Followers

Saturday 20 May 2017

දේශීය පාරම්පරික වී වර්ග,වගා කිරීමේ ක‍්‍රියාවලියෙහි තිරසාර පැවැත්ම පිණිස යෝජනා කිහිපයක්



දේශීය පාරම්පරික වී වර්ග,
වස විසෙන් තොරව වගා කිරීමේ ක‍්‍රියාවලියෙහි
තිරසාර පැවැත්ම පිණිස යෝජනා කිහිපයක්

 
පින්තූරය-නදීක දයා බණ්ඩාර
හැඳින්වීම
වී වගාවෙන් නිපැයෙන සහලින් උපදින බත’, අනාදිමත් කාලයක් මුළුල්ලේ ශ‍්‍රී ලාංකිකයන් ද ඇතුළුව ආසියාතිකයන්ගේ ප‍්‍රධාන  ආහාරයයි. පෝෂණය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් සියයට 40ක් ද, කැලරි අවශ්‍යතාවයෙන් සියයට 46ක් ද සැපයෙන්නේ එයිනි. රටට අවශ්‍ය බතසැපයීම, ලංකාවේ අතීත  රජවරුන්ගේ සමයෙහි පටන්ම අපේ කෘෂිකර්මාන්තයෙහි ප‍්‍රධාන කාර්යභාරය වූයේ ය. රටට ලැබෙන වර්ෂා රටාව මත පදනම්ව, ‘යලසහ මහවශයෙන් කන්න’ (වී වගා කෙරෙන වකවානු) දෙකක දී වී වගා කිරීම ලාංකේය ගොවීන්ගේ සිරිතයි.

බත මෙන්ම සහල ද උපදින වී’, වර්තමානයේ පවා අපේ රටේ වගා කෙරෙන ප‍්‍රධාන ආහාර භෝගයයි. රටේ සමස්ත කෘෂිකාර්මික භූමියෙන් සියයට 34ක් පමණ වෙන්ව ඇත්තේ වීවගාව පිණිස ය. 
ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2015 වසරේ රටේ සමස්ත වී නිපැයුම මෙටි‍්‍රක් ටොන් මිලියන 4.8කි. වී අස්වනු නෙලා ගත් සමස්ත භූමිය, හෙක්ටයාර් 10,88,374කි. හෙක්ටයාර් එකක සාමාන්‍ය වී අස්වනු ඵලදායිතාව, කිලෝග‍්‍රෑම් 4429කි. වර්තමාන ලංකාවේ ගොවීන් බහුතරයක් වගා කරන්නේ, දෙමුහුන් සහ නව වැඩි දියුණු කළ වී ප‍්‍රභේදයන් ය. ඒ සඳහා කෘත‍්‍රිම රසායනික පොහොර, කෘත‍්‍රිම රසායනික පළිබෝධනාශක වර්ග, නවීන වගා උපක‍්‍රම, නවීන උපකරණ හා යන්ත‍්‍ර ද බහුලව භාවිත කෙරේ. එය නවීන, කෘත‍්‍රිම රසායනික ගොවිතැනකි. බතරටේ ප‍්‍රධාන ආහාරය වන බැවින්, ලංකාවාසීන්ගේ වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග‍්‍රෑම් 100ක් යයි ද ගණන් බලා තිබේ.

හරිත විප්ලවයලෝකයට ව්‍යාප්ත කෙරුණු වර්ෂ 1960 දශකයට පෙර, ශ‍්‍රී ලංකාව පුරා වගා කෙරුණේ දේශීය පාරම්පරික වී ප‍්‍රභේදයන් ය. ඒවා වගා කෙරුණේ ද, කාබනික පොහොර සහ විෂ රහිත, දේශීය විධික‍්‍රම භාවිත කරමිනි. වල් මර්දනය සහ පළිබෝධකයන් මර්දනය පිණිස දේශීය උපක‍්‍රම භාවිත කෙරිණි. වී වගාව එහැමපිටින්ම දේශීය මුහුණුවරක් ගත්තේ ය. එය රටේ වර්ෂාපතන රටාව, ඉපැරණි වාරිමාර්ග පද්ධති, වගා භූමියේ ස්වභාවය සහ සොබාදහමේ විවිධ නියාමයන් සමග ද බැඳී පැවතිණි. නිපැයුණු දේශීය පාරම්පරික වියෙහි අස්වැන්න, පෝෂණීය මෙන්ම ඹෟෂධීය ගුණයෙන් ද පිරිපුන් විය.

එහෙත් වර්ෂ 1960න් පසුව ප‍්‍රචලිත කෙරුණු හරිත විප්ලව කෘෂිකර්මයඔස්සේ සියල්ල වෙනස් විය. එයින් නව වැඩිදියුණු කළසහ දෙමුහුන් වී වර්ගහඳුන්වාදෙනු ලැබී ය. ඒවා වගා කිරීමට කෘත‍්‍රිම රසායනික පොහොර, කෘත‍්‍රිම රසායනික පළිබෝධනාශක වර්ග සහ නවීන වගා උපක‍්‍රම සහ ට‍්‍රැක්ටර් වැනි යන්ත‍්‍ර ද අවශ්‍ය විය. අලූත් වී වර්ගවලින් වැඩි අස්වැන්නක් ලැබිණි. එබැවින් ලංකාවේ ගොවීන් ද නව ගොවිතැනට ඇබ්බැහි වූහ. එය රට පුරා ව්‍යාප්ත විණි.
පින්තූරය-නදීක දයා බණ්ඩාර


නව වැඩිදියුණු කළසහ දෙමුහුන් වී වර්ගනිපදවන්නට පුරෝගාමී වූයේ, හරිත විප්ලව ක‍්‍රියාදාමයේ මහා පර්යේෂකයාවූ පිලිපීනයේ පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයයි. ඔවුහු එක් එක් රටවල පාරම්පරික වී ප‍්‍රභේද රැස්කර, ඒවායෙහි ලක්ෂණ ද බද්ධකර නව වී වර්ග නිපදවූහ. මේ සඳහා එකල ලංකාවේ පැරණි වී වර්ගවල සාම්පල ද උපයෝගීකර ගැනුණි. අවසන, දේශීය පාරම්පරික වී ප‍්‍රභේද ගොවීන් වෙතින් ගිලිහී ගියේ ය. ඒවායෙහි සාම්පල් පර්යේෂණාගාරවල තැන්පත් කෙරිණි.
සියල්ල අවසානයේ, එතෙක් පැවති දේශීය පාරම්පරික වී වර්ග ද, සම්ප‍්‍රදායික වී වගා දැනුම් සම්භාරය මෙන්ම වගා පිළිවෙත් ද ක‍්‍රමයෙන් අභාවයට ගියේ ය. වැඩි අස්වැන්නක් ලබා, රට වැසියන්ගේ කුස ගිනි නිවන්නට නම්, නවීන රසායනික ගොවිතැන අත්‍යවශ්‍ය දෙයක් යයි ජන මතයක් ද පැතිරිණි.

එහෙත් ලංකාවේ ඇතැම් ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිටි වී ගොවීන් සුළු පිරිසක්, නවීන ගොවිතැනට සහ නව වී වර්ගවලට කැමති නො වූහ. ඒවායෙහි බතට ද කැමති නො වූහ. එබැවින් ඔවුහු තවදුරටත් දේශීය පාරම්පරික වී ප‍්‍රභේද, කාබනිකව වගා කරමින් සිය ආහාර සරිකර ගත්හ. දේශීය පාරම්පරික වී වර්ග බොහොමයක් ඔවුන් අත සුරැකිණි.

වර්ෂ 1970 දශකය අග භාගයේ පටන් පුරෝගාමී ගොවීන් කිහිප දෙනෙකුට, නව රසායනික වී ගොවිතැනෙහි යම් ආරවුලක් ඇති බව වැටහී යමින් තිබිණි. ඔවුහු ඈත ගම්වල සිටි ගොවීන් ගෙන්, පැරණි වී වර්ගවල බීජ එක් රැුස් කරන්නට වූහ. ඒවා සංරක්ෂණය පිණිස කාබනිකව වගා කරන්නටත්, සහෝදර ගොවීන් අතර බෙදා දී ව්‍යාප්ත කරන්නටත් මහත් උත්සාහයක යෙදුණහ. එය සංවිධානාත්මක, පුළුල් අරමුණු සහිත ව්‍යාපාරයක් විය. එකල රාජ්‍ය නො වන සංවිධාන කිහිපයක් ද ඔවුන් සමග එක් විය. වස විස සපිරි නවීන ගොවිතැන නිසා, මනුෂ්‍යයාට ද, පරිසරයට ද ඇතිවන අයහපත මකා දැමීම ඔවුන්ගේ අදිටන විය. ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි සහ මතුගම සෙනෙවිරුවන් යන සමාජ ක‍්‍රියාකාරිකයන් එහි නියමුවන් වූහ.

ඔවුන්ගේ ද, තවත් ගොවීන්ගේ ද උත්සාහය නිසා, අද වන විට (2017) දේශීය පාරම්පරික වී වර්ග 600ක් පමණ රටට ඉතිරිව තිබේ. රට පුරා ගොවීන් විශාල පිරිසක් දැන් ඒවා කාබනිකව වගා කරමින් සිටිති. වසර 2000 දශකය අග භාගයේ පටන්, දේශීය පාරම්පරික වී වර්ග වස විසෙන් තොරව වගා කිරීම සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ද ලැබෙමින් තිබෙන්නේ ය.

1990 දශකයේ සිට රටේ වියලි කලාපීය පෙදෙස්වලින් මතුවන්නට පටන්ගත් මාරාන්තික වකුගඩු රෝගයත්, පිළිකා, දියවැඩියාව ඇතුළු බෝ නො වන රෝග බහුලව පැතිරෙන්නට වීමත් නිසා විශාල සමාජ කතිකාවතක් ඇති විය. නවීන රසායනික ගොවිතැන ඔස්සේ මහ පොළොවට වස විස කලවම් වීමෙන් ලෙඩ රෝග පැතිරෙන බව නව පර්යේෂණ මගින් ද හෙළිදරව් විය. මාරාන්තික වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ ආචාර්ය චන්න ජයසුමන මහතා, ඒ අතර කැපී පෙනුණි.

දැන් රටේ වැඩි දෙනෙක්, වස විස සහිත ගොවිතැනින් ඉවත් විය යුතු යයි කල්පනා කරති. ඒ සම්බන්ධයෙන් කතිකා කරමින් සිටිති. බොහෝ දෙනෙක්, වස විස රහිතව දේශීය පාරම්පරික වී ගොවිතැන් කරන්නට ද පෙළඹී සිටිති. විශාල පිරිසක් වස විස නැති දේශීය පාරම්පරික සහල් සොයා ගන්නට වෙහෙසෙති. ඒවා අනුභව කරන්නට පුරුදුව සිටිති. සීමා සහිතව වුව ද, දේශීය පාරම්පරික වී වර්ග යළිත් ගොවිබිම්වලට පැමිණෙමින් තිබේ. ව්‍යාප්ත වෙමින් තිබේ.

මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ගන්නෝරුවේ පැලෑටි සහ ජාන සම්පත් සංරක්ෂණ ආයතනය සහ කොළඹ, කාර්මික තාක්ෂණ ආයතනය ද, පසුගිය වකවානුවේ දේශීය පාරම්පරික වී ප‍්‍රභේද සම්බන්ධයෙන් පර්යේෂණ කළේ ය.
එයින් කාර්මික තාක්ෂණ ආයතනය කළ පර්යේෂණ මාලාව ඉතාමත් වැදගත් ය. දේශීය පාරම්පරික වී ප‍්‍රභේද බොහොමයක, ඉතා ඉහළ පෝෂණ ගුණ සහ බෝ නො වන රෝග පාලනය කිරීමේ විශිෂ්ඨ ගුණ ඇති බව ඉන් අනාවරණය විය. ඔවුන්ගේ පර්යේෂණ පත‍්‍රිකා ජාත්‍යන්තරයේ  පළ විය.

මේවායෙහි අරුත වන්නේ, අපේ රටේ දේශීය පාරම්පරික සහල් ප‍්‍රභේදවල රුව-ගුණ පිළිබඳව දැන් ලෝක මට්ටමින් අවධානයක් යොමු වීමට ඉඩ ඇති බවයි!

ගැටලූ මතුවීම
මේ තත්ත්වය තුළ,
x  දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවල ජාන සම්පතෙහි නෛතික ආරක්ෂාව,
x  දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවල පෝෂණීය මෙන්ම ඹෟෂධීය ගුණ සහ පැරණි වගා ක‍්‍රම සම්බන්ධයෙන් පවතින, පාරම්පරික දැනුම් සම්භාරයේ සුරක්ෂිතභාවය, සහ
x  දේශීය පාරම්පරික වී ප‍්‍රභේද නුමුහුන්ව, තවදුරටත් සුරැකිව පවත්වා ගෙන යාම සහ එයින් උපදවන සහල නිසැකවම වස විසෙන් තොරව, කාබනිකව නිපැයුණක් බවට (උසස් ප‍්‍රමිතියක්)  තහවුරු කිරීම
යන කාරණා ත‍්‍රිත්වය අරභයා යම් යම් ගැටලූකාරී තත්ත්වයන් මතුවෙමින් තිබේ. ඒවාට විසඳුම් නො ලැබුණ හොත්, එක් අතකින් ලංකාවේ ඉපරණි පාරම්පරික වී සම්පත, ජෛව සම්පත් මංකොල්ලකරුවන්ට ගොදුරු වීමට ඉඩ ඇත. එසේ වුවහොත් ඉන් ලැබිය හැකි ප‍්‍රතිලාභ හිමිවන්නේ ද ලංකාවට නොවේ. නො රටුන්ට ය.

අනෙක් පැත්තෙන්, රට වැසියන්ට නිසි ප‍්‍රමිතියේ වස විස නැති ආහාර වේලක් භුක්ති වි`දීමේ අවස්ථාව ද අහිමි වනු ඇත්තේ ය.
මීට ඉහත ද ලංකාවට ආවේණික ඹෟෂධීය ශාක වර්ග රැුසක්, පාරම්පරික ඖෂධ වට්ටෝරු ද සමග  විදේශීය ජාන හොරුන්ට ගොදුරු වූ බව ප‍්‍රකට කාරණයකි. ලංකාවේ කොතලහිඹුටුශාකයේ සාරය (සැලසිනෝල්) යොදා ගෙන,  එක්තරා ජපන් විද්‍යාඥයින් පිරිසක් විසින් දියවැඩියා රෝගය පාලනය කිරීමේ ඖෂධයක් නිපදවීම සහ එය ඔවුන්ගේ නමට පේටන්ට්කර ගැනීම, මේ සම්බන්ධයෙන් ප‍්‍රකටතම නිදසුනයි. එය සිදු වූයේ 1990 දශකය අග භාගයේ ය.

එබැවින් පහත සඳහන් ක‍්‍රියාමාර්ගවලට එළඹීම සුදුසු යයි සිතන්නෙමු.
විසඳුම් යෝජනා
01-දේශීය පාරම්පරික වී ප‍්‍රභේද වගා කිරීම සහ ඊට ඇතුළත් සියලූම ක්ෂේත‍්‍ර මෙහෙයවීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහා පූර්ණ බලතල සහිත මහ ලේකම් කාර්යාලයක්පිහිටුවීම සහ එය පළාත් මට්ටමින් විමධ්‍යගත කිරීම. (මෙය කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ වෙනම දෙපාර්තමේන්තුවක් වශයෙන් ස්ථාපිත කිරීම සුදුසු යි.)
දේශීය පාරම්පරික වී වගා කිරීමේ ක්ෂේත‍්‍රය, නිෂ්පාදන ක්ෂේත‍්‍රය, පර්යේෂණ ක්ෂේත‍්‍රය, තොරතුරු රැුස් කිරීමේ ක්ෂේත‍්‍රය, අලෙවි ක්ෂේත‍්‍රය සහ ජාන සම්පත ආරක්ෂා කිරීමේ ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් මධ්‍යගතව, ඉහළ මට්ටමෙන් මෙහෙයුම් කරමින් සියලූ අංශ සම්බන්ධීකරණයකර පවත්වා ගෙන යාම  ඊට පැවරෙනු ඇත.

02-මුළු දිවයිනම ආවරණය වන සේ  දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවල නාමාවලියක් සකස්කර, ඒවායෙහි නෛතික ආරක්ෂාවට පියවර ගැනීම.
දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවල ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට කිසිදු නෛතික ආවරණයක් සලස්වා නැත. දැනට එවන් ආරක්ෂාවක් පනවා ඇත්තේ, ‘වල් වී’ (වී වර්ගවල වල් දර්ශ/වයිල්ඞ් රයිස්) සඳහා පමණි.

එබැවින් සියලූම දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවල,
x  බීජ හෝ බීජ කොටස්, ශාක හෝ ශාක කොටස්,
x  ශාකයෙහි හෝ ඵලයෙහි කවර හෝ සාර/තරල සංයුතියක්,
x  ශාකවල හෝ ශාක ආශ‍්‍රිතව තිබෙන ක්ෂුද්‍රජීවී කාණ්ඩ, දිලීර වර්ග සහ  බැක්ටීරියා විශේෂ,
x   දේශීය පාරම්පරික වී ප‍්‍රභේද වගා කරන භූමියෙහි පාංශු සාම්පල,
x  දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවල පිදුරු හෝ දිරාපත්වූ පිදුරු කොටස් සහ ඒවා ආශ‍්‍රිත සාර සංයුති  සහ ජල සාම්පල,
x දේශීය පාරම්පරික වී ප‍්‍රභේද වගා කිරීමේ දී පළිබෝධ පාලනය පිණිස භාවිතයට ගැනෙන, පාරම්පරික ඖෂධ හෝ අනෙකුත් අත් බෙහෙත් හෝ සංයුතීන්,
x  දේශීය පාරම්පරික වී ප‍්‍රභේද වගා කිරීම, සහල් නිෂ්පාදනය, එයින් ආහාර හෝ යම් යම් ඖෂධ නිෂ්පාදනය සහ වෛද්‍ය ප‍්‍රතිකාර ආදී (භාවිතයට අදාළ) කාරණා සම්බන්ධයෙන් ලියැවුණු, වසර 50කට වඩා පැරණි කිසිදු ලේඛනයක්, එනම් පුස්කොල පත් ඉරු හෝ කඩදාසි අත් පිටපත්,රජයේ (කෘෂිකර්ම සහ පරිසර විෂය භාර අමාත්‍යංශ ලේකම්වරුන්ගේ) ලිඛිත අවසරයකින් තොරව විදේශගත කිරීම තහනම් කිරීම.

එසේම දේශීය පාරම්පරික වී ප‍්‍රභේද සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වීමේ දී, ඒ සඳහා රජයේ (කෘෂිකර්ම සහ පරිසර විෂය භාර අමාත්‍යංශ ලේකම්වරුන්ගේ) ලිඛිත අවසරය ලැබිය යුතු යයි නීතියක් පැනවීම.
(දැනට දේශීය ඖෂධීය ශාක සම්බන්ධයෙන් ද, පොල් ශාකය සම්බන්ධයෙන් ද, ඇතැම් වනජීවීන් සම්බන්ධයෙන් ද මෙබඳු නෛතික ආවරණයන් සලස්වා තිබේ. ශ‍්‍රී ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරියද මේ ගැන දැනුවත් ය.)

(ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, සමන්ත ගුණසේකර (071-8442985) සහ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන (0112-854781/077-3592186) යන විද්වතුන්, මෙබඳු කාරණා සම්බන්ධයෙන් ඉහළ දැනුමක් සහිත ප‍්‍රාමාණිකයන් වෙති. දේශීය ඖෂධීය ශාකවල ආරක්ෂාව සම්බන්ධයෙන් නීති සැකසීමේදී ද ඔවුහු මහත් සහායක් දැක්වූහ. දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවල නෛතික ආරක්ෂාව සම්බන්ධයෙන් යම් වැඩ පිළිවෙලක් සැකසීමේදී ඔවුන්ගේ සහාය ද ලබා ගැනීම සුදුසු යයි යෝජනා කරමි.)

03-දේශීය පාරම්පරික වී වර්ග සම්බන්ධයෙන් පවතින පාරම්පරික දැනුම් සම්භාරයේ තිර පැවැත්ම සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම.
දේශීය පාරම්පරික වී වර්ග සම්බන්ධයෙන්, මහා පාරම්පරික දැනුම් සම්භාරයක් මහජනතාව අතර සංසරණය වෙමින් තිබේ. මේ වන විට එයින් සෑහෙන කොටසක්, පැරැන්නන් ද සමග අභාවයට ගොසිනි. දැනටත් ඉතිරිව තිබෙන ජන දැනුමහෝ ලේඛනගත කිරීම නො පමාව කළ යුත්තකි. එය දේශීය හා පාරම්පරික වී වර්ග සම්බන්ධයෙන් අතීතයේ පටන්ම පැවති තොරතුරු සහ දැනුම් සම්භාරයමතු පරපුරට දායාද කිරීමට ඉඩ සැලසෙනු ඇත.
දේශීය පාරම්පරික වී වර්ග සම්බන්ධයෙන් අතීතයේ පටන්ම පැවති දැනුම් සම්භාරය තේමා කිහිපයකට වර්ග කළ හැකි ය.

x    පැරණි වගා විධික‍්‍රම, වගා පිළිවෙත්, කෙම්-පහන්, අභිචාර විධි, ගොයමට වැළෙෙඳෙන ලෙඩ රෝග පාලන ක‍්‍රම සහ ඇදහිලි පිළිබඳ දැනුම,
x  කුඹුරු පුරන් ඇරීමේසිට වප්පර කිරීමදක්වා (බීජ පැළ කිරීම ද ඇතුළුව) ක‍්‍රම පිළිවෙත් පිළිබඳ දැනුම,
x  අස්වනු නෙලීමේ පාරම්පරික චාරිත‍්‍ර පිළිබඳ දැනුම,
x   අස්වැන්නේ ආහාර භාවිතාව සහ ඖෂධීය භාවිතාව පිළිබඳ දැනුම,
x   දේශීය හා පාරම්පරික වී වගාව හා බැඳුණු ආගමික පිළිවෙත් ආදිය පිළිබඳ දැනුම,
x   දේශීය හා පාරම්පරික වී වගාව හා බැඳුණු සංස්කෘතික කාරණා පිළිබඳ (ජන ගී සහ ජන සාහිත්‍යය ආදී) දැනුම,
ආදිය ඒ අතර වෙයි.
එක් එක් පළාත් අනුව මේවායෙහි වෙනස්කම් ද දැකිය හැකි ය. ඒවා රැස්කර ලේඛනගත කිරීමෙන් පැරණි දැනුම් සම්භාරයේ තවමත් ඉතිරිව ඇති කොටස හෝ රැක ගැනීමට පුළුවන. ඒ සඳහා ජාතික මට්ටමින් ආයතනයක් පිහිටුවීම අත්‍යවශ්‍ය කාරණයකි.

04-දේශීය පාරම්පරික වී ප‍්‍රභේද වගා කිරීම සහ එයින් යම් යම් නිෂ්පාදන එළිදැක්වීම් සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම පිණිස, ඉහළ මට්ටමේ, වෙනම විද්වත් රාජ්‍ය ආයතනයක් (පර්යේෂණ ආයතනයක්) පිහිටුවීම සහ එයට පැවරිය යුතු විෂය පථය
x  දේශීය පාරම්පරික වී ප‍්‍රභේද (බීජ) සුරැකීම,
x   ඒවා වස විසෙන් තොරව වගා කිරීම සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වීම,
x  දේශීය පාරම්පරික වී ප‍්‍රභේද, ඒවායෙහි පැරණි ගති ලක්ෂණ ආරක්ෂා කරමින් වැඩි ඵලදායිතාවයක් ලැබෙන ආකාරයට වැඩි දියුණු කිරීම,
x  දේශීය පාරම්පරික වී වර්ග සඳහා යෝග්‍ය කාබනික පොහොර මාදිලි හඳුනා ගැනීමට පර්යේෂණ කිරීම,
x  දේශීය පාරම්පරික වී වර්ග වගා කිරීම සඳහා නවීන තාක්ෂණය යොදා ගත හැකි අවස්ථා ගැන සොයා බැලීම සහ එබඳු නව උපකරණ නිපදවන්නට සැලැස්වීම,
x  දේශීය පාරම්පරික වී වර්ගවලින් නිපදවන සහල් දැනට භාවිත කෙරෙන්නේ, බත් සහ ඊට ආදේශක ආහාර  සහ කැවිලි සාදා ගැනීම පිණිස ය. එහෙත් ඒවායින් තවත් නව ආහාරමය නිපැයුම් කළ හැකි ය.

නිදසුන් කිහිපයක්-
x  රතු සහල් නිවුඞ්ඩ භාවිතාකර පෝෂණ කැප්සියුල් හෝ පෙති නිපදවීම
x  මසුරන්සහල්වලින් රුධිරයේ සීනි පාලන ගුණය ඇති ආහාරමය කැප්සියුලයක් නිපදවීම
x   මහ මා වීසහල් නිඩුඞ්ඩෙන් ලිංගික බෙලහීනතාවයට ගුණැති ආහාරමය කැප්සියුලයක් නිපදවීම
x   නීරක්තිය මකා දැමීමට තරම් පොහොසත් දේශීය පාරම්පරික සහල් වර්ග ගැන කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණ මගින් හෙළිදරව් විය. සහල් භාවිතා කරමින් නීරක්තියට පිළියම් ලැබෙන ආහාරමය කැප්සියුලයක් නිපදවන්නට පුළුවන.
මීට සමාන පෝෂණ කැප්සියුල තායිලන්තය සහ වියට්නාමය යන රටවල නිපදවා අලෙවි කෙරේ. සහල්වලින් ආහාරමය තෙල් වර්ග ද නිපදවයි.

05-දේශීය පාරම්පරික වී ප‍්‍රභේද-වගා කිරීමේ ක්ෂේත‍්‍රය, නිෂ්පාදන ක්ෂේත‍්‍රය, පර්යේෂණ ක්ෂේත‍්‍රය, තොරතුරු රැස් කිරීමේ ක්ෂේත‍්‍රය, අලෙවි ක්ෂේත‍්‍රය සහ ජාන සම්පත ආරක්ෂා කිරීමේ ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කිරීම පිණිස පූර්ණ බලතල සහිත මහ ලේකම් කාර්යාලයක්පිහිටුවීම සහ එය පළාත් මට්ටමින් විමධ්‍යගත කිරීම

06-දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවලින් නිපැයෙන ආහාරවල ප‍්‍රමිතිය සහතික කිරීම
දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවලින් නිපැයෙන සහල් ඇතුළු ආහාර වර්ග, නිසි ප‍්‍රමිතියෙන් යුක්තව කාබනිකව නිපදවා ඇති දැයි සහතික කිරීමේ සහ එය නියාමනය කිරීමේ යාන්ත‍්‍රණයක් ඉක්මණින්ම ඇති කිරීම.

07-එක් එක් පළාත්වලට අනන්‍යවූ සේශීය පාරම්පරික වී වගා තොරතුරු රැුස් කිරීම සහ ලේඛනගත කිරීම පිණිස, පළාත් මට්ටමින් ආයතන ව්‍යුහයක් ගොඩ නැගීම.
මේ යටතේ ගොවීන්ගේ අත්දැකීම් හුවමාරුවකට ඉඩ සැලසීම ඉතා වැදගත් ය.

08-දේශීය පාරම්පරික වී වගාවේ විවිධ ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන්, විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා හෝ ඩිප්ලෝමා පාඨමාලා සංවිධානය කිරීමට වැඩ පිළිවෙලක් සැකසීම.
-------------------------------------------------------------------------------------------
සැකසුම-ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර/2017.03.07.-
දුරකතන-072-3402691/091-5676083/ Email-krishnawijebandara@gmail.com
Blog-walaspathi.blogspot.com




Saturday 29 April 2017

කරල් පැදුර-උතුරු මැද පළාත

කරල් පැදුර

දේශීය පාරම්පරික වී වර්ග

වස-විසෙන් තොරව  වගා කරන,

ඉන් නිපැයෙන සහල් අලෙවි කරන,

සහෝදර ගොවීන්ට මග පෙන්වන

පුරෝගාමී ගොවි ක‍්‍රියාකාරිකයන් සහ 

මුල් පෙළේ ගොවීන්ගේ නාම ලේඛනය

කරල් පැදුර-උතුරු මැද පළාත

අනුරාධපුර දිස්ත‍්‍රික්කය

01-උතුරු මැද පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක, මහාමාන්කඩවල සිරි පියරතන නාහිමි (එප්පාවල නායක හාමුදුරුවෝ)
1990 දශකයේ දී, එප්පාවල පොස්පේට් නිධිය විදෙස් සමාගමකට විකිණීමට එරෙහි සටනේ නියැලූණු පුරෝගාමී භික්ෂුන් වහන්සේ නමකි. පසුව රජරට ප‍්‍රදේශයේ පැතිරෙන්නට වූ මාරාන්තික වකුගඩු රෝගය සම්බන්ධයෙන් උන් වහන්සේගේ අවධානය යොමු විණි. රෝගය ඇති වීමට හේතුව, වස විසෙන් පිරි (ආසනික්/කැඞ්මියම් ආදී* කෘෂි රසායන  බව පර්යේෂණ මගින් හෙළි විය. ඒ සමගම වස විස සහිත නවීන රසායනික ගොවිතැනට එරෙහිව ප‍්‍රබල සමාජ කතිකාවක් ද, සමාජ ක‍්‍රියාකාරිත්වයක් ද හට ගත්තේ ය.

මහාමාන්කඩවල නාහිමියෝ ද එයට මැදිහත් වූහ. වස විස ගොවිතැනට එරෙහි සටනට ගොවීන් සමග එක් වූහ. ‘ග්ලයිපොසේට්’ ඇතුළු විෂ කෘෂි රසායනවලට එරෙහිව කටයුතු කළහ. වස විස රහිතව, යළි දේශීය පාරම්පරික වී වර්ග වගා කිරීම, ගැටලූවට විසඳුම බව කියමින් ගොවීන් සංවිධානය කරන්නට වූහ.

මහාමාන්කඩවල නාහිමියෝ, දැන් සෑහෙන කලක පටන්ම දේශීය පාරම්පරික වී වර්ග, වස විසෙන් තොරව වගා කිරීමට ගොවීන් උනන්දු කරවමින් සිටිති. බිත්තර වී සොයා දීම, වගා උපදෙස් ලබා ගන්නට සම්බන්ධීකරණය කිරීම, ආදර්ශ වී වගාවන් පවත්වා ගෙන යාම, ගොවීන් පුහුණු කිරීමට උදව් කිරීම ආදී වැඩ කටයුතු රාශිියක් උන් වහන්සේ අතින් සිදු වෙයි.
ලිපිනය
මහාමාන්කඩවල සිරි පියරතන නාහිමියෝ, 
ශ‍්‍රී ඛෙත්තාරාම මහා විහාරය, එප්පාවල. (දුරකතන අංකය-025-2249387)

02-ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි මහතා
(දේශීය බීජ රැුකගැනීමේ ව්‍යාපාරය)


හරිත විප්ලවයේ නවීන රසායනික කෘෂි කර්මාන්තයට හසුව, 1960 දශකයෙන් පසුව දේශීය පාරම්පරික වී ගොවිතැන මෙන්ම පැරණි වී වර්ග ද අභාවයට ගියේ ය. එහෙත් නවීන ගොවිතැනට කැමති නොවූ ග‍්‍රාමීය ගොවීන් සුළු පිරිසක් පැරණි වී වර්ග සහ දේශීය ගොවිතැන අත් නො හැරියහ. ඔවුන් පැරණි වී වර්ග ද, වගා තාක්ෂණ ක‍්‍රම ද, පැරණි සිරිත්විරිත් ද රැුක ගනිමින්, පැරණි ක‍්‍රමයට වී වගා කරමිින් සිටියහ.

මේ අතර, නව වැඩිදියුණු කළ වී වර්ග සහිතව කෙරෙන, නවීන රසායනික ගොවිතැන මනුෂයයන්ට සහ මහ පොළොවට හිතකර නො වන බවට සමාජ කතිකාවක් ද ගොඩනැගී තිබිණි. ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි මහතා ද එයට අවධානය යොමු කළේ ය. ඉන් පසුව ඔහු දේශීය පාරම්පරික වී වර්ග සංරක්ෂණය කිරීම ඇරඹුවේ ය.

ඇලෙක්ස් මහතා, වර්ෂ 1971 තරුණ අරගලයට එක් වූවෙකි. එයින් සිරගත වන ඔහු, දේශීය පාරම්පරික වී වගාව ගැන උනන්දු වන්නේ නිදහස්ව පැමිණීමෙන් පසුව ය.

ඒ සඳහා ‘දේශීය බීජ රැුකගැනීමේ ව්‍යාපාරය’ නම් සංවිධානය බිහි කළ  ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි මහතා, එබඳු ගොවීන් ගෙන් පැරණි වී වර්ග එකතුකර, ඒවා ගොවීන් අතර බෙදා දෙමින්, වස-විසෙන් තොර දේශීය පාරම්පරික වී ගොවිතැන යළි රටට ස්ථාපිත කරන්නට ඉමහත් මෙහෙවරක් කළේ ය.

ඔහු පැරණි වී වර්ග එකතු කිරීම ඇරඹුවේ ආනමඩුවෙනි.  ඒ 1984 වර්ෂයේ දී ය. එකතු කරන වී වර්ග, යළි වගා කිරීම සඳහා ගොවීන්ට බෙදා දීම ඇලෙක්ස් මහතාගේ ප‍්‍රයත්නය විය. වර්ෂ 1989 දී ඔහු අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ, එප්පාවල, ‘ගොවි පුහුණු පාසැලක්’ පටන් ගත්තේ ය. ගොවීන්ට දේශීය පාරම්පරික වී වර්ග බෙදා දීමත්, දේශීය වී වගාව සඳහා ගොවීන් පුහුණු කිරීමත්, එයින් සිදු විය. ඊට අමතරව පැරණි වී වර්ග වගා කිරීමේ ව්‍යාපෘතියක් ද ඇරඹුවේ ය.

ඔහු පවසන්නේ, තමන් සහ තම සහෝදර ගොවීන් සතුව අද දේශීය පාරම්පරික වී  වර්ග 600ක් පමණ සංරක්ෂණය කෙරී ඇති බවයි. ‘එප්පාවල ගොවි පුහුණු පාසැල’ ඔස්සේ ගොවීන් පුහුණු කිරීම් ද දිගටම සිදු වෙයි.

ඇලෙක්ස් මහතා, දේශීය පාරම්පරික වී ගොවිතැන පිළිබඳ විශේෂඥ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කරයි. එසේම ඔහු දේශීය සහල් වර්ග රාශියක් නිපදවයි. බිත්තර වී ද නිපදවයි.
ලිපිනය-01
ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි මහතා, 
අංක-50/10, මල්කඩුවාව රවුම් පාර, 
කුරුණෑගල. (දුරකතන-0777/309363)
ලිපිනය-02
ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි මහතා, ගොවි පුහුණු පාසැල, එප්පාවල.

03-ප‍්‍රීති ප‍්‍රියදර්ශන ද සිල්වා මහතා
ප‍්‍රීති ප‍්‍රියදර්ශන ද සිල්වා මහතා, අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් රඹෑවේ, ස`දමල්ගම ප‍්‍රදේශයේ දේශීය පාරම්පරික වී වගාවක් සහ පලතුරු වගාවක් පවත්වා ගෙන යන නවීන පන්නයේ ගොවියෙකි. ඔහු තම සියලූ වගාවන් කරන්නේ වස විසෙන් තොරව ය. එසේම කෙම්-පහන් සහිතව ය. තම වගා භූමියේ සෑම කටයුත්තකටම පාහේ, නවීන කෘෂිකාර්මික යන්ත‍්‍ර භාවිත කිරීම ඔහුගේ සිරිතයි.

ඔහු දැනට  පච්චපෙරුමාල්, කුරුළුතුඩ, කළු හීනැටි, මසුරන්, රන් කහවණු යන වී වර්ග වගා කරයි. ඒවායෙහි සහල් සහ බිත්තර වී ද අලෙවි කරයි. එසේම පැපොල්, දෙළුම්, පේර සහ කාමරංගා යන පලතුරු වර්ග ද කාබනිකව වගා කරයි. ඔහු සිය වගා කටයුතු කරන්නේ පෞද්ගලික සමාගමක සේවය කරන අතරතුර ය.

නිියං තත්ත්වය නිසා ඔහු 2016/17 මාස් කන්නයේ වී වගාකර නැත.

ලිපිනය
ප‍්‍රී‍්‍රීති ප‍්‍රියදර්ශන ද සිල්වා මහතා, 
අංක-394/2-බී,  හරිශ්චන්ද්‍ර මාවත, 
අනුරාධපුරය. (දුරකතන-077-2465936)

පොළොන්නරුව දිස්ත‍්‍රික්කය
01-එම්. කේ. ජයතිස්ස මහතා (කවුඩුල්ලේ ජයතිස්ස)
‘කවුඩුල්ලේ ජයතිස්ස’ නමින් ප‍්‍රකට එම්. කේ. ජයතිස්ස මහතා, ගොවි නායකයෙකි. පොළොන්නරුවේ කෙරුණු ගොවි සටන් ගණනාවකට නායකත්වය දුන් තැනැත්තෙකි.

ඔහු දැනට දශකයක පමණ කාලයක සිට දේශීය පාරම්පරික වී වර්ග වගා කරමින් සිටින ගොවියෙකි. හෙතෙම ගොවිතැනට යොමු වන්නේ, වර්ෂ 1971 දී හටගත් තරුණ අරගලයට එක්ව, සිරගතව, යළි නිදහස්ව පැමිණීමෙන් පසුව ය.

දේශීය පාරම්පරික වී වගාව සම්බන්ධයෙන් විවිධ කාරණා අත්හදා බලමින් සිටින ජයතිස්ස මහතා, ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇත්තෙකි. ඔහු දේශීය වී වර්ග වගා කරයි. තම ගොවි බිම භාවිත කරමින් ගොවීන් ද පුහුණු කරයි.

ඊ. එම්. ඞී. රාණි කුමාරිහාමි මහත්මිය, ජයතිස්ස මහතාගේ බිරින්දෑ ය. විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරිනියක වන ඇය, ගොවි ක‍්‍රියාකාරිනියකි. වර්තමානයේ ‘සූරියකාන්ත පාරිසරික ගොවිපොළ’ නමින් හඳුන්වන ඔවුන්ගේ ගොවි බිමේ කටයුතු බොහොමයක් කෙරෙන්නේ ඇය අතිනි. අලංකාර ගෙවත්තක් ද සහිත එය සම්පූර්ණයෙන්ම කාබනික ගොවිපොළකි.

ජයතිස්සගේ ගොවි බිම නැරඹීම පිණිස විශ්වවිද්‍යාල සිසුන්, ගොවි නියෝජිතයින් සහ රජයේ නිලධාරීන් ද නිතර පැමිණෙති. ඇය ද ඔවුන්ට තම වගා අත්දැකීම් කියා දෙන්නී ය.

ජයතිස්ස මහතා, සුවඳැල්, ගොඩ හීනැටි, සුදු හීනැටි, රන් කහවණු, කුරුළු තුඩ, රත්දැල් යන පැරණි වී වර්ග වස විසෙන් තොරව වගා කරයි. එසේම ‘එච්-4’ නමැති මුල් කාලීන නව දෙමුහුන් වී වර්ගය ද වගා කරයි.
ඔහු සිය කුඹුරු නිවසේ, බිත්තර වී සහ සහල් අලෙවිය ද සිදු කරයි.

ලිපිනය-01 (කුඹුරු නිවස)
එම්. කේ. ජයතිස්ස මහතා (කවුඩුල්ලේ ජයතිස්ස), 
සූරියකාන්ත පාරිසරික ගොවිපොළ, 
ආර්. බී. 01, ගාමිණී දිසානායක මාවත, 
හිඟුරක්ගොඩ. (දුරකතන අංකය-077-2888229)

ලිපිනය-02
අංක-516, කවුඩුල්ල, හිඟුරක්ගොඩ.

02-ආරියරත්න සුබසිංහ මහතා (ආරි සර්)
පොළොන්නරුවේ ගොවි සහෘදයන් අතර ‘ආරි සර්’ නමින් ප‍්‍රකට ආරියරත්න සුබසිංහ මහතා, කෘෂිවිද්‍යා උපාධිධරයෙකි. වසර 2000 දශකයේ පටන් දේශීය පාරම්පරික වී වර්ග වගා කරමින් සිටින ඔහු වඩාත් ප‍්‍රකටව සිටින්නේ ‘කළු හීනැටි’ වගා කරන ගොවියෙකු වශයෙනි.



වස  විසෙන් තොරව කෙරෙන දේශීය පාරම්පරික වී ගොවිතැන අරභයා අත්දැකීම් සම්භාරයක්ම ඔහු සතු ය. ඔහු විවිධ අත්හදාබැලීම් ද කරන කෙනෙකි. දේශී්‍ය වී ගොවිතැන සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇත්තෙකි. ගොවීන් පුහුණු කිරීමේ වැඩසටහන්වලට ද සහභාගි වන්නෙකි. ඔහු දේශීය වර්ගවල බිත්තර වී මෙන්ම සහල් ද නිපදවයි.

ආරියරත්න සුබසිංහ මහතා ප‍්‍රකට ලේඛකයෙක් ද වේ.
ලිපිනය
ආරියරත්න සුබසිංහ මහතා, 
හිගුරක, හිගුරක්ගොඩ. 
(දුරකතන-071/2048776)

03-ආර්. පී. ධර්මතිලක මහතා
දේශීය පාරම්පරික වී වර්ග කාබනිකව වගා කරන ගොවියෙකි.
ලිපිනය
අංක-33, කුඹුරු නිවස, 
කවුඩුල්ල, 
හිඟුරක්ගොඩ (දුරකතන-071-9493455)

04-එච්. කේ. ජයවර්ධන මහතා
වසර 04ක පමණ සිට දේශීය පාරම්පරික වී වර්ග වස විසෙන් තොරව වගා කරන ගොවියෙකි.
වගා කරන වී වර්ග
සුවඳැල්, කළු හීනැටි, මසුරන්, කහමාල, සුදු හීනැටි, හිච්චි නංගි වී, කුරුළු තුඩ.
ලිපිනය
අංක-127, නෙල් මාවත, 
හිගුරක්ගොඩ. (දුරකතන-071-4911718) 


05-කේ. ජී. ඒ. එස්. වීරසිංහ මහතා
(දේශීය පාරම්පරික වී වගා ක්ෂේත්‍රෙයේ ගොවි නායක)

ලිපිනය
නැණසල, දිවුලන්කඩවල, මැදිරිගිරිය./ (දුරකතන-0777-975610)