Followers

Saturday 29 April 2017

කරල් පැදුර-උතුරු මැද පළාත

කරල් පැදුර

දේශීය පාරම්පරික වී වර්ග

වස-විසෙන් තොරව  වගා කරන,

ඉන් නිපැයෙන සහල් අලෙවි කරන,

සහෝදර ගොවීන්ට මග පෙන්වන

පුරෝගාමී ගොවි ක‍්‍රියාකාරිකයන් සහ 

මුල් පෙළේ ගොවීන්ගේ නාම ලේඛනය

කරල් පැදුර-උතුරු මැද පළාත

අනුරාධපුර දිස්ත‍්‍රික්කය

01-උතුරු මැද පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක, මහාමාන්කඩවල සිරි පියරතන නාහිමි (එප්පාවල නායක හාමුදුරුවෝ)
1990 දශකයේ දී, එප්පාවල පොස්පේට් නිධිය විදෙස් සමාගමකට විකිණීමට එරෙහි සටනේ නියැලූණු පුරෝගාමී භික්ෂුන් වහන්සේ නමකි. පසුව රජරට ප‍්‍රදේශයේ පැතිරෙන්නට වූ මාරාන්තික වකුගඩු රෝගය සම්බන්ධයෙන් උන් වහන්සේගේ අවධානය යොමු විණි. රෝගය ඇති වීමට හේතුව, වස විසෙන් පිරි (ආසනික්/කැඞ්මියම් ආදී* කෘෂි රසායන  බව පර්යේෂණ මගින් හෙළි විය. ඒ සමගම වස විස සහිත නවීන රසායනික ගොවිතැනට එරෙහිව ප‍්‍රබල සමාජ කතිකාවක් ද, සමාජ ක‍්‍රියාකාරිත්වයක් ද හට ගත්තේ ය.

මහාමාන්කඩවල නාහිමියෝ ද එයට මැදිහත් වූහ. වස විස ගොවිතැනට එරෙහි සටනට ගොවීන් සමග එක් වූහ. ‘ග්ලයිපොසේට්’ ඇතුළු විෂ කෘෂි රසායනවලට එරෙහිව කටයුතු කළහ. වස විස රහිතව, යළි දේශීය පාරම්පරික වී වර්ග වගා කිරීම, ගැටලූවට විසඳුම බව කියමින් ගොවීන් සංවිධානය කරන්නට වූහ.

මහාමාන්කඩවල නාහිමියෝ, දැන් සෑහෙන කලක පටන්ම දේශීය පාරම්පරික වී වර්ග, වස විසෙන් තොරව වගා කිරීමට ගොවීන් උනන්දු කරවමින් සිටිති. බිත්තර වී සොයා දීම, වගා උපදෙස් ලබා ගන්නට සම්බන්ධීකරණය කිරීම, ආදර්ශ වී වගාවන් පවත්වා ගෙන යාම, ගොවීන් පුහුණු කිරීමට උදව් කිරීම ආදී වැඩ කටයුතු රාශිියක් උන් වහන්සේ අතින් සිදු වෙයි.
ලිපිනය
මහාමාන්කඩවල සිරි පියරතන නාහිමියෝ, 
ශ‍්‍රී ඛෙත්තාරාම මහා විහාරය, එප්පාවල. (දුරකතන අංකය-025-2249387)

02-ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි මහතා
(දේශීය බීජ රැුකගැනීමේ ව්‍යාපාරය)


හරිත විප්ලවයේ නවීන රසායනික කෘෂි කර්මාන්තයට හසුව, 1960 දශකයෙන් පසුව දේශීය පාරම්පරික වී ගොවිතැන මෙන්ම පැරණි වී වර්ග ද අභාවයට ගියේ ය. එහෙත් නවීන ගොවිතැනට කැමති නොවූ ග‍්‍රාමීය ගොවීන් සුළු පිරිසක් පැරණි වී වර්ග සහ දේශීය ගොවිතැන අත් නො හැරියහ. ඔවුන් පැරණි වී වර්ග ද, වගා තාක්ෂණ ක‍්‍රම ද, පැරණි සිරිත්විරිත් ද රැුක ගනිමින්, පැරණි ක‍්‍රමයට වී වගා කරමිින් සිටියහ.

මේ අතර, නව වැඩිදියුණු කළ වී වර්ග සහිතව කෙරෙන, නවීන රසායනික ගොවිතැන මනුෂයයන්ට සහ මහ පොළොවට හිතකර නො වන බවට සමාජ කතිකාවක් ද ගොඩනැගී තිබිණි. ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි මහතා ද එයට අවධානය යොමු කළේ ය. ඉන් පසුව ඔහු දේශීය පාරම්පරික වී වර්ග සංරක්ෂණය කිරීම ඇරඹුවේ ය.

ඇලෙක්ස් මහතා, වර්ෂ 1971 තරුණ අරගලයට එක් වූවෙකි. එයින් සිරගත වන ඔහු, දේශීය පාරම්පරික වී වගාව ගැන උනන්දු වන්නේ නිදහස්ව පැමිණීමෙන් පසුව ය.

ඒ සඳහා ‘දේශීය බීජ රැුකගැනීමේ ව්‍යාපාරය’ නම් සංවිධානය බිහි කළ  ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි මහතා, එබඳු ගොවීන් ගෙන් පැරණි වී වර්ග එකතුකර, ඒවා ගොවීන් අතර බෙදා දෙමින්, වස-විසෙන් තොර දේශීය පාරම්පරික වී ගොවිතැන යළි රටට ස්ථාපිත කරන්නට ඉමහත් මෙහෙවරක් කළේ ය.

ඔහු පැරණි වී වර්ග එකතු කිරීම ඇරඹුවේ ආනමඩුවෙනි.  ඒ 1984 වර්ෂයේ දී ය. එකතු කරන වී වර්ග, යළි වගා කිරීම සඳහා ගොවීන්ට බෙදා දීම ඇලෙක්ස් මහතාගේ ප‍්‍රයත්නය විය. වර්ෂ 1989 දී ඔහු අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ, එප්පාවල, ‘ගොවි පුහුණු පාසැලක්’ පටන් ගත්තේ ය. ගොවීන්ට දේශීය පාරම්පරික වී වර්ග බෙදා දීමත්, දේශීය වී වගාව සඳහා ගොවීන් පුහුණු කිරීමත්, එයින් සිදු විය. ඊට අමතරව පැරණි වී වර්ග වගා කිරීමේ ව්‍යාපෘතියක් ද ඇරඹුවේ ය.

ඔහු පවසන්නේ, තමන් සහ තම සහෝදර ගොවීන් සතුව අද දේශීය පාරම්පරික වී  වර්ග 600ක් පමණ සංරක්ෂණය කෙරී ඇති බවයි. ‘එප්පාවල ගොවි පුහුණු පාසැල’ ඔස්සේ ගොවීන් පුහුණු කිරීම් ද දිගටම සිදු වෙයි.

ඇලෙක්ස් මහතා, දේශීය පාරම්පරික වී ගොවිතැන පිළිබඳ විශේෂඥ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කරයි. එසේම ඔහු දේශීය සහල් වර්ග රාශියක් නිපදවයි. බිත්තර වී ද නිපදවයි.
ලිපිනය-01
ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි මහතා, 
අංක-50/10, මල්කඩුවාව රවුම් පාර, 
කුරුණෑගල. (දුරකතන-0777/309363)
ලිපිනය-02
ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි මහතා, ගොවි පුහුණු පාසැල, එප්පාවල.

03-ප‍්‍රීති ප‍්‍රියදර්ශන ද සිල්වා මහතා
ප‍්‍රීති ප‍්‍රියදර්ශන ද සිල්වා මහතා, අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් රඹෑවේ, ස`දමල්ගම ප‍්‍රදේශයේ දේශීය පාරම්පරික වී වගාවක් සහ පලතුරු වගාවක් පවත්වා ගෙන යන නවීන පන්නයේ ගොවියෙකි. ඔහු තම සියලූ වගාවන් කරන්නේ වස විසෙන් තොරව ය. එසේම කෙම්-පහන් සහිතව ය. තම වගා භූමියේ සෑම කටයුත්තකටම පාහේ, නවීන කෘෂිකාර්මික යන්ත‍්‍ර භාවිත කිරීම ඔහුගේ සිරිතයි.

ඔහු දැනට  පච්චපෙරුමාල්, කුරුළුතුඩ, කළු හීනැටි, මසුරන්, රන් කහවණු යන වී වර්ග වගා කරයි. ඒවායෙහි සහල් සහ බිත්තර වී ද අලෙවි කරයි. එසේම පැපොල්, දෙළුම්, පේර සහ කාමරංගා යන පලතුරු වර්ග ද කාබනිකව වගා කරයි. ඔහු සිය වගා කටයුතු කරන්නේ පෞද්ගලික සමාගමක සේවය කරන අතරතුර ය.

නිියං තත්ත්වය නිසා ඔහු 2016/17 මාස් කන්නයේ වී වගාකර නැත.

ලිපිනය
ප‍්‍රී‍්‍රීති ප‍්‍රියදර්ශන ද සිල්වා මහතා, 
අංක-394/2-බී,  හරිශ්චන්ද්‍ර මාවත, 
අනුරාධපුරය. (දුරකතන-077-2465936)

පොළොන්නරුව දිස්ත‍්‍රික්කය
01-එම්. කේ. ජයතිස්ස මහතා (කවුඩුල්ලේ ජයතිස්ස)
‘කවුඩුල්ලේ ජයතිස්ස’ නමින් ප‍්‍රකට එම්. කේ. ජයතිස්ස මහතා, ගොවි නායකයෙකි. පොළොන්නරුවේ කෙරුණු ගොවි සටන් ගණනාවකට නායකත්වය දුන් තැනැත්තෙකි.

ඔහු දැනට දශකයක පමණ කාලයක සිට දේශීය පාරම්පරික වී වර්ග වගා කරමින් සිටින ගොවියෙකි. හෙතෙම ගොවිතැනට යොමු වන්නේ, වර්ෂ 1971 දී හටගත් තරුණ අරගලයට එක්ව, සිරගතව, යළි නිදහස්ව පැමිණීමෙන් පසුව ය.

දේශීය පාරම්පරික වී වගාව සම්බන්ධයෙන් විවිධ කාරණා අත්හදා බලමින් සිටින ජයතිස්ස මහතා, ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇත්තෙකි. ඔහු දේශීය වී වර්ග වගා කරයි. තම ගොවි බිම භාවිත කරමින් ගොවීන් ද පුහුණු කරයි.

ඊ. එම්. ඞී. රාණි කුමාරිහාමි මහත්මිය, ජයතිස්ස මහතාගේ බිරින්දෑ ය. විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරිනියක වන ඇය, ගොවි ක‍්‍රියාකාරිනියකි. වර්තමානයේ ‘සූරියකාන්ත පාරිසරික ගොවිපොළ’ නමින් හඳුන්වන ඔවුන්ගේ ගොවි බිමේ කටයුතු බොහොමයක් කෙරෙන්නේ ඇය අතිනි. අලංකාර ගෙවත්තක් ද සහිත එය සම්පූර්ණයෙන්ම කාබනික ගොවිපොළකි.

ජයතිස්සගේ ගොවි බිම නැරඹීම පිණිස විශ්වවිද්‍යාල සිසුන්, ගොවි නියෝජිතයින් සහ රජයේ නිලධාරීන් ද නිතර පැමිණෙති. ඇය ද ඔවුන්ට තම වගා අත්දැකීම් කියා දෙන්නී ය.

ජයතිස්ස මහතා, සුවඳැල්, ගොඩ හීනැටි, සුදු හීනැටි, රන් කහවණු, කුරුළු තුඩ, රත්දැල් යන පැරණි වී වර්ග වස විසෙන් තොරව වගා කරයි. එසේම ‘එච්-4’ නමැති මුල් කාලීන නව දෙමුහුන් වී වර්ගය ද වගා කරයි.
ඔහු සිය කුඹුරු නිවසේ, බිත්තර වී සහ සහල් අලෙවිය ද සිදු කරයි.

ලිපිනය-01 (කුඹුරු නිවස)
එම්. කේ. ජයතිස්ස මහතා (කවුඩුල්ලේ ජයතිස්ස), 
සූරියකාන්ත පාරිසරික ගොවිපොළ, 
ආර්. බී. 01, ගාමිණී දිසානායක මාවත, 
හිඟුරක්ගොඩ. (දුරකතන අංකය-077-2888229)

ලිපිනය-02
අංක-516, කවුඩුල්ල, හිඟුරක්ගොඩ.

02-ආරියරත්න සුබසිංහ මහතා (ආරි සර්)
පොළොන්නරුවේ ගොවි සහෘදයන් අතර ‘ආරි සර්’ නමින් ප‍්‍රකට ආරියරත්න සුබසිංහ මහතා, කෘෂිවිද්‍යා උපාධිධරයෙකි. වසර 2000 දශකයේ පටන් දේශීය පාරම්පරික වී වර්ග වගා කරමින් සිටින ඔහු වඩාත් ප‍්‍රකටව සිටින්නේ ‘කළු හීනැටි’ වගා කරන ගොවියෙකු වශයෙනි.



වස  විසෙන් තොරව කෙරෙන දේශීය පාරම්පරික වී ගොවිතැන අරභයා අත්දැකීම් සම්භාරයක්ම ඔහු සතු ය. ඔහු විවිධ අත්හදාබැලීම් ද කරන කෙනෙකි. දේශී්‍ය වී ගොවිතැන සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇත්තෙකි. ගොවීන් පුහුණු කිරීමේ වැඩසටහන්වලට ද සහභාගි වන්නෙකි. ඔහු දේශීය වර්ගවල බිත්තර වී මෙන්ම සහල් ද නිපදවයි.

ආරියරත්න සුබසිංහ මහතා ප‍්‍රකට ලේඛකයෙක් ද වේ.
ලිපිනය
ආරියරත්න සුබසිංහ මහතා, 
හිගුරක, හිගුරක්ගොඩ. 
(දුරකතන-071/2048776)

03-ආර්. පී. ධර්මතිලක මහතා
දේශීය පාරම්පරික වී වර්ග කාබනිකව වගා කරන ගොවියෙකි.
ලිපිනය
අංක-33, කුඹුරු නිවස, 
කවුඩුල්ල, 
හිඟුරක්ගොඩ (දුරකතන-071-9493455)

04-එච්. කේ. ජයවර්ධන මහතා
වසර 04ක පමණ සිට දේශීය පාරම්පරික වී වර්ග වස විසෙන් තොරව වගා කරන ගොවියෙකි.
වගා කරන වී වර්ග
සුවඳැල්, කළු හීනැටි, මසුරන්, කහමාල, සුදු හීනැටි, හිච්චි නංගි වී, කුරුළු තුඩ.
ලිපිනය
අංක-127, නෙල් මාවත, 
හිගුරක්ගොඩ. (දුරකතන-071-4911718) 


05-කේ. ජී. ඒ. එස්. වීරසිංහ මහතා
(දේශීය පාරම්පරික වී වගා ක්ෂේත්‍රෙයේ ගොවි නායක)

ලිපිනය
නැණසල, දිවුලන්කඩවල, මැදිරිගිරිය./ (දුරකතන-0777-975610)






කරල් පැදුර-උදව්කරුවන්ගේ වීදිය

කරල් පැදුර-උදව්කරුවන්ගේ වීදිය
දේශීය පාරම්පරික වී වර්ග වස-විසෙන් තොරව  වගා කරන ගොවීන්ට උදව් කරන 
රජයේ ආයතන සහ රාජ්‍ය නො වන සංවිධාන
රජයේ ආයතන

01-කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
ගන්නෝරුව, මහනුවර.
02-දකුණු පළාත් සංවර්ධන අධිකාරිය (‘කෙතක මහිම’ ව්‍යාපාතිය)

ලිපිනය-බාලදක්ෂ මාවත, ගාල්ල.
දුරකතන-091-2242709/091-4943873/091-2234332/091-4943877
 

04-දකුණු පළාත් සංවර්ධන අධිකාරිය-මාතර දිස්ත‍්‍රික් කාර්යාලය
(‘කෙතක මහිම’ ව්‍යාපාතිය),
ලිපිනය-හක්මන පාර, මාතර.
දුරකතන-041-2227521/041-4936059.


රාජ්‍ය නො වන සංවිධාන සහ ගොවි සංවිධාන
01-ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ලිපිනය-අංක-215/50-ඒ, ඔබේසේකරපුර පාර, මොරගස්මුල්ල, රාජගිරිය. (දුරකතන-0112-896742)
සම්බන්ධීකරණය-චින්තක රාජපක්ෂ මහතා

02-සොබාදහම් සාමූහිකය
ලිපිනය-අංක-44, රජමහා විහාර පාර, නාවින්න, මහරගම.
සම්බන්ධීකරණය-තිලක් කාරියවසම් මහතා (දුරකතන-077-3273651)

03-කෘෂි සම්පත් හා දේශීය බීජ සුරැකීමේ ගොවි සම්මේලනය
ලිපිනය
අංක-53-ඒ, දියගම හන්දිය, හෝමාගම
සම්බන්ධීකරණය
හේමන්ත අබේවර්ධන මහතා-දුරකතන-071-80043089.
උපාලි මුණසිංහ මහතා (සභාපති)-071-9301747.

04-දේවසරණ සංවර්ධන කේන්ද්‍රය සහ ගොවි තොරතුරු මධ්‍යස්ථානය
ලිපිනය-දේවසරණ සංවර්ධන කේන්ද්‍රය සහ ගොවි තොරතුරු මධ්‍යස්ථානය, ඉබ්බාගමුව, කුරුණැගල.
සම්බන්ධීකරණය-ඞී. ආර්. ජයතිලක මහතා

05-මානව සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය
ලිපිනය-තෝලංගමුව, කෑගල්ල.

06-රංගිරි දඹුළු ගොවි සංවිධානය
ලිපිනය-රංගිරි දඹුළු රාජ මහා විහාරය, දඹුල්ල.
සම්බන්ධීකරණය-උපාලි ගමගේ මහතා

07-හෙළ සුවය සංවිධානය
ලිපිනය-අංක 112/ඞී, කහන්තොට පාර, මාලබේ.
දුරකතන-0112-412943/ඊමේල්-helasuwaya@gmail.com

08-පරිසර යුක්ති කේන්ද්‍රය-කොළඹ
ජනක විතානගේ මහතා-071-4338844.

09-සියනෑ ගොවි සංවිධානය-උඩ තුත්තිරිපිටිය
සභාපති-ඩග්ලස් ජයවීර මහතා (දුරකතන-033-2279075/077-5301688.)
ලිපිනය-අංක-214, වරපලාන, උඩ තුත්තිරිපිටිය (මහර) 

10-ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය

ලිපිනය-අංක-44, රජමහා විහාර පාර, නාවින්න, මහරගම

දුරකතන/පැක්ස්-0112-803139

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය දිරිගැන්වීම, ඒ සදහා ප්‍රතිපත්ති සම්පාදනය සහ ප්‍රමිති සැකසීම ආදී කාරණා වෙනුවෙන් ස්ථාපිත වුණු රාජ්‍ය නොවන  සංවිධානයකි.

වර්තමාන සභාපති-තිලක් කාරියවසම් මහතා



11-ශ්‍රීසර්ට් ආයතනය (ලංකා කාබනික සහතික කරන සේවාව)

ලිපිනය-අංක-44, රජමහා විහාර පාර, නාවින්න, මහරගම
දුරකතන/පැක්ස්-0112-803139


ලංකාවේ කාබනික ගොවි නිෂ්පාදනවල, කාබනික තත්ත්වය සහතික කිරීම පිණිස ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයකි. තමන්ට ලැබෙන ඉල්ලීම් අනුව, යම් කෘෂි නිෂ්පාදනයක ඇති කාබනික තත්ත්වයන් පරීක්ෂාකර, තත්ත්ව සහතික නිකුත් කිරීම ඔවුන්ගේ ක්‍රියාවලියයි.
එයට, වගා භූමිවල පස් පරීක්ෂා කිරීම, රසායනාගාර මට්ටමින් නිෂ්පාදන පරීක්ෂා කිරීම මෙන්ම වගා සහ නිෂ්පාදන ක්‍රමවේදය පරීක්ෂා කිරීම ද ඇතුළත් වේ. මේ ගාස්තුවක් ද අය කෙරේ.
 

12-පාරම්පරික බීජ හා ගොවි උරුමයන් සුරැකීමේ ව්‍යාපාරය-(පුත්තලම දිස්ත්‍රික් සංවිධානය)   
12-පාරම්පරික බීජ හා ගොවි උරුමයන් සුරැකීමේ ව්‍යාපාරය-(පුත්තලම දිස්ත්‍රික් සංවිධානය)
ලිපිනය-අංක-32, මනාක්කුලම, කාක්කපල්ලිය, හලාවත

01-එස්. ජී. ආර්. මුතුමුදලිගේ මහත්මිය (වැඩ බලන සභාපති)-070-2897255.
02-රන්ජන් ක්‍රිෂාන්ත මහතා (ලේකම්)-077-2445655
03-ටී. වී. පී. පීරිස් මහතා (සංවිධායක)-070-2384319 
මෙම ගොවි සංවිධානය, දේශීය පාරම්පරික වී වර්ග  30ක් පමණ වගා කරමින්, වස විසෙන් තොර එළවලු වර්ග වගා කරමින්, ගොවීන් අතර දැනුම බෙදා ගනිමින් කටයුතු කරයි.   

13-පාරම්පරික  බීජ හා ගොවි සම්පත් සුරැකීමේ ව්‍යාපාරය
පී.ගුරුසිංහ මහතා

ලිපිනය-අංක 167, කටුවාන පාර, හෝමාගම.
සම්බන්ධීකරණය-පී. ගුරුසිංහ මහතා
දුරකතන-071-7836803 




14-සොබාදහම් ගොවිතැන සංවිධානය
තිලක් කන්දේගම මහතා

ලිපිනය-සීහෙළ සොබාදහම් ගොවිපොළ, කරවිලහේන, නාඋල.
සම්බන්ධීකරණය-පරිසරවේදී තිලක් කන්දේගම  මහතා
දුරකතන-077-6077604

කරල් පැදුර-දකුණු පළාත

 කරල් පැදුර-දකුණු පළාත

 දේශීය පාරම්පරික වී වර්ග
වස-විසෙන් තොරව  වගා කරන,
ඉන් නිපැයෙන සහල් අලෙවි කරන,
සහෝදර ගොවීන්ට මග පෙන්වන
පුරෝගාමී ගොවි ක‍්‍රියාකාරිකයන් සහ මුල් පෙළේ 
ගොවීන්ගේ නාම ලේඛනය

ගාල්ල දිස්ත‍්‍රික්කය


01-ජයතු දේශීය සහල්
පී. එල්. ජයන්ත (පාලිත) -071-5995877

ලිපිනය-ඕපාත, උලුවිටිකේ, ගාල්ල.
02-නිමල්  සිල්වා මහතා, 
බෙදා හදා ගැනීමේ සාමුහිකය
බෙදා හදා ගැනීමේ සාමුහිකය
අංක-306/2- A, වක්වැල්ල පාර. ගාල්ල (ජුල්ගහ හන්දිය).
දුරකතන-071-4863828


මාතර දිස්ත‍්‍රික්කය 

(‘මා වී’ වගාකරන ගොවීන් සහ සහල් නිෂ්පාදකයන්)

 
මා වී-මාතර අත්තුඩාව
පින්තූරය-ප්‍රෑන්ක් ද සොයිසා


01-ඩී. පී. දයානන්ද මහතා, (දුරකතන-077-2924494)
(සභාපති-අත්තුඩාව නැගෙනහිර ගොවි සංවිධානය)
ලිපිනය-දීපා නිවස, ගුණරතන හිමි මාවත, අත්තුඩාව, පාලටුව. (මාතර)

02-තිලක් රෝහණ මහතා (දුරකතන-0777-584334)
ලිපිනය-වී මෝල, අත්තුඩාව, මාතර

03-ඩබ්ලිව්. ටී. ධනපාල මහතා
(ලේකම්-අත්තුඩාව නැගෙනහිර ගොවි සංවිධානය)
ලිපිනය-මිල්ලගස්තොල්ල, අත්තුඩාව, පාලටුව. (මාතර)

04-එච්. ඩබ්ලිව්. විිමල් තිලකරත්න මහතා
(භාණ්ඩාගාරික-අත්තුඩාව නැගෙනහිර ගොවි සංවිධානය)
ලිපිනය-හාල්පන්මුල්ල, අත්තුඩාව, පාලටුව. (මාතර)

හම්බන්තොට දිස්ත්‍රික්කය
01-චන්ද්‍රසෝම වීරරත්න මහතා, අට්ටාලේ, බූන්දල.
(දුරකතන-047-5729692/077-4595009/071-8296603)
(ලේකම්, දේශීය බීජ සහ කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සම්මේලනයේ හම්බන්තොට දිස්ත‍්‍රික් සංවිධානය)
‘අට්ටාලේ’ නමින් වස විසෙන් තොර දේශීය සහල් ඇතුළු ගොවි නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානයක් සහ නිවාඩු නිකේතනයක් (අට්ටාලේ රෙස්ට් ඉන්) පවත්වා ගෙන යන චන්ද්‍රසෝම වීරරත්න මහතා, වසර 25ක පමණ සිට දේශීය පාරම්පරික වී වර්ග වගා කරන ගොවියෙකි. ඔහු වගා කරමින් සිටින පාරම්පරික  වී වර්ග අතර සුවඳැල්, පොක්කාලි සහ කුරුළු තුඩ ඇතුළු වී වර්ග 18-20ක් පමණ වේ.
 

‘අට්ටාලේ’ නමැති අලෙවි මධ්‍යස්ථානය ඔස්සේ ඔහු කරන කටයුතු අතර, ‘රුවන් කෙත නිෂ්පාදන’ නමින් වස විසෙන් තොර  දේශීය පාරම්පරික සහල් වර්ග අලෙවිය, ඒවායෙහි බිත්තර වී සැපයීම සහ විවිධ දේශීය ධාන්‍ය වර්ග අලෙවිය ද වේ. 
ඊට අමතරව ඔහු ගොවි පුහුණුකරුවෙකු වශයෙන් ද කටයුතු කරයි.
 

වීරරත්න මහතා සිය වගා කටයුතු වැඩි දියුණුකර ගෙන ඇත්තේ, දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මෙහෙයවන ‘කෙතක මහිම’ ව්‍යාපෘතිය ඔස්සේ ය.
 

තම නිවාඩු නිකේතනයට එන අමුත්තන්ට පිළිගන්වන්නේ ද වස විසෙන් තොර දේශීය ආහාර බව වීරරත්න මහතා පවසයි.
ලිපිනය
චන්ද්‍රසෝම වීරරත්න මහතා, 

‘අට්ටාලේ’, 
කිරින්ද පාර, බූන්දල, 
හම්බන්තොට.
(2017/05/03)

වස විස නැති කඩමණ්ඩිය

වස විස නැති කඩමණ්ඩිය

 

 

හෝමාගම

01-කෘෂි සම්පත් හා දේශීය බීජ සුරැකීමේ ගොවි සම්මේලන මූලස්ථානය, 
අංක-53-ඒ, දියගම හන්දිය, හෝමාගම

වස විස රහිත දේශීය පාරම්පරික සහල් වර්ග, දේශීය ධාන්‍ය වර්ග සහ කාබනික ගොවීන්ගේ නිෂ්පාදන මෙහි අලෙවි කෙරේ. ගොවීන්ට දේශීය පාරම්පරික වර්ගවල බිත්තර වී සැපයීම මෙන්ම ඔවුන්ගේ අස්වනු මිල දී ගැනීම ද, ගොවීන් පුහුණු කිරීම ද මෙහි දී සිදුවෙයි.
කෘෂි සම්පත් හා දේශීය බීජ සුරැකීමේ ගොවි සම්මේලනය, වර්ෂ 0000 පටන් පවත්වා ගෙන එන ගොවි සංවිධානයකි. කාබනික පොහොර සකස් කිරීම සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම ද ඔවුන් අතින් සිදු වේ.
සම්බන්ධීකරණය
හේමන්ත අබේවර්ධන මහතා-දුරකතන-071-80043089.
උපාලි මුණසිංහ මහතා (සභාපති)-071-9301747.

02-තම්මැන්නා පාරම්පරික කෘෂි මධ්‍යස්ථානය, 
අංක-349/1-ඞී, කටුවාන පාර, හෝමාගම.
වස විසෙන් තොර, සුවඳැල්, රත්දැල්, කළු හීනැටි, පච්චපෙරුමාල්, මඩතවාලූ, කහමාල, ගෝනබරු ඇතුළු දේශීය පාරම්පරික සහල් වර්ග සහ ධාන්‍ය කැඳ (උදේට) අලෙවිය සහ බිත්තර වී සැපයීම.
සම්බන්ධීකරණය-යූ. එස්. මෛත‍්‍රීපාල මහතා (දුරකතන-071-0580115)

ආනමඩුව

03-තම්මැන්නා පාරම්පරික කෘෂි මධ්‍යස්ථානය, 
රෝහල ඉදිරිපිට, ආනමඩුව.
වස විසෙන් තොර, සුවඳැල්, රත්දැල්, කළු හීනැටි, පච්චපෙරුමාල්, මඩතවාලූ, කහමාල, ගෝනබරු ඇතුළු දේශීය පාරම්පරික සහල් වර්ග අලෙවිය සහ බිත්තර වී සැපයීම.
සම්බන්ධීකරණය-යූ. එස්. මෛත‍්‍රීපාල මහතා (දුරකතන-071-0580115)


වෙන්නප්පුව

04-ආරෝග්‍යා පාරම්පරික සහල් අලෙවි සැල, අංක-227, ලංකා බැංකුව අසල, වෙන්නප්පුව
වස විස රහිත දේශීය පාරම්පරික සහල් වර්ග මෙහි අලෙවි කෙරේ.
සම්බන්ධීකරණය- ජූඞ් ලලන්ත මහතා-
(දුරකතන-031-2255648/071-8132142)

රත්මලාන

05-රන් හෙළ අලෙවි මධ්‍යස්ථානය
අංක-180, ටෙම්ප්ලර් පාර, බේකරිය හන්දිය, අත්තිඩිය (දුරකතන අංකය 071-7837771)
වස විස රහිත දේශීය පාරම්පරික සහල් වර්ග මෙහි අලෙවි කෙරේ.
සම්බන්ධීකරණය-සුගත් චන්ද්‍රසිරි මහතා (දුරකතන-077-9587748)

මිනුවන්ගොඩ

06-පාරම්පරික සහල් මධ්‍යස්ථානය
අංක ඞී-08, වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ල, මිනුවන්ගොඩ. (දුරකතන අංක-077-4345311/011-2295978)
සුවඳැල්, රත්දැල්, රත්කඳ ඇල්, වෙද හීනැටි, රන්තැඹිලි ඇල්, මසුරන්, කළු හිනැටි, සුදු හීනැටි, පච්චපෙරුමාල්, වෙල්ලවිලන්ගන්, සින්නායගම්, හිච්චි නංගි, හැටදා වී, පොකුරු සම්බා සහ ගජමුතු සම්බා ආදි පැරණි වී වර්ගවල සහල් මෙහි අලෙවි කෙරේ. ඒ සමගම ඖෂධීය කැඳ වර්ග සඳහා අවශ්‍ය පැරණි සහල් වර්ග ද එයින් මිල දී ගත හැකි ය.

අමතරව, මී පැනි, කිතුල් හකුරු සහ කිතුල් පිටි, අමු සහ මෙනේරි ආදී දේශීය ධාන්‍ය වර්ග ද එහි අලෙවි කෙරේ.

මෙය වසර 30ක පමණ කාලයක් තිස්සේ පවත්වා ගෙන එන ව්‍යාපාරයකි.

සම්බන්ධීකරණය-ඩබ්ලිව්. පී. විමලදාස මහතා (දුරකතන අංක-077-4345311/011-2295978)
 
වටමලුව

අඹන්පොළ

07-එස්. ඩබ්ලිව්. ඞී. කපුකොටුව මහතා (කපුකොටුව රයිස් මිල්ස්)
වස විසෙන් තොර දේශීය වී වර්ග කොටා, සහල් සකසා අලෙවි කරන ව්‍යාපාරිකයෙකි. සුවඳැල්, හීනැටි, පච්චපෙරුමාල්, බටපොලැල් ඇතුළු සහල් වර්ග ඔහු අලෙවි කරයි. එසේම වස විසෙන් තොරව සකස් කළ දේශීය පාරම්පරික වී වර්ග ද ගොවීන් ගෙන් මිලට ගනියි.
නවීන දෙමුහුන් වී වර්ගවල සහල් ද ඔහු සකස් කරන අතර, සෑම විටම පෝෂණ ගුණය සුරැකෙන පරිදි උසස් ප‍්‍රමිතියට සහල් සැකසීමට තමන් වගබලා ගන්නා බව පවසයි.
ලිපිනය
කපුකොටුව රයිස් මිල්ස්, සේරුමුරය, අඹන්පොළ. (මහව)
(දුරකතන-037-2275173/077-3041252)

ගාල්ල-ලබුදූව

08-රුහුණු රසාර වෙළෙඳසැල
ලබුදූව, ගාල්ල
‘රුහුණු රසාර’ යනු දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශයට අයත්, ලබුදූව රජයේ ගොවිපොළ මගින් පවත්වා ගෙන යන ගොවි ද්‍රව්‍ය අලෙවි සැලයි. වස විසෙන් තොරව වගා කළ දේශීය පාරම්පරික සහල් වර්ග, ධාන්‍ය කැඳවලට අවශ්‍ය දේශීය සහල් වර්ග, මෙන්ම එළවළු, පලතුරු සහ කිරි නිෂ්පාදන ද්‍රව්‍ය ද එහි අලෙවි කෙරේ.
හීනැටි, සුවඳැල්, මඩතවාලූ ආදී දේශීය සහල් වර්ග ද, සුවඳැල් සහල් පිටියෙන් සෑදූ පාන් ද, දේශීය සහල් පිටියෙන් සෑදූ වෙනත් ආහාර වර්ග ද එහි අලෙවි කෙරෙන භාණ්ඩ අතර වෙයි.
ලිපිනය
රුහුණු රසාර වෙළෙඳසැල, ලබුදූව හන්දිය, ගාල්ල. (දුරකතන-091-2244619)

ගාල්ල

09-කෙතක මහිම අලෙවි සැල, බාලදක්ෂ මාවත, ගාල්ල
‘කෙතක මහිම’ යනු දකුණු පළාත් සභාවේ, ප‍්‍රධාන අමාත්‍යංශයට අයත්, ‘දකුණු පළාත්  සංවර්ධන අධිකාරිය’ මගින් පවත්වා ගෙන යන දේශීය පාරම්පරික වී වගා ව්‍යාපෘතියයි. විවිධ හේතූන් නිසා වී වගා කරන්නට නො හැකි වූ දකුණු පළාතේ කුඹුරුවල එය ක‍්‍රියාත්මක වෙයි.
ඉන් නිපැයෙන දේශීය සහල් කෙතක මහිම කුටියෙහි සැලෙහි අලෙවි කෙරේ.


කුණ්ඩසාලේ

10-හෙළ ගොවි ව්‍යාපාරය, 
අංක-31 සී, පදිවත්ත, කුණ්ඩසාලේ, 
මහනුවර. (දුරකතන-071-4429952)
අලෙවි කෙරෙන සහල්  වර්ග
සුවඳැල්, හීනැටි, කුරුළුතුඩ, මඩතවාලූ, රත්දැල් සහ පච්චපෙරුමාල් සහ තවත් වර්ග.
සම්බන්ධීකරණය-අසේල මනම්පේරි මහතා.


මාලබේ
11-හෙළ සුවය සංවිධානය
ලිපිනය-අංක 112/ඞී, කහන්තොට පාර, මාලබේ.
දුරකතන-0112-412943/ඊමේල්-helasuwaya@gmail.com
වස විස රහිත දේශීය පාරම්පරික සහල් වර්ග රාශියක් මෙහි අලෙවි කෙරේ. කැඳ මිශ්‍රණ ඇතුළත් සහල් ඇසුරුම් ද අලෙවි කෙරේ.
මාතර 
12-කෙතක මහිම අලෙවි සැල, 

දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ දිස්ත‍්‍රික් කාර්යාලය-මාතර.

ලිපිනය-හක්මන පාර, මාතර.
දුරකතන-041-2227521/041-4936059.
 

‘කෙතක මහිම’ යනු දකුණු පළාත් සභාවේ, ප‍්‍රධාන අමාත්‍යංශයට අයත්, ‘දකුණු පළාත්  සංවර්ධන අධිකාරිය’ මගින් පවත්වා ගෙන යන දේශීය පාරම්පරික වී වගා ව්‍යාපෘතියයි. ඉන් නිපැයෙන වස විසෙන් තොර දේශීය සහල්, කෙතක මහිම කුටියෙහි සැලෙහි අලෙවි කෙරේ.
 

12-01-ශාන්ති හාල් ක-හක්මන පාර, මාතර. 
(මාවී සහල් අලෙවියට විශේෂයි)
 

12-02-නයනා හාල් කඩේ, කුමාරතුංග මාවත, මාතර.
 

12-03-තිලක් රෝහණ මහතා (මා වී සහල් අලෙවිය)
දුරකතන-0777-584334.
ලිපිනය-සුහද සිරි වී මෝල, අත්තුඩාව, මාතර
 
ගොයම් පෑගීම

බූන්දල (හම්බන්තොට)
13-චන්ද්‍රසෝම වීරරත්න මහතා, අට්ටාලේ, (අට්ටාලේ රෙස්ට් ඉන්) බූන්දල.
(දුරකතන-047-5729692/077-4595009/071-8296603)
 

‘අට්ටාලේ’, වස විසෙන් තොර දේශීය සහල් ඇතුළු ගොවි නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානයක් සහ නිවාඩු නිකේතනයක් වශයෙන් පවත්වා ගෙන යන ව්‍යාපාරයකි. එහි හිමිකරු වන  චන්ද්‍රසෝම වීරරත්න මහතා, වසර 25ක පමණ සිට දේශීය පාරම්පරික වී වර්ග වගා කරන ගොවියෙකි. ඔහු වගා කරමින් සිටින පාරම්පරික  වී වර්ග අතර සුවඳැල්, පොක්කාලි සහ කුරුළු තුඩ ඇතුළු වී වර්ග 18-20ක් පමණ වේ.
 

‘අට්ටාලේ’ නමැති අලෙවි මධ්‍යස්ථානය ඔස්සේ ඔහු කරන කටයුතු අතර, ‘රුවන් කෙත නිෂ්පාදන’ නමින් වස විසෙන් තොර  දේශීය පාරම්පරික සහල් වර්ග අලෙවිය, ඒවායෙහි බිත්තර වී සැපයීම සහ විවිධ දේශීය ධාන්‍ය වර්ග අලෙවිය ද වේ. තම නිවාඩු නිකේතනයට එන අමුත්තන්ට පිළිගන්වන්නේ ද වස විසෙන් තොර දේශීය ආහාර බව වීරරත්න මහතා පවසයි.
ලිපිනය
අට්ටාලේ (අට්ටාලේ රෙස්ට් ඉන්), 

කිරින්ද පාර, බූන්දල.
 

මොණරාගල
14-මැජෙස්ටික් කෝනර්-මොණරාගල. (දේශීය සහල් අලෙවිය)



මහරගම
15-සුවදිවි නිෂ්පාදන, අංක-66, පන්සල පාර, මහරගම.
සම්බන්ධීකරණය-ගිහාන් මංජුල මහතා (දුරකතන-071-8174216)

වස විසෙන් තොර, සුවඳැල්, රත්දැල්, කළු හීනැටි, පච්චපෙරුමාල්, මඩතවාලූ, කහමාල, ගෝනබරු ඇතුළු දේශීය පාරම්පරික සහල් වර්ග අලෙවිය සහ වස විස රහිත අනෙකුත් දේශීය ආහාර නිෂ්පාදන අලෙවිය.

(2017/05/13)

 ගාල්ල-පෝද්දල
16-ලක්සරු කොම්පෝස්ට් (කාබනික) පොහොර නිෂ්පාදකයෝ, 
පහළ කීඹිය, පෝද්දල, ගාල්ල.
සම්බන්ධීකරණය-ආනන්ද මාඉටිපේ මහතා (දුරකතන-091-3930420/077-2013657)

වස විසෙන් තොර, වී සහ අනෙකුත් ගෙවතු ආදි වගාවන්ට උසස් තත්ත්වයේ කොම්පෝස්ට්  පොහොර නිපදවා පහසු මිලට
අලෙවි කෙරේ.


(2018/10/26)

 කොළඹ-03
17-ජාතික කෘෂිකර්මාන්තකරුවන්ගේ සමුපකාර සමිතිය
වසවිස කන්නට අකමැති

කොළඹ පාරිභෝගිකයන්ට ආරංචියක්

වස විසෙන් තොරව හැදූ දේශීය පාරම්පරික සහල් වර්ග

-සුවදැල්, මසුරන්, මඩතවාලු, කලු හීනැටි, රත්දැල්, කුරුලු තුඩ, සුදු හීනැටි,හිච්චි නංගී සහ තවත් දේශීය සහල් වර්ග

-අනෙකුත් ගොවි නිෂ්පාදන


ගෙන්වා ගන්නට ද, මිල දී ගන්නට ද අලුත් තැනක්-
------------------------------------------------------------

 ජාතික කෘෂිකර්මාන්තකරුවන්ගේ සමුපකාර සමිතිය, බන්දුල නානායක්කාර සහ විරාජ් අබේරත්න යන මහත්වරුන්ගේ පුරෝගාමිත්වයෙන් සහ රට පුරා විසිරී සිටින දේශීය පාරම්පරික වී වගා කරන ගොවීන්ගේ සහායෙන් මෑතක ආරම්භ කෙරුණු ආයතනයකි. ඔවුන්ගේ ප්‍රධාන කටයුත්ත වන්නේ වස විසෙන් තොරව ආහාර භෝග වගා කරන ගොවියා සහ පාරිභෝගිකයා අතර මැදිහත්කරුවෙකු වශයෙන් ක්‍රියා කිරීමයි. එය කෙරෙන්නේ ‘අන්තර්ජාල ඇප් එකක් මගිනි.
තම පාරිභෝගිකයන්ට අවශ්‍ය දේශීය සහල් ආදිය, ඔවුන්ට සම්බන්ධ ගොවීන් ගෙන් ගෙන්වා, පහසු මිලකට බෙදා හැරීම ඔවුන්ගේ ක්‍රියාවලියෙන් සිදු වේ. එයින් ගොවීන්ට සිය නිෂ්පාදන අලෙවිකර ගැනීමට අවස්ථාව ලැබෙන අතර, පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට වස විසෙන් තොර ආහාර ලබා ගැනීමට අවස්ථාව ලැබේ.ගෙන්වා දෙන ආහාර සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීම ද ඔවුන්ගේ සේවාවකි.

ඔවුන්ට සම්බන්ධ ගොවි සංවිධාන, ගම්පහ,පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ කොළඹ යන දිස්ත්‍රික්කවල පැතිර පවතී.
ලිපිනය
අංක-4/A,

ඩීල් පෙදෙස-A, කොළඹ-03

විමසීම්

දුරකතන-011-7208727-ඩිලාන් හෝ දේශික 

2018/11/02

18-ගාල්ලේ බෙදා හදා ගැනීමේ සාමුහිකය

‘බෙදා හදා ගැනීමේ සාමුහිකය ගාල්ලේ වෙසෙන පාරිසරික ගොවිතැනෙහි නියැලී සිටින ගොවින්ගේ එකතුවකි. ඔවුහු දේශීය පාරම්පරික වී වර්ග සහ  දේශීය එළවළු ආදී පාරම්පරික ගෙවතු සහ ගොවිපොළ මට්ටමින් වගා කරන කණ්ඩායමකි. ඔවුන් ශ්‍රමය, දැනුම සහ අත්දැකීම්, බීජ වර්ග, නිෂ්පාදන ආදිය කණ්ඩායම අතර බෙදා හදා ගනිති. එසේම, අවශ්‍ය අයට වස විස නැති පාරිසරික ගොවිතැන පිළිබඳ දැනුම සහ පුහුණුව ද සපයති.

ඔවුහු ගාල්ලේ, හබරාදූවට නුදුරු දික්කුඹුර ප්‍රදේශයේ (දික්කුඹුර, හබරාදුව පාරේ, කිලෝමිටරයක් පමණ දුරින් පිහිටි වාහන සේවා මධ්‍යස්ථානයට ආසන්නයේ) පාරිසරික ගොවිපොළක් ද පවත්වා ගෙන යති.

සොබාදහමට එකඟ පාරිසරික පිළිවෙත් අනුව ගොවිතැන් කිරීමත්, වගා බිමෙහි පස කාබනික ද්‍රව්‍යවලින් වැඩි දියුණුකර සරුසාර කිරීමත් ඔවුන්ගේ තේමාවයි. ඒ  සඳහා ඔවුහු පාරිසරික ගොවිතැන පිළිබඳ ඉන්දීය විද්වතෙකු වු සුභාෂ් පලේකාර් මහතා හඳුන්වා දුන් ක්‍රමවේද භාවිත කරති.

විමසීම්

ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන මිල දී ගැනීම සහ තොරතුරු විමසීම සඳහා-

නිමල්  සිල්වා මහතා,

බෙදා හදා ගැනීමේ සාමුහිකය

අංක-306/2- A, වක්වැල්ල පාර. ගාල්ල (ජුල්ගහ හන්දිය).

දුරකතන-071-4863828
2018/11/02

හෝමාගම 
19-පාරම්පරික බීජ හා ගොවි සම්පත් සුරැකීමේ ව්‍යාපාරය, අංක-167, කටුවාන පාර, හෝමාගම.
සම්බන්ධීකරණය-පී. ගුරුසිංහ මහතා  (දුරකතන-071-7836803)

වස විසෙන් තොර, සුවඳැල්, රත්දැල්, කළු හීනැටි, පච්චපෙරුමාල්, මඩතවාලූ, කහමාල, ගෝනබරු ඇතුළු දේශීය පාරම්පරික සහල් වර්ග අලෙවිය සහ වස විස රහිත අනෙකුත් දේශීය ආහාර නිෂ්පාදන අලෙවිය.

(2018/12/03)




හෝමාගම-පනාගොඩ 
20-තෙදබල පාරම්පරික සහල්, අංක-370කපුරුගොඩ පාර, පනාගොඩ, හෝමාගම.
සම්බන්ධීකරණය-එම්. ඩී. පියසේන මහතා  (දුරකතන-071-6195183 සහ 011-2751702) (ගුරුපියා නම් නව වී වර්ගය සොයා ගත් ගොවි මහතා)

වස විසෙන් තොරසුවඳැල්රත්දැල්කළු හීනැටිපච්චපෙරුමාල්මඩතවාලූකහමාලගෝනබරු ඇතුළු දේශීය පාරම්පරික සහල් වර්ග වගා කිරීම, අලෙවිය සහ වස විස රහිත අනෙකුත් දේශීය ආහාර නිෂ්පාදන අලෙවිය.

(2019/10/31)





වාරියපොල
20-ජාතික පාරිසරික ගොවි සම්මේලනය,  ශ්‍රී සුමංගල පිරිවෙන් මහා විහාරය, හලාවත  පාර, වාරියපොල.
සම්බන්ධීකරණය-ටී. වී. ප්‍රිය පීරිස් මහතා  (දුරකතන-070-2384319


වස විසෙන් තොරසුවඳැල්රත්දැල්කළු හීනැටිපච්චපෙරුමාල්මඩතවාලූකහමාලගෝනබරු ඇතුළු දේශීය පාරම්පරික සහල් වර්ග වගා කිරීම පිණිස රට පුරා ගොවීන් පෙළඹවීම සහ නිෂ්පාදන  අලෙවිය
(2020/08/11)