‘වකුගඩු සටන’
ඇඟ හිිරි වැටෙන පොතක්!
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
බොහොමයක් විද්වතුන්ට අනුව, රජරට ප‍්‍රදේශයෙන් ඇරඹුණු මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට නිශ්චිත හේතුකාරකයක් තවම සොයා ගෙන නැත! එයට ‘ආසනික්’ ඇතුළු බැර ලෝහ සහ ඒවා මහ පොළොවට ගෙන එන කෘෂි රසායන බලපාන්නේ යයි කීම, තවම තහවුරු නොවූ කතාවකි!
විද්වතුන් යයි පෙනී සිටින පිරිසක් පතුරුවන මෙම මතවාදය හරියට, ‘අසුවල් එක හංගා ගෙන වෘෂණ කෝෂ මගින් අවල කෙළියේ යෙදෙන්නේ යයි කියන’ ගමේ කතාව සිහි ගන්වයි! මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට හේතුව, කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන ආසනික්, කැඩ්මියම් ඇතුළු බැර ලෝහවල ක‍්‍රියාකාරිත්වය බව, ලොව මහත් සම්භාවනාවට පාත‍්‍ර වූ විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවී තිබීම, ඊට හේතුව ය. ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවේ කළ පර්යේෂණ මගින් ද අනාවරණය විය. එසේ තිබිය දීත් සමහර පිරිස් තම ‘අහවල් එක’ සඟවා ගෙන කතා කරති!
මෙබඳු පූර්විකාවක් සටහන් කරන්නට සිතුණේ, පසුගිය දා (අගෝස්තු 02 වැනි දා) නිකුත්වූ ‘වකුගඩු සටන’ ග‍්‍රන්ථය කියවීමෙන් පසුව ය. කෘතියෙහි කතුවරයා, ලංකාවේ කෙරුණු සුප‍්‍රකට වකුගඩු රෝග ඵර්යේෂණයේ නියමුවා වන ආචාර්ය චන්න සුදත් ජයසුමන සූරීහු ය. වෛද්‍යවරයෙකු ද වන හෙතෙම, රජරට විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඔහුගේ ග‍්‍රන්ථයෙහි පිටු සංඛ්‍යාව 478කි. එය පුරාවට සිය වකුගඩු රෝග පර්යේෂණය ගැන සවිස්තර කතා පුවත ඔහු විසින් හෙළිදරව්කර තිබේ. ‘වකුගඩු සටන’, එක හුස්මට කියවා ගෙන යා හැකි තරම් අගනා සරල ශෛලියකින් ලියැවී ඇති, පාඨකයාගේ මනස බුද්ධියෙන් පුබුදුවන දැනුම් සම්භාරයකින් හෙබි ග‍්‍රන්ථයකි. එය පළකර ඇත්තේ ‘සරසවි ප‍්‍රකාශකයන්’ ය.
රජරටින් ඇරඹී, රට පුරා පැතිරෙමින් යන මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට හේතුකාරක කවරේදැයි විස්තර කරන අතරතුර ඔහු, අතුරු කාරණා කිහිපයක් ද අපට කියා දෙයි. ඉන් එකක් නම්, කෘෂි රසායන සම්බන්ධයෙන් වෙළෙඳ සමාගම් එල්ල කරන බලපෑම සහ ඒ පිටුපස සැඟව ඇති දේශපාලනයයි. අනෙක, කෘෂි රසායන පේ‍්‍රමී උගතුන්, ඊට එරෙහි වන අය කෙරෙහි පතුරුවන වෛරී ක‍්‍රියාමාර්ග සමූහයයි. ඉන් ලංකාවේ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත‍්‍රය කොතෙක් දුරට කුණුවී තිබේ ද? යන කාරණය ගැන ද පාඨකයා දැනුවත් කෙරේ. ඇත්ත ඇති හැටියෙන් කියනවා නම්, ‘කෘෂි රසායන වෙළෙඳ මාෆියාව’, ආණ්ඩුවලටත් වඩා ප‍්‍රබල භූමිකාවක් රඟ දක්වයි!
චන්න ජයසුමනයන් සිය ග‍්‍රන්ථයෙන් හෙළිකරන කාරණා සම්භාරය, යමෙකුගේ ඇඟ හිරි වැටෙන තරම් ය! එය ඇත්තටම සැබෑ සටනකි.
එබැවින් නව ග‍්‍රන්ථය ගැන මෙන්ම, ඉන් මතු කෙරෙන කාරණා සම්බන්ධයෙන් ද යමක් ලියා තැබීම සමාජ යුතුකමක් සේ දකින්නෙමි. එය ඔහු වැනි යහපත් පර්යේෂකයන්ට ද, ඊට සහාය දුන් සැමට ද කෙරෙන ගෞරවයක් වන්නේ ය.
‘වකුගඩු සටන’ කෘතියෙහි සඳහන් වන ආකාරයට, මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය මුලින්ම නිරීක්ෂණයවී තිබුණේ 1990 දශකය මැද භාගයේ ය. ඒ, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පදවිය ගොවි ජනපද ප‍්‍රදේශයෙනි. ඉන් පසුව අද වන විට එය ලංකාවේ වියලි කලාපීය කෘෂිකාර්මික ප‍්‍රදේශ ගණනාවක පැතිරෙමින් තිබේ. චන්න ජයසුමනයන් රැස් කළ තොරතුරු අනුව, එදා පටන් අද දක්වා අඩු තරමින් පුද්ගලයන් 18,000ත් 22,000ත් අතර සංඛ්‍යාවක් රෝගයෙන් මියගොස් තිබේ. මේ වන විට රෝගය වැළඳී ඇති ජන සංඛ්‍යාව 75,000කට ආසන්න බව කියනු ලැබේ. තවත් දහස් ගණනක පිරිසක් තමන්ට රෝගය වැළඳී ඇති බවක් නො දැන ජීවත් වෙමින් සිටිති.
චන්න ජයසුමනයන් කියන හැටියට, බටහිර වෛද්‍ය විද්‍යාවේ ඇති ක‍්‍රමවේද අනුව, නිදන්ගත වකුගඩු රෝගයට කෙරෙන ප‍්‍රතිකාර, ‘බෝල එන හැටියට බැට් කිරීමක්’ බ`දු ය. (පිටුව-51) එසේම රුධිර කාන්දුකරණ ක‍්‍රියාවලිය යනු, පුද්ගලයෙකු ජීවත් කරවන ප‍්‍රතිකාරයක් නොවේ. එය මරණය පමා කරන ක‍්‍රමවේදයකි! (පිටුව-53)
එහි තේරුම, යම් හෙයකින් රෝගය වැළඳුන හොත් මරණය ඒකාන්ත වන බවයි!
කෙසේ වෙතත්, චන්න ජයසුමනයන් කියන්නේ දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා යම් යම් ප‍්‍රතිකාර ඇති බවයි. තමන් ඒවා ගැන තොරතුරු සෙවීමෙහි ද නියැලෙමින් සිටින බවයි.
පර්යේෂණ මගින් හෙළිවූ අන්දමට, රෝගය වැඩිපුරම වැළඳී ඇත්තේ ‘කිවුල් ජලය’ පානය කරන්නට සිදුවූ පිරිසට ය. ඔවුන් පානය සඳහා ජලය සපයා ගෙන ඇත්තේ නො ගැඹුරු ළිං මගිිනි. රෝගය වැළඳුණු බහුතරය රටේ වියලි කලාපීය ජනපදවල වෙසෙන ගොවීන් ය.
රෝගයට හේතුව, කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන ආසනික් සහ කැඩ්මියම් ඇතුළු බැර ලෝහ බව කලින් ද පැවසුවෙමු. පර්යේෂණවලින් අනාවරණය වූයේ රෝගයට ගොදුරුවූ අයගේ මුත‍්‍රා, හිස කෙස් සහ නියපොතු ආදියෙහි ආසනික් සහ බැර ලෝහ අන්තර්ගතව ඇති බවයි! ඒවා ශරීරයට ලැබී ඇත්තේ බැර ලෝහ සහිත පළිබෝධනාශක හ කෘතිම රසායනික පොහොර යොදා නිපදවන සහල්වල බත අනුභව කිරීමෙනි. බතින් ලැබෙන විෂ, පානය කරන කිවුල් ජලය සමග සංයෝග වීමෙන් රෝගය හට ගන්නා බව හෙළි විණි.
කරුණු මෙසේ වුව ද, ඇතැම් උගතුන් මේ කාරණා පිළිිගැනීමට කොහෙත්ම සූදානම් නැත. ඊට හේතුව වන්නේ, ඔවුන් කෘෂි රසායන වෙළෙ`ද සමාගම්වල ක‍්‍රියාවලිය කෙරෙහි ඇති දැඩි කැමැත්තයි! කැමැත්ත හට ගෙන ඇත්තේ රුපියල් හෝ ඩොලර් ලැබීමේ පදනමිනි! විදෙස් සංචාර හෝ වෙනත් වරදාන සහ වරප‍්‍රසාද ලැබීමේ පදනමිනි!
ලංකාවේ කෙරුණු නිදන්ගත වකුගඩු රෝග පර්යේෂණයේ නියමුවා වූයේ චන්න ජයසුමනයන් ය. ඒ සඳහා ඔහුට, මහාචාර්ය නලීන් ද සිල්වා, මහාචාර්ය ප‍්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ සහ ප‍්‍රියන්තා සේනානායක ඇතුළු විද්වත් පිරිසකගේ මගපෙන්වීම ලැබිණි. ඇමරිකාවේ කැලිපෝනියාවේ කළ පර්යේෂණ කොටස් ස`දහා මහාචාර්ය සරත් ගුණතිලක මහතාගේ මාර්ගෝපදේශකත්වය හිමි විය. මෙම කටයුතු සඳහා අති විශාල පිරිසක් පසුබිමෙහි රැෙඳෙමින් සහාය දී තිබේ. පර්යේෂණ කටයුතු කෙරුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ දී ය.
අනාදිමත් කාලයක් මුළුල්ලේ ලංකාවේ පැවති බහු වැදෑරුම් ක‍්‍රම ශිල්පයකි. එයට ආහාර විහරණය, ශාක ඖෂධ භාවිතය, රස වෙදකම, නාඩි ශාස්ත‍්‍රය, ආදිය මෙන්ම භෞතික ලෝකයට නො පෙනෙන බලවේගවල ශක්තිය ද යොදා ගැනුණු බව ප‍්‍රකට ය. යන්ත‍්‍ර-මන්ත‍්‍ර, බලි-තොවිල්, ශාන්තිකර්ම සහ ජ්‍යෝතිෂ්‍ය මෙන්ම විවිධ පුද පූජා, බුදු ගුණ කවි සහ පිරිත් ආදිය ද එයට භාවිත කෙරිණි. ‘සිංහල වෙදකම’ නමින් ප‍්‍රකට වූ ලංකාවේ දේශීය වෛද්‍ය ක‍්‍රමය, බටහිර වෛද්‍ය ක‍්‍රමය ප‍්‍රචලිත වන්නට පෙර රටේ ප‍්‍රධාන වෛද්‍ය ක‍්‍රමය විය. එය බොහෝ කාලයක් මුළුල්ලේ ලක් වැසියන් සුවපත් කිරීමට යොදා ගැනුණි.
චන්න ජයසුමනයන් ඇතුළු පිරිසගේ වකුගඩු රෝග පර්යේෂණය ද, එවන් ආභාෂයක් ලැබූ බව පෙනේ. ඒ, යම් යම් කාරණා සඳහා නාථ දෙවියන්ගේ මග පෙන්වීම් ද දායකකර ගැනීමෙනි. නවීන විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා නො පෙනෙන බලවේගවල පිහිට ලබා ගැනීම අති විශාල ලෙස විවේචනයට ද ලක් විය. ‘වකුගඩු සටන’ ග‍්‍රන්ථයේ චන්න මෙසේ කියයි.
‘ථෙරවාදී බුදු දහම ගැන හොඳ අවබෝධයකින් පසුවූ මට දෙවියන්, බඹුන්, භූතයන් හෝ වෙනත් ඇසට නො පෙනෙන ජීව කොටසක සම්මුති පැවැත්ම ගැන ප‍්‍රශ්නයක් නො වීය.’ (පිටුව-100)
චන්න කියන හැටියට, කිවුල් ජලය පානය කරන ප‍්‍රදේශවල අයට රෝගය වැළඳීමට හේතුව ආසනික් විය හැකි බවට මුල්ම අනුමානය ලැබී ඇත්තේ එතැනිනි!
නවීන විද්‍යාත්මක පර්යේෂණයකට නාථ දෙවියන් ගාවා ගැනීම, යම් විසම්මුති බවක් ජනිත කරවන බව ඇත්ත ය. එහෙත් ආසනික් ඇතුළු බැර ලෝහ කතාව පර්යේෂණය මගින් ද සනාථ විය. එසේම නාථ දෙවියන් සමග කොහෙත්ම සම්බන්ධයක් නො පැවති ලෝක සෞඛ්‍ය සංවිධාන පර්යේෂණයෙන් ද ඒ බව සනාථ විය. දෙවියන්ගේ බැල්ම කෙසේ වෙතත්, පර්යේෂණය ඔස්සේ සත්‍යය මතුකර ගැනීම පිණිස ඉන් මහත් පිටිවහලක් ලැබුණු බව පිළිගැනීමට සිදු වේ.
නිදන්ගත වකුගඩු රෝගය වැළඳීම කෙරෙහි ‘ග්ලයිපොසේට්’ අඩංගු වල්නාශක වර්ග බලපාන බව සොයා ගැනීම, විශේෂ කාරණයක් විය. ඒ සඳහා පර්යේෂණ කෙරුණේ, ඇමරිකාවේ කැලිපෝනියා විශ්වවිද්‍යාලයේ ද සහායෙනි. ග්ලයිපොසේට් අනාවරණයකර ගැනීම, අපේ රටේ පමණක් නොව ලෝකයේ ද මහත් ආන්දෝලනයට තුඩු දුන් බව ග‍්‍රන්ථයෙහි සඳහන් වේ. ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායන නිපදවා ලෝකයට බෙදා හරින්නේ ඇමරිකාවේ ‘මොන්සැන්ටෝ’ සමාගමයි. එය ලොව කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ඉතා ප‍්‍රබල වෙළෙඳ සමාගමකි.
ග්ලයිපොසේට් අනාවරණය වීමත් සමගම, සමාගමට හිතවත් බලවේග චන්න ජයසුමනලාට එල්ල කරන්නේ විශාල පීඩනයකි’ මේ හෙළිදරව්ව බොරුවක් බව ඔප්පු කරන්නට ඔවුන් දැරූ උත්සාහය අති විශාල ය.
ග්ලයිපොසේට් යනු කොල පැහැයෙන් යුත් සියලූම ශාක විනාශකර දමන රසායනයකි. එබැවින් වගා බිම් සකස් කිරීමේ දී ඉහළ ඵලදායකත්වයක් හිමිකර ගනියි. ඒවා මුලින්ම ලංකාවේ භාවිතකර ඇත්තේ 1983 වසරේ දී පමණ ය.
චන්න සිය කෘතියේ සඳහන් කරන ආකාරයට, පදවිය ප‍්‍රදේශයේ ගොවීන් 1980 දශකය මුල් භාගයේ සිට ඒවා භාවිතකර ඇත. ඒ ගැන ගොවීන් පවසා ඇත්තේ, ‘කුඹුරු පස බටර් මෙන් මෙලෙක් කරන මැජික් ද්‍රාවණයක්’ යනුවෙනි. (පිටුව-250-2510 ඉන් අඩු ශ‍්‍රමයකින් බිම් සකස් කළ හැකි බව ගොවීන් අත්දැක ඇත.
පදවියේ ඇතැම් ගොවීන් උදේ කාලයේ ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායන (රවුන්ඩප්) යොදා, එදාම අත් ට‍්‍රැක්ටරයෙන් කුඹුර මඩකර, එදිනම වී වැපිරූ අවස්ථා ද තිබී ඇති බව කතුවරයා කියයි! (පිටුව-214) රෝද දෙකේ ට‍්‍රැක්ටරයත්, ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායනත්, ‘අමුඩෙයි-පුකයි මෙන්’ ගැලපුණු බව ඔහු ගැමි වහරින්ම පවසයි.
මහවැලි බලධාරීහු 1980 දශකය මුල් භාගයේ දී, මහවැලි ‘සී’ කලාපයේ කෙත් බිම් සකස් කිරීම ස`දහා ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායන මහා පරිමාණයෙන් යොදා ගත් ආකාරය ද චන්න ජයසුමනයන් සිය ග‍්‍රන්ථයෙහි විස්තරකර තිබේ. 1983 වසරේ පටන් ඉන්දීය ග්ලයිපොසේට් නිෂ්පාදන රජරට ප‍්‍රදේශයේ අලෙවිකර ඇති බව ඔහු කියයි. (පිටුව-213)
අද මහවැලි ‘සී’ කලාපය ද (ගිරාඳුරුකෝට්ටේ සහ දෙහිඅත්තකණ්ඩිය ආද) නිදන්ගත වකුගඩු රෝගයේ ගොදුරු බිමකි.
මහවැලි සංවර්ධන ව්‍යාපාරය හේතුවෙන් ලංකාවේ වී වගා බිම් ප‍්‍රමාණය විශාල ලෙස ඉහළ ගියේ ය. එය කවුරුත් දන්නා කාරණයකි. ඊට සාපේක්ෂව පළිබෝධනාශක භාවිතය ද වේගයෙන් ඉහළ ගිය බව කෘතියෙහි සඳහන් වේ. වර්ෂ 1976ට සාපේක්ෂව, 1979 වසරේ දී පළිබොධනාශක ආනයනය සියයට 237කින් ඉහළ ගිය බව කතුවරයාගේ නිරීක්ෂණයයි. (පිටුව-154)
රසායනික බැර ලෝහ අහිතකර මාත‍්‍රාවලින් ශරීරගත වීම නිසා වකුගඩු රෝගය වැළෙඳන්නට සාමාන්‍යයෙන් වසර 15ක් පමණ ගතවේ. ඒ අනුව බලන කල, රජරට වැසියන් ග්ලයිපොසේට් භාවිත කළ වකවානුවත්, ඔවුන් රෝගයට ගොදුරුවූ වකවානුවත් එකට සැසෙ`දයි! ආසනික් සහ කැඞ්මියම් ආදී බැර ලෝහ මිනිස්
වකුගඩුවලට උග‍්‍ර ලෙස විෂ සහිත වේ. (පිටුව-158)
චන්න ජයසුමනලා වකුගඩු රෝග පර්යේෂණය කරන අතරතුර, මෙරට විද්වතුන් වැඩි දෙනෙක් සිට ගත්තේ ජනතාව සමග නොවේ! ඔවුන් සිට ගත්තේ කෂිි රසායන සමාගම් සමග ය! මුලින්ම ඔවුහු ආසනික් ගැන හෙළි වෙනවාට එරෙහිව ගියහ. ඊළඟට, ආසනික්, කැඞ්මියම් ඇතුළු බැර ලෝහ සාන්ද්‍රණය සහ කෘෂි රසායන අතර සම්බන්ධය හෙළි වෙනවාට එරෙහි වූහ. එයින් පසුව ‘ග්ලයිපොසේට්’ බේරා ගැනීම සඳහා සටන් කළහ. චන්න ජයසුමනලා කරන දෙයින් ලංකාවේ කෘෂි කර්මාන්තය බිඳ වැටෙතියි මතවාද පැතිර වූහ. පර්යේෂකයන් ‘ප‍්‍රීමා’ තිරි`ගු පිටි සමාගමේ කොන්ත‍්‍රාත්තුවක් ඉටු කරතියි තර්ක කළහ.වකුගඩු රෝග ප‍්‍රශ්නය ‘ප්ලෝරයිඞ්’ සහ ඇලූමිනියම් හැලි-වළං මත පටවන්නට උත්සාහ කළහ.
වකුගඩු මාරයා ග්ලයිපොසේට් බව හෙළි වීමත් සමගම දැන් ඔවුන් අලූත් පුහු තර්කයක් මතු කරමින් සිටිති! ‘වකුගඩු රෝගයට හේතුව, ගොවීන් අධික ලෙස හිරු රශ්මියට නිරාවරණයවී, විජලනයට පත් වීමයි’ යන්න, ඒ අලූත් කර්කයයි. කතුවරයා සඳහන්කර ඇති ආකාරයට, එය කෘෂිි රසායන සමාගම් විසින් සිය කුලී අන්තේවාසික විද්‍යාඥයන් යොදවා, බටහිර දී ගොඩ නැගූ මතවාදයකි. එය බටහිර රටවලදීම පරාජය විය. එසේ වුවත් ලංකාවේ ඇතැමුන් දැන් එය අපේ රටේ වපුරමින් සිටිති!
කෘෂි රසායන වෙළෙඳ සමාගම්වලට කුලියට කඩේ යන ලංකාවේ විද්වතුන් කොතරම් නිහීන ලෙස හැසිරුණාදැයි යන කාරණය ද, වකුගඩු රෝගය පිළිබඳ සංවාදයේ දී හෙළිදරව් විය. ලංකාවේ පළිබෝධනාශක රෙජිෂ්ඨාර්වරයා වරක් මාධ්‍ය මගින් ප‍්‍රකාශකර තිබුණේ, ආසනික් යනු මනුෂ්‍ය ශරීරයට අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යයක් බවයි! (පිටුව-135)
නිදහස් අධ්‍යාපනයෙන් හැදී වැඞී, විද්වතුන් වූ බොහොම දෙනෙක් රට වැසියන්ට ද්‍රෝහිවී ඇති ආකාරය මෙන්ම, සමහර මහජන නියෝජිතයන් ද, ඇතැම් මාධ්‍ය ආයතන ද, ඒ මග ගිය ආකාරය, කෘතිය මගින් නිරූපනය වේ.
x පේරාදෙණිය සරසවියේ සිටි එක්තරා මහාචාර්යවරයෙක්, වරක් ලෝක ප‍්‍රකට කෘෂි රසායන සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කළේ ය. ඔහු ගැන රේගු පරීක්ෂණයක් ද පැවැත් විණි. හෙතෙම පසුව කාර්මික තාක්ෂණ ආයතනයේ තනතුරකට ද පත් විය! (පිටුව-132)
x වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් පත් කෙරුණු කමිටුවකට වරක් කැබිනට් ඇමතිවරයෙකුගේ සහෝදරයෙකු ද පත් කෙරිණි. හෙතෙම ලංකාවට පළිාබා්ධනාශක ගෙන්වන සමාගමක හිමිකරුවෙකි! (පිටුව-197-198)
x පේරාදෙණිය සරසවියේ එක්තරා මහාචාර්යවරයෙක්, කෘෂි රසායන ආනයන සමාගමක ද අධ්‍යක්ෂවරයෙකි!
x ලංකාවේ ප‍්‍රකටතම විද්‍යුත් මාධ්‍ය ආයතනයක හිමිකාර සමාගමෙහි උප සමාගමක්, ලංකාවට ග්ලයිපොසේට් ආනයනය කරයි! නිතරම මහජනයා වෙනුවෙන් පෙනී සිටින්නේ යයි කියා ගන්නා විද්‍යුත් මාධ්‍ය ආයතනය, ලංකාවේ වකුගඩු රෝගය ගැන හෝ ග්ලයිපොසේට් ප‍්‍රශ්නය ගැන කටක් අරින්නේවත් නැත!
x ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනයේ සේවය කළ අධ්‍යක්ෂවරයෙකුගේ පුත‍්‍රයා, රැකියාව කරන්නේ කෘෂි රසායන සමාගමක ය.
x චන්න ජයසුමනයන් වකුගඩු රෝගය පිළිබඳ සිය පශ්චාත් උපාධි පර්යේෂණය කරන්නේ, කැලණිය විශ්වවිද්‍යාලයෙහි ශිිෂ්‍යයෙක් වශයෙනි. එහෙත් ඔහුට සරසවිය ඇතුළෙන්ම බරපතල ලෙස කෙණිහිලිකම් සහ බාධා කිරීම් එල්ල වෙයි. පසුව ඔහුට ඉන් ඉවත්වී, පර්යේෂණය සඳහා රජරට විශ්වවිද්‍යාලය තෝරා ගැනීමට සිදු වෙයි. (පිටුව-231-233) ඔහු පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන්නේ එතැනිනි.
‘වකුගඩු සටන’ ග‍්‍රන්ථය, අපට ලංකාවේ මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය ගැන බොහෝ දේවල් කියා දෙයි. එය සැබවින්ම සටනකි. එසේම, කෘෂි රසායන සමාගම් මාෆියාවට මුළු රටම බිළිවී ඇති ආකාරය ගැන ද ඉන් විස්තර කෙරේ. ගොවීන් දහස් ගණන් මියගොස් තිබියදීත් ඒ අය, කෘෂි රසායන ඊට හේතු වෙතියි පිළි ගන්නට මැලි වෙති. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ විෂ සහිත කෘෂි රසායන ආරක්ෂාකර ගැනීමට ය!
මෙය දිගින් දිගටම රටවැසි සංවාදයට ලක්විය යුතු කාරණයක් ද වන්නේ ය.
චන්න ජයසුමනයන්ගේ ග‍්‍රන්ථය, ‘ඇඟ හිිරි වැටෙන’ කෘතියක් යයි පැවසුවේ ඒ නිසා ය.
(ඡායාරූප-අන්තර්ජාලයෙනි)
2016/09/05.
(වලස්පති අඩවියේ පළ කෙරුණු ලිපියකි)
වස-විස රහිත දේශීය පාරම්පරික වී ගොවිතැනට ද, ඉන් නිපැයෙන වස නුමුසු බතට ද, ප‍්‍රිය කරන මිනිසුන්ගේ අන්තර්ජාල සාමීචිය/ සංස්කරණය-ක්රිෂ්ණ විජේබණ්ඩාර krishnawijebandara@gmail.com (ක්‍රිෂ්ණගේ අන්තර්ජාල සඟරාව-walaspathi.blogspot.com )
Followers
Wednesday, 29 March 2017
'මයිල්ඩ් හාල්’ සංස්කෘතියෙන් අත් මිදෙමු
නාගරික නෝනලාගේ
'මයිල්ඩ් හාල්’ සංස්කෘතියෙන් අත් මිදෙමු
(ක‍්‍රි‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
කොතෙක් අගහිඟකම් පැවතිය ද දැන් උදාවී ඇත්තේ අප‍්‍රියෙල් මාසයයි. එය මුළු රටම පාහේ උත්සව පවත්වන මාසයක් බව නො දන්නා කෙනෙක් නැත. අප‍්‍රියෙල් මාසයේ ලංකාවේ පැවැත්වෙන ලොකුම ජාතික උත්සවය ‘සිංහල හා හින්දු අලූත් අවුරුදු උත්සවයයි’. සමහරු එයට ‘සිංහල හා දෙමළ අවුරුද්ද’ යයි ද කියති. ලංකාවේ සිංහල ජනයා ද, දෙමළ ජනයා ද සමෝසමේ අලූත් අවඅරුද්ද සැමරීම එයට හේතුවයි. කැලැන්ඩර් ව්‍යවහාරයෙන් අප‍්‍රියෙල් යයි කියන මාසය, දකුණේ සිංහල මාස ක‍්‍රමයට අනුව ‘බක් මාසයයි’.
(ක‍්‍රි‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
කොතෙක් අගහිඟකම් පැවතිය ද දැන් උදාවී ඇත්තේ අප‍්‍රියෙල් මාසයයි. එය මුළු රටම පාහේ උත්සව පවත්වන මාසයක් බව නො දන්නා කෙනෙක් නැත. අප‍්‍රියෙල් මාසයේ ලංකාවේ පැවැත්වෙන ලොකුම ජාතික උත්සවය ‘සිංහල හා හින්දු අලූත් අවුරුදු උත්සවයයි’. සමහරු එයට ‘සිංහල හා දෙමළ අවුරුද්ද’ යයි ද කියති. ලංකාවේ සිංහල ජනයා ද, දෙමළ ජනයා ද සමෝසමේ අලූත් අවඅරුද්ද සැමරීම එයට හේතුවයි. කැලැන්ඩර් ව්‍යවහාරයෙන් අප‍්‍රියෙල් යයි කියන මාසය, දකුණේ සිංහල මාස ක‍්‍රමයට අනුව ‘බක් මාසයයි’.
![]() |
| ඡායාරූප-ශ්‍රීලාල් ගෝමස් |
මේ ලිපිය ලියන්නේ ළඟ එන ‘අලූත් අවුරුද්ඳ ගැන කීමටම නොවේ. මුළු රටම වැළ`ද ගෙන සිටින ‘ජේත්තුකාර ආහාර සත්තාවක්’, අලූත් අවඅරුද්ද පිටින් දමා ‘යහපත් අතට’ පෙරළාගත හැකි බව මතක්කර දීමට ය. එනම් කොළඹ ද ඇතුළුව නාගරික සමාජයේ දැන උගත් නෝනලා, සිංහල භාෂාවේ ‘ඞ්’ අක්ෂරය නිවැරදිව උසුරුවමින් ‘මයිල්ඞ්’ යයි තෙපලන ඉංගිරිසි වචනයේ ‘රෝගී ස්වභාවය’ ගැන යමක් පැහැදිලිකර දීමට ය! කොළඹ ද ඇතුළුව නාගරික සමාජයේ නෝනලා බොහොම දෙනෙක් ‘බත් කෑම’ සම්බන්ධයෙන් ‘මයිල්ඞ්’ යන කාරණය අධික ලෙස ප‍්‍රිය කිරීම ඊට හේතුවයි.
ඔවුන්ට අනුව, ‘බතට’ ගන්නා සහල ‘මයිල්ඞ්’ නැතිනම් එය ‘මහත් ජරා හාලකි’. ඒ අයට ‘රතු සහල්’ ‘අප්පිරියා සහගත’ දෙයකි! හාල්වල ‘පොත්ත රතු' නම් අරහං ය! එබැවින් බොහොම දෙනෙක් බත සරිකර ගන්නේ, ‘සුදු’ සහල්වලිනි. නාගරික සමාජය සහල් තෝරා ගැනීමේ දී ‘මයිල්ඞ්’ යයි කියන්නේ, එයින් ඉදෙන බත, ‘සුමුදු’, කෑමට පහසු, සිනි`දු බවින් අනූන වීමයි. ‘සුදු සහල් වර්ග’ හෝ ‘රතු කුරුට්ට’ (Bran) ඉවත් වන තරමට පාහින ලද රතු සහල් වර්ග ‘මයිල්ඞ්’ ය.
ඔවුන් සිතන ආකාරයට, රතු කුරුට්ට සහිත සහල් වර්ග ‘මයිල්ඞ් නැති බැවින්’ කෑමට දුෂ්කර ය. සුදු සහල් නම් ‘හොඳටෝම මයිල්ඞ්’ ය. අනෙක නාගරික සමාජය බෙහෙවින් ප‍්‍රිය කරන ‘සම්බා’ හෝ ‘කීරි සම්බා’ යන සහල් වර්ග, උපරිමයෙන්ම ‘මයිල්ඞ්’ බව ඔවුන්ගේ ඇදහීමයි. පෙදු ව්‍යවහාරයේ දී ඒවා ‘සුදු සහල්’ ය.
නාගරික හෝ වේවා, ග‍්‍රාමීය හෝ වේවා ‘මයිල්ඞ්’ සහල්වල සුමුදු රසයට වහ වැටුණු බොහොම දෙනෙක් නිතර මුණගැසිය හැකි ස්ථාන ද එමට තිබේ. මහේශාක්‍ය පෞද්ගලික රෝහල් හෝ චැනල් සේවා මධ්‍යස්ථාන ඉන් ප‍්‍රධාන ය! දියවැඩියාව, කොලෙස්ටරෝල් අධික වීම, අධික රුධිර පීඩනය, පෝෂණ ඌණතා රෝග (නීරක්තිය වැනි) සහ අධි පෝෂණය මුල්කර ගෙන වැළෙඳන රෝගාබාධ ඔවුන් අතර සුලභ ය. ඒ අයට, සුදු හෝ මයිල්ඞ් සහලේ බත කකා, බෙහෙත් බිබී ජීවත් වන්නට සිදුවී තිබේ!
දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග සහ වකුගඩුවල ක‍්‍රියාකාරිත්වය අඩපණ වීම වැනි බෝ නො වන, නිදන්ගත රෝග වැළ`දීමට හේතු වන ප‍්‍රධාන කාරණය, ‘මයිල්ඞ්’ හෝ ‘සුදු සහල්’ බත ආහාරයට ගැනීම නො වන බව සත්‍යයකි. එහෙත් එය ‘සැලකිය යුතු කාරණාවක්’ බව වර්තමාන පිළිගැනීමයි! පැරණි දේශීය වෙදකමේ මෙන්ම නව විද්‍යාත්මක පර්යේෂණ මගින් හෙළිදරව්වී ඇත්තේ, ‘මයිල්ඞ් කළ’ රතු සහල් හෝ ‘සුදු සහල්වල’ මෙලෝ පෝෂණ ගුණයක් නැති බවයි! වෛද්‍යවරුන් ද කියන්නේ නිතරම ‘රතු සහල්වල’ බත වළඳන ලෙස ය.
![]() |
| ඡායාරූප-ප්‍රෑන්ක් ද සොයිසා |
එහෙත් රටවැසියන් විශාල පිරිසක් තවමත් ‘කුරුට්ට’ හෙවත් ‘නිවුඞ්ඩ’ නැසූ රතු සහල් හෝ සුදු සහල් වර්ග හඹා යමින් සිටිති. ළඟ ඔන අලූත් අවුරුද්දට ද ඔවුන් ‘හොඳටෝම මයිල්ඞ් කළ’ රතු සහල් හෝ සුදු සහල් මිල දී ගන්නවා ඇත!
ආසියාතිකයන් වන අපට ‘බත’ අතිශයින්ම වැදගත් ය. ඊට හේතු ගණනාවකි.
වී වගාවෙන් නිපැයෙන සහලින් උපදින ‘බත’, අනාදිමත් කාලයක් මුළුල්ලේ ශ‍්‍රී ලාංකිකයන් ද ඇතුළුව ආසියාතිකයන්ගේ ප‍්‍රධාන ආහාරයයි. පෝෂණය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් සියයට 40ක් ද, කැලරි (ශක්තිය) අවශ්‍යතාවයෙන් සියයට 46ක් ද සැපයෙන්නේ එයිනි. එබැවින් මනුෂ්‍යයන්ගේ පෝෂණය සහ සෞඛ්‍යය අතින් ගත් කල, ‘බත’ නො තකා හරින්නට පුළුවන්කමක් නැත.
රටට අවශ්‍ය ‘බත’ සැපයීම, ලංකාවේ අතීත රජවරුන්ගේ සමයෙහි පටන්ම අපේ කෘෂිකර්මාන්තයෙහි ප‍්‍රධාන කාර්යභාරය වූයේ ය. එකල භාවිත කෙරුණේ ‘දේශීය පාරම්පරික වී වර්ග’ යි. රටට ලැබෙන වර්ෂා රටාව මත පදනම්ව, ‘යල’ සහ ‘මහ’ වශයෙන් ‘කන්න’ (වී වගා කෙරෙන වකවානු) දෙකක දී වී වගා කිරීම ලාංකේය ගොවීන්ගේ සිරිත විය.
වර්තමානයේ රට පුරා වගා කෙරෙන්නේ, ‘නව වැඩි දියණුු කළ’ නවීන වී ප‍්‍රභේදයන් ය. එසේ වුව ද, බත මෙන්ම සහල ද උපදින ‘වී’, වර්තමානයේ පවා අපේ රටේ වගා කෙරෙන ප‍්‍රධාන ආහාර භෝගයයි. රටේ සමස්ත කෘෂිකාර්මික භූමියෙන් සියයට 34ක් පමණ වෙන්ව ඇත්තේ ‘වී’ වගාව පිණිස ය. ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2015 වසරේ රටේ සමස්ත වී නිපැයුම මෙටි‍්‍රක් ටොන් මිලියන 4.8කි. වී අස්වනු නෙලා ගත් සමස්ත භූමිය, හෙක්ටයාර් 10,88,374කි. හෙක්ටයාර් එකක සාමාන්‍ය වී අස්වනු ඵලදායිතාව, කිලෝග‍්‍රෑම් 4429කි.
වර්තමාන ලංකාවේ ගොවීන් බහුතරයක් වගා කරන්නේ, දෙමුහුන් සහ නව වැඩි දියුණු කළ නවීන වී ප‍්‍රභේද බව ඉහත ද ස`දහන් කළෙමු. ඒ ස`දහා කෘත‍්‍රිම රසායනික පොහොර, කෘත‍්‍රිම රසායනික පළිබෝධනාශක වර්ග, නවීන වගා උපක‍්‍රම, නවීන උපකරණ හා යන්ත‍්‍ර ද බහුලව භාවිත කෙරේ. එය නවීන, කෘත‍්‍රිම රසායනික ගොවිතැනකි. ‘බත’ රටේ ප‍්‍රධාන ආහාරය වන බැවින්, ලංකාවාසීන්ගේ වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග‍්‍රෑම් 100ක් යයි ද ගණන් බලා තිබේ. දැන් මුළු රටම නවීන, රසායනික වී ගොවිතැනින් උපදින බත අනුභව කරන බව, මෙහි අර්ථයයි. එය රටට ප‍්‍රචලිත වූයේ වර්ෂ 1960න් පසුව එළඹුණු සුප‍්‍රකට ‘හරිත විප්ලවයේ’ අනුහසිනි.
හරිත විප්ලවයෙන් උපන් නවීන බත අනුභව කරන අපට, එසේම ‘මයිල්ඞ් කළ’ හෝ ‘සුදු සහල්’ බහුලව අනුභව කරන අපට දැන් සිදුව ඇත්තේ කුමක් ද? ඒ ප‍්‍රශ්නයට පිළිතුරු ලබා ගැනීම සඳහා, ලංකාවේ ‘යුනිසෙෆ්’ ආයතනයේ (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල) නිල වෙබ් අඩවියට යා යුතු ය!
ලංකාවේ ජනතාවට ඔවුන් පිරිනමා ඇති ‘සෞඛ්‍ය සහතිකය’ මෙසේ ය.
x ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් ගෙන් සියයට 29ක්ම, අඩුබර දරුවන් වශයෙන් (උපත් බර කිලෝග‍්‍රෑම් 2.5ට අඩු) උපත ලැබුවෝ වෙති. රටේ සමහර දිස්ත‍්‍රික්කවල මේ අනුපාතිකය සියයට 37.4කි.
x ලංකාවේ අඩුබර දරුවන් වැඩියෙන්ම වාර්තා වන දිස්ත‍්‍රික්කය (සියයට 32.8) බදුල්ලයි. ඊළඟට ත‍්‍රිකුණාමලය (සියයට 27.8) යි. මහනුවර දිස්ත‍්‍රික්කයේ එය සියයට 25.3කි. ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියයට 11.6කි.
x ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් ගෙන් සියයට 29ක්ම, අඩුබර දරුවන් වශයෙන් (උපත් බර කිලෝග‍්‍රෑම් 2.5ට අඩු) උපත ලැබුවෝ වෙති. රටේ සමහර දිස්ත‍්‍රික්කවල මේ අනුපාතිකය සියයට 37.4කි.
x ලංකාවේ අඩුබර දරුවන් වැඩියෙන්ම වාර්තා වන දිස්ත‍්‍රික්කය (සියයට 32.8) බදුල්ලයි. ඊළඟට ත‍්‍රිකුණාමලය (සියයට 27.8) යි. මහනුවර දිස්ත‍්‍රික්කයේ එය සියයට 25.3කි. ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියයට 11.6කි.
x ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් ගෙන්, බර අනුව උස ප‍්‍රමාණවත් නො වන පිරිස (Wasting) සියයට 14කි. වයසට අනුව බර නැතිකමින් පෙළෙන පිරිස සියයට 29කි. ළමුන්ගෙන් සියයට 7ක්ම අධික බර ඇති අයයි!
x වයස මාස 06-11 අතර දරුවන් ගෙන් සියයට 58ක් ද, මාස 12-23 අතර දරුවන් ගෙන් සියයට 38ක් ද, නීරක්තියෙන් (ලේ හිඟකමෙන්) පෙළෙන්නෝ ය.
x ගැබිණි කාන්තාවන් අතර නීරක්ති තත්ත්වය සියයට 16කි. 'යුනිසෙෆ්’ නිල වෙබ් අඩවිය මෙසේ කියන විට, සෞඛ්‍ය අමාත්‍යංශය කල සමීක්ෂණයකට අනුව, බෝ නො වන, නිදන්ගත රෝග පිළිබඳ තත්ත්වයන් මෙසේ ය.
x ගැබිණි කාන්තාවන් අතර නීරක්ති තත්ත්වය සියයට 16කි. 'යුනිසෙෆ්’ නිල වෙබ් අඩවිය මෙසේ කියන විට, සෞඛ්‍ය අමාත්‍යංශය කල සමීක්ෂණයකට අනුව, බෝ නො වන, නිදන්ගත රෝග පිළිබඳ තත්ත්වයන් මෙසේ ය.
x රටේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව සියයට 39කි.
x දියවැඩියාවෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව සියයට 30.4කි.
x හෘද රෝගවලින් පෙළෙන්නන් සංඛ්‍යාව සියයට 9.0කි.
මේ කාරණාවලින් පෙන්නුම් කරන්නේ කුමක් ද? 1960 වසරෙන් පසුව, හරිත විප්ලවයෙන් උපන් බත අනුභව කරන මිනිසුන් ලෙඩ දුකට වැඞී ඇති බව නොවේ ද? හො`දටෝම ‘මයිල්ඞ් කළ‘ හෝ ‘සුදු සහල්’ බත් අනුභව කළ අය ද ලෙඩවී ඇති බව නොවේ ද?
මේ කාරණාවලින් පෙන්නුම් කරන්නේ කුමක් ද? 1960 වසරෙන් පසුව, හරිත විප්ලවයෙන් උපන් බත අනුභව කරන මිනිසුන් ලෙඩ දුකට වැඞී ඇති බව නොවේ ද? හො`දටෝම ‘මයිල්ඞ් කළ‘ හෝ ‘සුදු සහල්’ බත් අනුභව කළ අය ද ලෙඩවී ඇති බව නොවේ ද?
ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය වර්ෂ 2000 දී පටන්, අපේ රටේ දේශීය පාරම්පරික සහල්වල පෝෂණ ගුණය සහ බෝ නො වන රෝග පාලන ගුණය අරභයා දැවැන්ත පර්යේෂණ මාලාවක් කළේ ය. එය සිදු වූයේ කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර මහතාගේ මෙහෙයවීමෙනි.
කාර්මික තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් වන, ආචාර්ය නන්දනී එදිරිවීර (කෘෂි සහ ආහාර තාක්ෂණ අංශයේ හිටපු ප‍්‍රධානි), දමිතා රාජපක්ෂ, ආචාර්ය තේජා හේරත්, බෝඹුවල වී පර්යේෂණ ආයතනයේ ආචාර්ය අමිතා පී. බෙන්තොට, ආචාර්ය එස්. එම්. විජේසුන්දර ඇතුළු විද්වතුන් පිරිසක් දේශීය සහල්වල පෝෂණ ගුණය අරභයා පර්යේෂණ කළහ. දේශීය පාරම්පරික සහල්වල බෝ නො වන රෝග පාලන ගුණය ගැන පර්යේෂණය කළේ, කාර්මික තාක්ෂණ ආයතනයේ, ආහාර තාක්ෂණ අංශයේ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය කාංචනා අබේසේකර මෙනවියයි. පකිස්තානයේ කරච්චි විශ්වවිද්‍යාලය සහ ඇමරිකාවේ අකන්සාස් විශ්වවිද්‍යාලයේ සහාය එයට ලැබිණි.
පර්යේෂණ මාලාවෙන් හෙළිදරව්වූ අන්දමට,
x දේශීය පාරම්පරික රතු සහල් වර්ග (රතු කුරුට්ට සහිත) බොහොමයකම, දියවැඩියාව ඇතුළු බෝ නො වන රෝග පාලනය කිරීමේ විශිෂ්ඨ ගුණයක් ඇත.
x එසේම දැනට භාවිතයේ ඇති ‘නව වැඩි දියුණු කළ’ වී වර්ගවල ‘රතු සහලේ’ ද (රතු කුරුට්ට සහිත), බෝ නො වන රෝග පාලනය කිරීමේ ගුණ යම් තරමකට තිබේ. එහෙත් දේශීය පාරම්පරික රතු සහල් වර්ගවල බෝ නො වන රෝග පාලනය කිරීමේ ගුණය ඊට වඩා වැඩි ය.
x පොදුවේ, රතු කුරුට්ට සහිත සහල්වල බෝ නො වන රෝග පාලනය කිරීමේ ගුණ යහමින් තිබේ. එහෙත් සුදු සහල්වල හෝ රතු කුරුට්ට ඉවත් කළ (මයිල්ඞ් කළ) සහල්වල එබඳු ගුණයක් නැත්තේ ය. සහල්වල ඇති පෝෂණීය සහ ඖෂධීය ගුණ සියල්ල, එහි ඇති ‘රතු කුරුට්ටේ’ අන්තර්ගතව තිබීම ඊට හේතුවයි. කුරුට්ට හෙවත් නිවුඞ්ඩ ඉවත් කළ විට, සහලේ ඇති යකඩ සංයුතිය සියයට 80කට වඩා ඉවත්ව යයි.
x බෝ නො වන රෝග පාලනය සම්බන්ධයෙන්, සුදු හීනැටි, ගොඩ හීනැටි, දික් වී සහ මසුරන් යන දේශීය පාරම්පරික සහල් වර්ගවල ඇති ගුණය ඉතා විශිෂ්ඨ බව පර්යේෂණයෙන් හෙළි විය.
එබැවින් කාර්මික තාක්ෂණ ආයතනය කියන්නේ, නිතරම ‘රතු සහල්’ (මයිල්ඞ් නො කළ) ආහාරයට ගැනීමෙන් නිරෝගී ජීවිතයකට උරුමකම් කිව හැකි බව ය. එසේම දේශීය පාරම්පරික රතු සහල් වර්ගවල බත අනුභව කරන්නට හැකි නම්, ඊටත් වඩා හොඳ ය. එයින් නිරෝගී බව තව තවත් වැඩි වේ!
කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණයට හසුවූ දේශීය පාරම්පරික සහල් වර්ග 25කින්, වැඩිම ප්‍රෝටීන් සංයුතිය වාර්තා වූයේ (සියයට 13.3ක්) පච්චපෙරුමාල් සහලෙනි. අවමය වාර්තා වූයේ (සියයට 10.7* සුලැයි සහලෙනි. පාරම්පරික සහල්වල යකඩ සංයුතිය වැඩිම (සියයට 3.4ක්) සහල රතු හීනැටි ය. අඩුම සහල (සියයට 2.1) හොඬරවාල ය. දේශීය පාරම්පරික සහල්වල සින්ක් සංයුතිය ද සියයට 2.9ත් 3.9ත් අතර විය.
x එහෙත් ජනප‍්‍රිය ‘කීරි සම්බා’ (බී. ජී. 360) සහලේ ප්‍රෝටීන සංයුතිය සියයට 7.4කි. යකඩ සංයුතිය සියයට 1.8කි. සින්ක් සංයුතිය සියයට 2.5කි.
x එහෙත් ජනප‍්‍රිය ‘කීරි සම්බා’ (බී. ජී. 360) සහලේ ප්‍රෝටීන සංයුතිය සියයට 7.4කි. යකඩ සංයුතිය සියයට 1.8කි. සින්ක් සංයුතිය සියයට 2.5කි.
x සුප‍්‍රකට මහ සම්බා (බී. ජී. 358) සහලේ ප්‍රෝටීන සංයුතිය සියයට 6.6කි. යකඩ සංයුතිය සියයට 1.8කි. සින්ක් සංයුතිය සියයට 2.7කි.
x ‘බී. ජී. 352’ නම් සුදු සහලේ, ප්‍රෝටීන සංයුතිය සියයට 7.5කි. යකඩ සංයුතිය සියයට 1.9කි. සින්ක් සංයුතිය සියයට 2.9කි.
මෙයින් පෙනෙන්නේ සුප‍්‍රකට, මහේශාක්‍ය, මිල අධික, කීරි සම්බා ඇතුළු සුදු සහල් වර්ගවල මෙලෝ ගුණයක් නැති බව ය. එසේම ඒවා නිරන්තරව ආහාරයට ගැනීමෙන් මහජනයාගේ සෞඛ්‍යය රැකෙන්නේ ද නැති බව ය!
එබැවින් මෙවර අලූත් අවුරුද්දට, ‘මයිල්ඞ් නො කළ’ රතු සහල් අනුභව කිරීමෙන් නිරෝගිමත් ජීවිතයකට මුල පුරන්නට පුළුවන. නාගරික නෝනලාගේ ‘මයිල්ඞ් හාල්’ සංස්කෘතියෙන් අත් මිදී, ‘රතු සහල්’ භාවිතයට එළඹීම කොයි අතටත් හොඳ ය!
-සමාප්තයි-
2017/03/29.
-සමාප්තයි-
2017/03/29.
පොත් මල්ල
පොත් මල්ලේ
විස්තර
දේශීය පාරම්පරික වී ෙගාවිතැන්
ක්ෂේත්‍රය ගැන
ලියැවුණු පොත් පත්
01-බත
මහාචාර්ය ජේ. එම්. එස්. බණ්ඩාර/එච්. වී. පී. විජයවර්ධන/වින්ධ්‍යා
ජයවික්‍රම-2010/ප්‍රකාශනය-බදුල්ලේ
කොම්පාස් ආයතනය
02-වී වරුණ
කීරන්තිඩියේ පඤ්ඥාසේකර
හිමි-2003
03-රන් පොළොව, සාගින්න
සහ මරණය
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර-2003
04-දුප්පත් බතට වස
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර-2005
05-සිංහල ගොවිතැන
පණ්ඩිත මැද උයන්ගාඩ
විමලකීර්ති හිමි-2002/දෙවැනි මුද්‍රණය/ගොඩගේ
ප්‍රකාශන.
06-කෘෂිකර්ම සංහිතා
ඇල්බට් හෝවර්ඩ්ගේ ‘An Agricultural Testament’ ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය-චරිතා විජේරත්න
07-වසන්තය නිහඬය (The silent spring)
රැචල් කාසන්/පරිවර්තනය-චන්දි රාජපක්ෂ
08-වස නුමුසු බතක අරුමැසි වරුණ
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර-2016
09-වැව
උදුලබණ්ඩාර අවුසදහාමි
10-මිණිහිරි වාපි
ආරියරත්න සුබසිංහ
11-ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් වර්ග කිහිපයක
ගුණාංග
කාර්මික තාක්ෂණ ආයතනය/කෘෂිකර්ම දෙපාර්තමේන්තුව-2011
Monday, 27 March 2017
masuranbath.blogspot.com ගැන කතිකාව
masuranbath.blogspot.com
බ්ලොග් අඩවිය ගැන කතිකාව
අපේ අරමුණ
දේශීය පාරම්පරික වී වර්ග, වස විසෙන් තොරව වගා කිරීමේ ක‍්‍රියාවලියට සහ වස නුමුසු බතක් අනුභව කරනු රිසි හුදී ජනයින්ට අත්වැලක් සැපයීම අපේ අරමුණයි.
හැඳින්වීම
වී වගාවෙන් නිපැයෙන සහලින් උපදින ‘බත’, අනාදිමත් කාලයක් මුළුල්ලේ ශ‍්‍රී ලාංකිකයන් ද ඇතුළුව ආසියාතිකයන්ගේ ප‍්‍රධාන ආහාරයයි. පෝෂණය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් සියයට 40ක් ද, කැලරි අවශ්‍යතාවයෙන් සියයට 46ක් ද සැපයෙන්නේ එයිනි.
රටට අවශ්‍ය ‘බත’ සැපයීම, ලංකාවේ අතීත රජවරුන්ගේ සමයෙහි පටන්ම අපේ කෘෂිකර්මාන්තයෙහි ප‍්‍රධාන කාර්යභාරය වූයේ ය. එකල භාවිත කෙරුණේ ‘දේශීය පාරම්පරික වී වර්ග’ යි. රටට ලැබෙන වර්ෂා රටාව මත පදනම්ව, ‘යල’ සහ ‘මහ’ වශයෙන් ‘කන්න’ (වී වගා කෙරෙන වකවානු) දෙකක දී වී වගා කිරීම ලාංකේය ගොවීන්ගේ සිරිත විය.
වර්තමානයේ රට පුරා වගා කෙරෙන්නේ, ‘නව වැඩි දියණුු කළ’ නවීන වී ප‍්‍රභේදයන් ය. එසේ වුව ද, බත මෙන්ම සහල ද උපදින ‘වී’, වර්තමානයේ පවා අපේ රටේ වගා කෙරෙන ප‍්‍රධාන ආහාර භෝගයයි. රටේ සමස්ත කෘෂිකාර්මික භූමියෙන් සියයට 34ක් පමණ වෙන්ව ඇත්තේ ‘වී’ වගාව පිණිස ය.
ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2015 වසරේ රටේ සමස්ත වී නිපැයුම මෙටි‍්‍රක් ටොන් මිලියන 4.8කි. වී අස්වනු නෙලා ගත් සමස්ත භූමිය, හෙක්ටයාර් 10,88,374කි. හෙක්ටයාර් එකක සාමාන්‍ය වී අස්වනු ඵලදායිතාව, කිලෝග‍්‍රෑම් 4429කි. වර්තමාන ලංකාවේ ගොවීන් බහුතරයක් වගා කරන්නේ, දෙමුහුන් සහ නව වැඩි දියුණු කළ නවීන වී ප‍්‍රභේදයන් ය. ඒ ස`දහා කෘත‍්‍රිම රසායනික පොහොර, කෘත‍්‍රිම රසායනික පළිබෝධනාශක වර්ග, නවීන වගා උපක‍්‍රම, නවීන උපකරණ හා යන්ත‍්‍ර ද බහුලව භාවිත කෙරේ. එය නවීන, කෘත‍්‍රිම රසායනික ගොවිතැනකි. ‘බත’ රටේ ප‍්‍රධාන ආහාරය වන බැවින්, ලංකාවාසීන්ගේ වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග‍්‍රෑම් 100ක් යයි ද ගණන් බලා තිබේ.
දේශීය පාරම්පරික වී ප‍්‍රභේද
‘හරිත විප්ලවය’ ලෝකයට ව්‍යාප්ත කෙරුණු වර්ෂ 1960 දශකයට පෙර, ශ‍්‍රී ලංකාව පුරා වගා කෙරුණේ ‘දේශීය පාරම්පරික වී ප‍්‍රභේදයන්’ ය. ඒවා වගා කෙරුණේ ද, කාබනික පොහොර සහ විෂ රහිත, දේශීය විධික‍්‍රම භාවිත කරමිනි. වල් මර්දනය සහ පළිබෝධකයන් මර්දනය පිණිස දේශීය උපක‍්‍රම භාවිත කෙරිණි. වී වගාව එහැමපිටින්ම දේශීය මුහුණුවරක් ගත්තේ ය. එය රටේ වර්ෂාපතන රටාව, ඉපැරණි වාරිමාර්ග පද්ධති, වගා භූමියේ ස්වභාවය සහ සොබාදහමේ විවිධ නියාමයන් සමග ද බැඳී පැවතිණි. නිපැයුණු දේශීය පාරම්පරික වියෙහි අස්වැන්න, පෝෂණීය මෙන් ඹෟෂධීය ගුණයෙන් ද පිරිපුන් විය.
එහෙත් වර්ෂ 1960න් පසුව ප‍්‍රචලිත කෙරුණු ‘හරිත විප්ලව කෘෂිකර්මය’ ඔස්සේ සියල්ල වෙනස් විය. එයින් ‘නව වැඩිදියුණු කළ’ සහ ‘දෙමුහුන් වී වර්ග’ හඳුන්වාදෙනු ලැබී ය. ඒවා වගා කිරීමට කෘත‍්‍රිම රසායනික පොහොර, කෘත‍්‍රිම රසායනික පළිබෝධනාශක වර්ග සහ නවීන වගා උපක‍්‍රම සහ ට‍්‍රැක්ටර් වැනි යන්ත‍්‍ර ද අවශ්‍ය විය. අලූත් වී වර්ගවලින් වැඩි අස්වැන්නක් ලැබිණි. එබැවින් ලංකාවේ ගොවීන් ද නව ගොවිතැනට ඇබ්බැහි වූහ. එය රට පුරා ව්‍යාප්ත විණි.
‘නව වැඩිදියුණු කළ’ සහ ‘දෙමුහුන් වී වර්ග’ නිපදවන්නට පුරෝගාමී වූයේ, හරිත විප්ලව ක‍්‍රියාදාමයේ ‘මහා පර්යේෂකයා’ වූ පිලිපීනයේ පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයයි. ඔවුහු එක් එක් රටවල පාරම්පරික වී ප‍්‍රභේද රැස්කර, ඒවායෙහි ලක්ෂණ ද බද්ධකර නව වී වර්ග නිපදවූහ. මේ සඳහා එකල ලංකාවේ පැරණි වී වර්ගවල සාම්පල ද උපයෝගීකර ගැනුණි. අවසන, දේශීය පාරම්පරික වී ප‍්‍රභේද ගොවීන් වෙතින් ගිලිහී ගියේ ය. ඒවායෙහි සාම්පල් පර්යේෂණාගාරවල තැන්පත් කෙරිණි.
සියල්ල අවසානයේ, එතෙක් පැවති දේශීය පාරම්පරික වී වර්ග ද, සම්ප‍්‍රදායික වී වගා දැනුම් සම්භාරය මෙන්ම වගා පිළිවෙත් ද ක‍්‍රමයෙන් අභාවයට ගියේ ය. වැඩි අස්වැන්නක් ලබා, රට වැසියන්ගේ කුස ගිනි නිවන්නට නම්, නවීන රසායනික ගොවිතැන අත්‍යවශ්‍ය දෙයක් යයි ජන මතයක් ද පැතිරිණි.
එහෙත් ලංකාවේ ඇතැම් ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිටි වී ගොවීන් සුළු පිරිසක්, නවීන ගොවිතැනට සහ නව වී වර්ගවලට කැමති නො වූහ. ඒවායෙහි බතට ද කැමති නො වූහ. එබැවින් ඔවුහු තවදුරටත් දේශීය පාරම්පරික වී ප‍්‍රභේද, කාබනිකව වගා කරමින් සිය ආහාර සරිකර ගත්හ. දේශීය පාරම්පරික වී වර්ග බොහොමයක් ඔවුන් අත සුරැකිණි.
වර්ෂ 1970 දශකය අග භාගයේ පටන් පුරෝගාමී ගොවීන් කිහිප දෙනෙකුට, නව රසායනික වී ගොවිතැනෙහි යම් ආරවුලක් ඇති බව වැටහී යමින් තිබිණි. ඔවුහු ඈත ගම්වල සිටි ගොවීන් ගෙන්, පැරණි වී වර්ගවල බීජ එක් රැස් කරන්නට වූහ. ඒවා සංරක්ෂණය පිණිස කාබනිකව වගා කරන්නටත්, සහෝදර ගොවීන් අතර බෙදා දී ව්‍යාප්ත කරන්නටත් මහත් උත්සාහයක යෙදුණහ. එය සංවිධානාත්මක, පුළුල් අරමුණු සහිත ව්‍යාපාරයක් විය. එකල රාජ්‍ය නො වන සංවිධාන කිහිපයක් ද ඔවුන් සමග එක් විය. වස විස සපිරි නවීන ගොවිතැන නිසා, මනුෂ්‍යයාට ද, පරිසරයට ද ඇතිවන අයහපත මකා දැමීම ඔවුන්ගේ අදිටන විය. ඇලෙක්ස් තන්ත‍්‍රිආරච්චි සහ මතුගම සෙනෙවිරුවන් යන සමාජ ක‍්‍රියාකාරිකයන් එහි නියමුවන් වූහ.
ඔවුන්ගේ ද, තවත් ගොවීන්ගේ ද උත්සාහය නිසා, අද වන විට (2017) දේශීය පාරම්පරික වී වර්ග 600ක් පමණ රටට ඉතිරිව තිබේ. රට පුරා ගොවීන් විශාල පිරිසක් දැන් ඒවා කාබනිකව වගා කරමින් සිටිති. වසර 2000 දශකය අග භාගයේ පටන්, දේශීය පාරම්පරික වී වර්ග වස විසෙන් තොරව වගා කිරීම සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ද ලැබෙමින් තිබෙන්නේ ය.
1990 දශකයේ සිට රටේ වියලි කලාපීය පෙදෙස්වලින් මතුවන්නට පටන්ගත් මාරාන්තික වකුගඩු රෝගයත්, පිළිකා, දියවැඩියාව ඇතුළු බෝ නො වන රෝග බහුලව පැතිරෙන්නට වීමත් නිසා විශාල සමාජ කතිකාවතක් ඇති විය. නවීන රසායනික ගොවිතැන ඔස්සේ මහ පොළොවට වස විස කලවම් වීමෙන් ලෙඩ රෝග පැතිරෙන බව නව පර්යේෂණ මගින් ද හෙළිදරව් විය. මාරාන්තික වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ ආචාර්ය චන්න ජයසුමන මහතා, ඒ අතර කැපී පෙනුණි.
දැන් රටේ වැඩි දෙනෙක්, වස විස සහිත ගොවිතැනින් ඉවත් විය යුතු යයි කල්පනා කරති. ඒ සම්බන්ධයෙන් කතිකා කරමින් සිටිති. බොහෝ දෙනෙක්, වස විස රහිතව දේශීය පාරම්පරික වී ගොවිතැන් කරන්නට ද පෙළඹී සිටිති. විශාල පිරිසක් වස විස නැති දේශීය පාරම්පරික සහල් සොයා ගන්නට වෙහෙසෙති. ඒවා අනුභව කරන්නට පුරුදුව සිටිති. සීමා සහිතව වුව ද, දේශීය පාරම්පරික වී වර්ග යළිත් ගොවිබිම්වලට පැමිණෙමින් තිබේ. ව්‍යාප්ත වෙමින් තිබේ. එය රටට හිතකර තත්ත්වයකි.
මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ගන්නෝරුවේ පැලෑටි සහ ජාන සම්පත් සංරක්ෂණ ආයතනය සහ කොළඹ, කාර්මික තාක්ෂණ ආයතනය ද, පසුගිය වකවානුවේ දේශීය පාරම්පරික වී ප‍්‍රභේද සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ කළේ ය.
එයින් කාර්මික තාක්ෂණ ආයතනය කළ පර්යේෂණ මාලාව ඉතාමත් වැදගත් ය. දේශීය පාරම්පරික වී ප‍්‍රභේද බොහොමයක, ඉතා ඉහළ පෝෂණ ගුණ සහ බෝ නො වන රෝග පාලනය කිරීමේ විශිෂ්ඨ ගුණ ඇති බව ඉන් අනාවරණය විය. ඔවුන්ගේ පර්යේෂණ පත‍්‍රිකා ජාත්‍යන්තරයේ ද පළ විය.
දේශීය පාරම්පරික වී වර්ග, වස විසෙන් තොරව වගා කරන ගොවීන්ට මෙන්ම, ඔවුන් නිපදවන වස නුමුසු බත අනුභව කරන සුවහසක් හුදී ජනයින්ට ද අත්වැලක් සැපයීමත් ‘masuranbath.blogspot.com’ බ්ලොග් අඩවියේ අරමුණයි.
දේශීය පාරම්පරික වී වර්ගවල විවිධ හැඩතල රටට හඳුන්වාදීම, ඒවා වස විසෙන් තොරව වගා කරන ගොවීන්ගේ කෘෂිකාර්මික අත්දැකීම් (දැනුම) බෙදා-හදා ගන්නට සැලැස්වීම, ඔවුන් සහ වස නුමුසු දේශීය බතක් වළ`දනු රිසි හුදී ජනයින් අතර සබැඳියාවන් තහවුරු කිරීම, ක්ෂේත‍්‍රය අරභයා කෙරෙන නව පර්යේෂණ ගැන හඳුන්වා දීම සහ දේශීය පාරම්පරික බතෙහි පෝෂණීය සහ ඖෂධීය ගුණ පිළිබඳ කතිකා කිරීම ඇතුළු තේමාවන් ගණනාවක්, ‘masuranbath.blogspot.com’ බ්ලොග් අඩවිය ඔස්සේ විදාරණය කෙරෙනු ඇත. එය කිසිදු මුදල් අය කිරීමකින් තොරව පවත්වා ගෙන යන සේවාවකි.
ඔබේ අදහස් ද අපට වටින්නේ ය. අපට ලියනු මැනවි!
ස්තුතියි.
මම, ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර.
අපේ විද්‍යුත් තැපැල් ලිපිනය
අපේ සාමාන්‍ය ලිපිනය
ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර,
මගමුලන වත්ත, මැද කීඹිය, ගාල්ල.
දුරකතන-077-0258812/091-5676083.
මගමුලන වත්ත, මැද කීඹිය, ගාල්ල.
දුරකතන-077-0258812/091-5676083.
Subscribe to:
Posts (Atom)




