Followers

Friday 6 December 2019

ජාතික පාරිසරික ගොවි සම්මේලනයේ ප්‍රථම වාර්ෂික මහා සභාව දෙසැම්බර් 14 වැනි දා වාරියපොල දී

 ජාතික පාරිසරික ගොවි සම්මේලනයේ 
ප්‍රථම වාර්ෂික මහා සභාව
දෙසැම්බර් 14 වැනි සෙනසුරාදා වාරියපොළ දී



ජාතික පාරිසරික ගොවි සම්මේලනයේ ප්‍රථම වාර්ෂික මහා සභාව, දෙසැම්බර් 14 වැනි සෙනසුරාදා වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රජමහා විහාරයේ දී පැවැත්වේ.

මහා සභාව පැවැත්වෙන්නේ සම්මේලනයේ සභාපති උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, එප්පාවල ගල්කන්ද පුරාණ විහාරාධිපති මහාමාන්කඩවල ශ්‍රී පියරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
වස විස නැති දේශීය වී ගොවිතැන සහ වස විසෙන් තොර ආහාර ප්‍රචලිත කිරීම මුල්කර ගනිමින් ජාතික පාරිසරික ගොවි සම්මේලනය ඇරඹිණි.

වස විසෙන් තොරව වගා කළ දේශීය සහල් සහ එළවලු ආදී ගොවි නිෂ්පාදන ද අලෙවි කරන කුඩා පොළක් ද එදින පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සම්මේලනයේ ලේකම් ටී. වී. ප්‍රිය. පීරිස් මහතා සඳහන් කරයි.



000000000000000000000000000000000000000


1 comment:

  1. පුංචි ඔගාවෙක් දවසක් දා
    රෝස මලේ පැණි බීලා ගියා
    අයෙත් ඒවිද ඒ හුරතලයා
    මල් වල පැණි බොන්ටා..

    ReplyDelete