්යන නාමය භාවිත කළෙමු. දේශීය පාරම්පරික වී ගොවිතැන සම්බන්ධයෙන් පවතින සියලුම ගුණාත්මක  කතිකාවන් එයින් සංකේතවත් වෙතියි, අපි සිතන්නෙමු.
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර
(සංස්කාරක)
මසුරන් වියෙහි (සහලෙහි) රුව-ගුණ වරුණ මෙසේ ය.
පූදින කාලය-මාස 04කි.

සහලේ වර්ණය-රතු

ප්‍රෝටීන්-සියයට-10.6

මේදය-සියයට-2.7

දෘඪ තන්තු-සියයට-1.0

පිෂ්ඨය-සියයට-73.3

 යකඩ-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Mg/100g-2.4

සින්ක්-(සහල් ග්‍රෑම් 100ක මිලි ග්‍රෑම්)/Zinc Mg/100g-2.5

රුධිර සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරීමේ ගුණය-සියයට-/(Anti-amylase activity) -90.06

දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධ  පාලනය කිරීමේ (වැළැක්වීමේ) ගුණය-සියයට-/(Anti-glycation activity)-91.28

(මූලාශ්‍රය-කාර්මික තාක්ෂණ ආයතනය)

2017.04.07.



No comments:

Post a Comment