Followers

Wednesday 28 November 2018

කරල් පැදුර-වයඹ පළාත

කරල් පැදුර-වයඹ පළාත

දේශීය පාරම්පරික වී වර්ග

වස-විසෙන් තොරව  වගා කරන,

ඉන් නිපැයෙන සහල් අලෙවි කරන,

සහෝදර ගොවීන්ට මග පෙන්වන

පුරෝගාමී ගොවි ක‍්‍රියාකාරිකයන් සහ 

මුල් පෙළේ ගොවීන්ගේ නාම ලේඛනය

කුරුණෑගල දිස්ත‍්‍රික්කය
01-එස්. ඩබ්ලිව්. ඩී. කපුකොටුව මහතා (කපුකොටුව රයිස් මිල්ස්)
වස විසෙන් තොර දේශීය වී වර්ග කොටා, සහල් සකසා අලෙවි කරන ව්‍යාපාරිකයෙකි. සුවඳැල්, හීනැටි, පච්චපෙරුමාල්, බටපොලැල් ඇතුළු සහල් වර්ග ඔහු අලෙවි කරයි. එසේම වස විසෙන් තොරව සකස් කළ දේශීය පාරම්පරික වී වර්ග ද ගොවීන් ගෙන් මිලට ගනියි.

නවීන දෙමුහුන් වී වර්ගවල සහල් ද ඔහු සකස් කරන අතර, සෑම විටම පෝෂණ ගුණය සුරැකෙන පරිදි උසස් ප‍්‍රමිතියට සහල් සැකසීමට තමන් වගබලා ගන්නා බව පවසයි.
ලිපිනය
කපුකොටුව රයිස් මිල්ස්, 
සේරුමුරය, 
අඹන්පොළ. (මහව)
(දුරකතන-037-2275173/077-3041252)

පුත්තලම දිස්ත‍්‍රික්කය
01-ජූඩ් ලලන්ත මහතා
ජූඞ් ලලන්ත මහතා දේශීීය පාරම්පරික වී වර්ග වගා කරන නව පරපුරේ ගොවියෙකි.
ලිපිනය
ආරෝග්‍යා පාරම්පරික සහල් අලෙවි සැල, 
අංක-227, ලංකා බැංකුව අසල, 
වෙන්නප්පුව
(දුරකතන-031-2255648/071-8132142)

02- එස්. මෛත‍්‍රීපාල මහතා
තම්මැන්නා පාරම්පරික කෘෂි මධ්‍යස්ථානය, රෝහල ඉදිරිපිට, ආනමඩුව.

තම්මැන්නා පාරම්පරික කෘෂි මධ්‍යස්ථානය පවත්වා ගෙන යන ආනමඩුවේ යූ. එස්. මෛත‍්‍රීපාල මහතා වසර ගණනක පටන් දේශීය පාරම්පරික වී වර්ග වගා කරන ගොවියෙකි.

ඔහු සිය කෘෂි මධ්‍යස්ථානය ඔස්සේ කරන කටයුතු අතර, වස විසෙන් තොර, සුවඳැල්, රත්දැල්, කළු හීනැටි, පච්චපෙරුමාල්, මඩතවාලූ, කහමාල, ගෝනබරු ඇතුළු දේශීය පාරම්පරික සහල් වර්ග අලෙවිය, ඒවායෙහි බිත්තර වී සැපයීම සහ විවිධ දේශීය ධාන්‍ය වර්ග අලෙවිය ද වේ. 
ඊට අමතරව ඔහු ගොවි පුහුණුකරුවෙකු වශයෙන් ද කටයුතු කරයි.
මෛත‍්‍රීපාල මහතා තම ගොවි ද්‍රව්‍ය අලෙවිසැලක් හෝමාගම, කටුවාන පාරේ, අංක-349/1-ඞී, දරන ස්ථානයේ ද පවත්වා ගෙන යයි.

සම්බන්ධීකරණය-යූ. එස්. මෛත‍්‍රීපාල මහතා (දුරකතන-071-0580115)



03-පාරම්පරික බීජ හා ගොවි උරුමයන් සුරැකීමේ ව්‍යාපාරය-(පුත්තලම දිස්ත්‍රික් සංවිධානය) 

ලිපිනය-අංක-32, මනාක්කුලම, කාක්කපල්ලිය, හලාවත
01-එස්. ජී. ආර්. මුතුමුදලිගේ මහත්මිය (වැඩ බලන සභාපති)-070-2897255.
02-රන්ජන් ක්‍රිෂාන්ත මහතා (ලේකම්)-077-2445655
03-ටී. වී. පී. පීරිස් මහතා (සංවිධායක)-070-2384319 
මෙම ගොවි සංවිධානය, දේශීය පාරම්පරික වී වර්ග  30ක් පමණ වගා කරමින්, වස විසෙන් තොර එළවලු වර්ග වගා කරමින්, ගොවීන් අතර දැනුම බෙදා ගනිමින් කටයුතු කරයි.





2 comments: