Followers

Wednesday 31 October 2018

කරල් පැදුර-ලේකම් මිටිය



කරල් පැදුර-



 දේශීය පාරම්පරික වී වර්ග



වස-විසෙන් තොරව  වගා කරන,



ඉන් නිපැයෙන සහල් අලෙවි කරන,



සහෝදර ගොවීන්ට මග පෙන්වන



පුරෝගාමී ගොවි රියාකාරිකයන් සහ මුල් පෙළේ ගොවීන්ගේ නාම ලේඛනය









මාතර දිස්තරික්කය (‘මා වීවගාකරන ගොවීන් සහ සහල් නිෂ්පාදකයන්)



01-ඩී. පී. දයානන්ද මහතා, (දුරකතන-077-2924494)



(සභාපති-අත්තුඩාව නැගෙනහිර ගොවි සංවිධානය)



ලිපිනය-දීපා නිවස, ගුණරතන හිමි මාවත, අත්තුඩාව, පාලටුව. (මාතර)



02-තිලක් රෝහණ මහතා (දුරකතන-0777-584334)



ලිපිනය-වී මෝල, අත්තුඩාව, මාතර



03-ඩබ්ලිව්. ටී. ධනපාල මහතා



(ලේකම්-අත්තුඩාව නැගෙනහිර ගොවි සංවිධානය)



ලිපිනය-මිල්ලගස්තොල්ල, අත්තුඩාව, පාලටුව. (මාතර)



04-එච්. ඩබ්ලිව්. විමල් තිලකරත්න මහතා



(භාණ්ඩාගාරික-අත්තුඩාව නැගෙනහිර ගොවි සංවිධානය)



ලිපිනය-හාල්පන්මුල්ල, අත්තුඩාව, පාලටුව. (මාතර)



කරල් පැදුර-වයඹ පළාත



කුරුණෑගල දිස්තරික්කය



01-එස්. ඩබ්ලිව්. ඞී. කපුකොටුව මහතා (කපුකොටුව රයිස් මිල්ස්)



වස විසෙන් තොර දේශීය වී වර්ග කොටා, සහල් සකසා අලෙවි කරන ව්යාපාරිකයෙකි. සුවඳැල්, හීනැටි, පච්චපෙරුමාල්, බටපොලැල් ඇතුළු සහල් වර්ග ඔහු අලෙවි කරයි. එසේම වස විසෙන් තොරව සකස් කළ දේශීය පාරම්පරික වී වර්ග ගොවීන් ගෙන් මිලට ගනියි.



නවීන දෙමුහුන් වී වර්ගවල සහල් ඔහු සකස් කරන අතර, සෑම විටම පෝෂණ ගුණය සුරැකෙන පරිදි උසස් රමිතියට සහල් සැකසීමට තමන් වගබලා ගන්නා බව පවසයි.



ලිපිනය



කපුකොටුව රයිස් මිල්ස්, සේරුමුරය, අඹන්පොළ. (මහව)



(දුරකතන-037-2275173/077-3041252)



පුත්තලම දිස්තරික්කය



01-ජූඩ් ලලන්ත මහතා



ජූඩ් ලලන්ත මහතා දේශීීය පාරම්පරික වී වර්ග වගා කරන නව පරපුරේ ගොවියෙකි.



ලිපිනය



ආරෝග්යා පාරම්පරික සහල් අලෙවි සැල, අංක-227, ලංකා බැංකුව අසල, වෙන්නප්පුව



(දුරකතන-031-2255648/071-8132142)



02- එස්. මෛතරීපාල මහතා



තම්මැන්නා පාරම්පරික කෘෂි මධ්යස්ථානය, රෝහල ඉදිරිපිට, ආනමඩුව.



තම්මැන්නා පාරම්පරික කෘෂි මධ්යස්ථානය පවත්වා ගෙන යන ආනමඩුවේ යූ. එස්. මෛතරීපාල මහතා වසර ගණනක පටන් දේශීය පාරම්පරික වී වර්ග වගා කරන ගොවියෙකි.



ඔහු සිය කෘෂි මධ්යස්ථානය ඔස්සේ කරන කටයුතු අතර, වස විසෙන් තොර, සුවඳැල්, රත්දැල්, කළු හීනැටි, පච්චපෙරුමාල්, මඩතවාලූ, කහමාල, ගෝනබරු ඇතුළු දේශීය පාරම්පරික සහල් වර්ග අලෙවිය, ඒවායෙහි බිත්තර වී සැපයීම සහ විවිධ දේශීය ධාන් වර්ග අලෙවිය වේ. ඊට අමතරව ඔහු ගොවි පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරයි.



මෛතරීපාල මහතා තම ගොවි ද්රව් අලෙවිසැලක් හෝමාගම, කටුවාන පාරේ, අංක-349/1-ඩී, දරන ස්ථානයේ පවත්වා ගෙන යයි.



සම්බන්ධීකරණය-යූ. එස්. මෛතරීපාල මහතා (දුරකතන-071-0580115)





කරල් පැදුර-මධ්යම පළාත



මහනුවර දිස්තරික්කය



01-අසේල මනම්පේරි මහතා



අසේල මනම්පේරි මහතා, මහනුවර දිස්තරික්කයේ විසිරී සිටින, වස විසෙන් තොරව දේශීය පාරම්පරික වී වගා කරන ගොවීන් 100කට අධික පිරිසක් සමග කටයුතු කරන ව්යාපාරිකයෙකි. එසේම වස විසෙන් තොරව එළවළු වගා කරන ගොවියෙකි. 2000 වසරේ පමණ සිට ක්ෂේතරයෙහි කටයුතු කරන ඔහුහෙළ ගොවි ව්යාපාරයනමින් දේශීය සහල් අලෙවි කිරීමේ ව්යාපාරයක් පවත්වා ගෙන යයි.



අසේල මහතා මෙම ක්ෂේතරයට පිවිස ඇත්තේ මතුගම සෙනෙවිරුවන්, උපාලි මුණසිංහ සහ හේමන්ත අබේවර්ධන යන මහත්වරුන්ගේ මගපෙන්වීම් අනුව . අසේල මනම්පේරි මහතා, දේශීය බීජ හා කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සම්මේලනයේ සාමාජිකයෙකි.



ලිපිනය



හෙළ ගොවි ව්යාපාරය, අංක-31 සී, පදිවත්ත, කුණ්ඩසාලේ, මහනුවර. (දුරකතන-071-4429952)



අලෙවි කෙරෙන සහල්  වර්ග



සුවඳැල්, හීනැටි, කුරුළුතුඩ, මඩතවාලූ, රත්දැල් සහ පච්චපෙරුමාල් සහ තවත් වර්ග.



කරල් පැදුර-සපරගමු පළාත



රත්නපුර දිස්තරික්කය



01-සුගත් චන්ද්රසිරි මහතා, රත්නපුර  -077-9587748.



0000000000000000000000000000000000000000000000000000000000


No comments:

Post a Comment