දේශීය පාරම්පරික ගොවිතැන
අභාවයට ගිය හැටි
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘හරිත විප්ලවය’ ලෝකයට ව්‍යාප්ත කෙරුණු වර්ෂ 1960 දශකයට පෙර, ශ‍්‍රී ලංකාව පුරා වගා කෙරුණේ දේශීය පාරම්පරික වී ප‍්‍රභේදයන් ය. ඒවා වගා කෙරුණේ ද, කාබනික පොහොර සහ විෂ රහිත, දේශීය විධික‍්‍රම භාවිත කරමිනි. වල් මර්දනය සහ පළිබෝධකයන් මර්දනය පිණිස දේශීය උපක‍්‍රම භාවිත කෙරිණි. වී වගාව එහැමපිටින්ම දේශීය මුහුණුවරක් ගත්තේ ය. එය රටේ වර්ෂාපතන රටාව, ඉපැරණි වාරිමාර්ග පද්ධති, වගා භූමියේ ස්වභාවය සහ සොබාදහමේ විවිධ නියාමයන් සමග ද බැඳී පැවතිණි. නිපැයුණු දේශීය පාරම්පරික වියෙහි අස්වැන්න, පෝෂණීය මෙන් ඹෟෂධීය ගුණයෙන් ද පිරිපුන් විය.
එහෙත් වර්ෂ 1960න් පසුව ප‍්‍රචලිත කෙරුණු ‘හරිත විප්ලව කෘෂිකර්මය’ ඔස්සේ සියල්ල වෙනස් විය. එයින් ‘නව වැඩිදියුණු කළ’ සහ ‘දෙමුහුන් වී වර්ග’ හඳුන්වාදෙනු ලැබී ය. ඒවා වගා කිරීමට කෘත‍්‍රිම රසායනික පොහොර, කෘත‍්‍රිම රසායනික පළිබෝධනාශක වර්ග සහ නවීන වගා උපක‍්‍රම සහ ට‍්‍රැක්ටර් වැනි යන්ත‍්‍ර ද අවශ්‍ය විය. අලූත් වී වර්ගවලින් වැඩි අස්වැන්නක් ලැබිණි. එබැවින් ලංකාවේ ගොවීන් ද නව ගොවිතැනට ඇබ්බැහි වූහ. එය රට පුරා ව්යාප්ත විණි.
‘නව වැඩිදියුණු කළ’ සහ ‘දෙමුහුන් වී වර්ග’ නිපදවන්නට පුරෝගාමී වූයේ, හරිත විප්ලව ක‍්‍රියාදාමයේ ‘මහා පර්යේෂකයා’ වූ පිලිපීනයේ පිහිටි ජාත්යන්තර සහල් පර්යේෂණ ආයතනයයි. ඔවුහු එක් එක් රටවල පාරම්පරික වී ප‍්‍රභේද රැස්කර, ඒවායෙහි ලක්ෂණ ද බද්ධකර නව වී වර්ග නිපදවූහ. මේ සඳහා එකල ලංකාවේ පැරණි වී වර්ගවල සාම්පල ද උපයෝගීකර ගැනුණි. අවසන, දේශීය පාරම්පරික වී ප‍්‍රභේද ගොවීන් වෙතින් ගිලිහී ගියේ ය. ඒවායෙහි සාම්පල් පර්යේෂණාගාරවල තැන්පත් කෙරිණි.
සියල්ල අවසානයේ, එතෙක් පැවති දේශීය පාරම්පරික වී වර්ග ද, සම්ප‍්‍රදායික වී වගා දැනුම් සම්භාරය මෙන්ම වගා පිළිවෙත් ද ක‍්‍රමයෙන් අභාවයට ගියේ ය. වැඩි අස්වැන්නක් ලබා, රට වැසියන්ගේ කුස ගිනි නිවන්නට නම්, නවීන රසායනික ගොවිතැන අත්‍යවශ්‍ය දෙයක් යයි ජන මතයක් ද පැතිරිණි. නව වැඩි දියුණු කළ දෙමුහුන් වී වර්ග, කෘතිම කෘෂි රසායන (කෘතිම පොහොර සහ කෘමි සහ වල් මර්දන රසායන) මෙන්ම යාන්ත‍්‍රික කෘෂි මෙවලම් (ට‍්‍රැක්ටර් ආදී) ද අලූත් ගොවිතැනට ඇතුළත් විය. ඒ සමගම, දේශීය පාම්පරික වී ගොවිතැන සහ අනෙකුත් බව බෝග ද, පැරණි කෘෂි තාක්ෂණික දැනුම ද ක‍්‍රමයෙන් අභාවයට ගියේ ය. ඒ වෙනුවට වස-විස සපිරි ‘නවීන ගොවිතැන’ ආදේශ විය.
නවීන ගොවිතැන ප‍්‍රචලිත වීමත් සමගම කෘෂිකාර්මික ජන සමාජයේ මෙන්ම, බත් කන ජන සමාජයේ ද ‘සංස්කෘතික චර්යාවන්’ පවා වෙනස් විය!
(වස නුමුසු බතක අරුමැසි වරුණ ග්‍රන්ථය ඇසුරිනි.)
(ඉතිරි කොටස 04 වැනි ලිපියෙන්)
2017.04.06.
Now thereisa group of people who are willing to go back to our tredirional rice varieties but the peoblem is still majority and the government do not understand the value and we are lack of knowledge .
ReplyDelete