Followers

Saturday, 19 January 2019

අලූත් සමනල්ලූ කොළඹ ආක‍්‍රමණය කරති!



සේනා දළඹුවා ජෛව කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ද?
අලූත් සමනල්ලූ කොළඹ ආක‍්‍රමණය කරති!

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
මනුෂ්‍යයන් අතර පමණක් නොවේ, සෙසු ජීවීන් අතර ද ‘පරසතුරු ආක‍්‍රමණ’ එමට ය. ඒවායෙහි කිරුළු දරා සිටින්නෝ ‘ආක‍්‍රමණික’ හෝ ‘ආගන්තුක’  ජීවීන් ය. පරිසර සහ ජෛව සම්පත් සංරක්ෂණ ක්ෂේත‍්‍රයේ දී ‘ආක‍්‍රමණික  හෝ ආගන්තුක ජීවීන්’ (Invasive Alien Species) යයි හඳුන්වන්නේ ‘අනෙකුත් ජීවී විශේෂයක ‘පැවැත්ම’ කෙරෙහි තර්ජනාත්මකව හැසිරෙන ශාක සහ සත්ත්ව විශේෂයෝ’ ය. දැනට හඳුනා ගෙන ඇති ආකාරයට, ලෝකය පුරා සිටින දරුණු ගණයේ ‘ආක‍්‍රමණික ජීවි විශේෂ (ශාක සහ සත්ත්ව විශේෂ)’ සංඛ්‍යාව සියයකට අධික ය.  ඉන් විශේෂ 32ක් පමණ ශ‍්‍රී ලංකාවෙන් ද හමු වේ. මේ දිනවල රට පුරා මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙන ‘සේනා’ නම් විනාශකාරී දළඹුවා (Fall Army Worm/Spodoptera frugipeda&) ද, අපේ රටට හොර රහසේ කඩා වැදුණු එවන් ‘ආක‍්‍රමණික සහ ආගන්තුක’ ජීවියෙකි!

‘සේනා දළඹුවා’ මුලින් ම ලෝකයට වාර්තාවී තිබුණේ, 2016 වර්ෂයේ දී ය. ඒ, අප‍්‍රිකානු රටක් වන නයිජීරියාවෙනි. ඉන් පසුව උන් ඉකුත් 2018 වර්ෂයේ මැයි මාසයේ දී ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයෙන් කලඑළි බැස්සාහ. ඊළඟ අගෝස්තු මාසයේ දී,  උන් ලංකාවේ අම්පාර ‘දමන’ ප‍්‍රදේශය් බඩඉරිඟු වගා බිම්වලින් මතු වන්නට වූහ! සේනා දළඹුවන් මේ වන විට, ලංකාවේ නැගෙනහිර පළාත, පහළ ඌව, උතුරු මැද සහ වයඹ යන පළාත්වල ද, දකුණු පළාතේ සමහර පෙදෙස්වල ද බඩ ඉරිඟු වගාවන් වනසමින් වේගයෙන් ව්‍යාප්තව ගොසිනි. උන්ගේ හානිය වී, උක්, තේ සහ එළවළු ආදී වගාවන්වලට ද ව්‍යාප්ත විය හැකි බවට අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබේ. ආහාරමය භෝග සියයකට පමණ උන්ගේ හානි බලපාන්නට ඉඩ ඇති  බව කෘෂි විද්‍යාඥයන්ගේ පුරෝකතනයයි.

සේනා දළඹුවා ඉතා වේගයෙන් බෝ වෙයි. එසේම, ඉතා වේගයෙන්-විශාල ලෙස ආහාර ගනියි. බඩ ඉරිඟු ගසේ පත‍්‍ර සහ කඳ මෙන් ම, කිරි වැදී ගෙන එන කරල් ද උන්ගේ ප‍්‍රියතම ආහාරයයි. සේනා දළඹුවන්ට එක රැයින් බඩ ඉරිඟු අක්කර සිය ගණන් හපකර දමන්නට පුළුවන. උන්ට ඇත්තේ නො සන්සිඳෙන කුසගින්නකි! එසේම, වෙළෙඳපොළේ තිබෙන කිසිදු රසායනික කෘමිනාශකයකට තවම උන් මර්දනය කරන්නට ද නො හැකිව තිබේ!

ආක‍්‍රමණික හෝ ආගන්තුක ජීවීන් හොර රහසේ ම ලංකාවට ඇතුළුවී, අපේ පරිසරය, බව භෝග ඇතුළු ජෛව සම්පත්වලට හානි කිරීමේ අවස්ථා මීට ඉහත ද වාර්තාවී තිබේ. එහෙත් ‘සේනා දළඹුවා’ කරන තරම් බිහිසුණු විනාශයක්  හට ගත් අවස්ථාවක් මින් පෙර අසන්නට වත් ලැබී නැත්තේ ය.

‘සේනා දළඹුවාගේ’ ව්‍යාප්තිය සහ එයින් හට ගන්නා විනාශය සම්බන්ධයෙන් දැඩි මහජන විවේචනයට ලක්ව ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. දළඹුවා 2016 වසරේ දී, නයිජීරියාවෙන් මුලින් ම ලෝකයට වාර්තා වූ බවත්, ඉන් පසුව 2018 වර්ෂයේ මැයි මාසයේ දී උන් ඉන්දියාවේ අපට යාබද තමිල්නාඩුවෙන් හමුවූ බවත් පවසන විවේචකයෝ, ලංකාවේ බලධාරීන් උන්ගේ ආක‍්‍රමණයෙන් මිදීම පිණිස ප‍්‍රමාණවත් පියවරක් නො ගත් බව පෙන්වා දෙති! ඇත්තට ම ලංකාවේ කෘෂිකර්ම බලධාරීන් සේනා දළඹුවා සම්බන්ධයෙන් කටයුතු කරන්නට පටන් ගත්තේ ඉකුත් නොවැම්බරය අග භාගයේ සිට ය. එබැවින් ඔවුන්ගේ විවේචනය ද බැහැර කළ නො හැකි ය.

කෙසේ වෙතත්. සේනා දළඹු ආක‍්‍රමණය සම්බන්ධයෙන් වෙනස් මතයක් ද සමාජයේ වෙයි. එනම්, මෙය ජාත්‍යන්තර ‘ජෛව කුමන්ත‍්‍රණයක’ ප‍්‍රතිඵලයක් විය හැකි බවයි! ‘සේනා දළඹුවා’ යනු මීට ඉහත ශ‍්‍රී ලංකාවෙන් හමුවී තිබුණු ජීවියෙකු නොවේ. එසේ නම් උන් 2018 අගෝස්තු මාසයේ දී, එක් වර ම අම්පාර දිස්ත‍්‍රික්කයට අයත් දමන ප‍්‍රදේශයේ බඩ ඉරි`ගු යායකින් මතු වූයේ  කෙසේ ද? යන්න, ජෛව කුමන්ත‍්‍රණයක අදහස දරන අය විමසන ලොකුම ප‍්‍රශ්නයයි.

සේනා දළඹුවාගේ ආරම්භය, උන්ගේ සමනලයින් දමන ‘බිත්තර’ ය. ඉක්බිතිව එයින් (කීටයන්) ‘දළඹුවන්’ ඇති වෙයි. උන් කෙමෙන් රූපාන්තරණයවී, ‘සලබයින්’ හෙවත් ‘සමනලයන්’ බවට පත්වෙයි. උන් ද බිත්තර දමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන අන්දමට, සේනා සලබයෙකුට (සමනලයෙකුට) සුළං ධාරා ඔස්සේ දිනකට කිලෝමීටර් සියයක් පමණ පියාසර කළ හැකි ය. උන් ඇතැම් විට තමිල්නාඩුවේ සිට  උඩු සුළඟේ පියාඹා ආවා විය හැකි ය. නැතිනම්, පිටරටින් ගෙනෙන ‘බඩ ඉරිඟු බීජ’ සමග තිබුණු උන්ගේ ‘බිත්තර’ මගින් ලංකාවට බෝවුණා ද විය හැකි ය. එසේත් නැතිනම්, අනිසි අරමුණක් පෙරදැරිව, යමෙක් හිතාමතා ම උන් මෙහි බෝ කළා ද විය හැකි ය. එවැන්නක් සිදුව තිබේ නම්, එය ‘ජෛව කුමන්ත‍්‍රණයක්’ බව කිව යුතුව තිබේ!

‘ජෛව කුමන්ත‍්‍රණයක්’ යනු බොහොම බරපතල අරුත් සහිත කාරණයකි.  යමෙක්, යම් රටක ඇති කිසියම් ජෛව සම්පතකට හානි කිරීම සඳහා, චේතනාන්විතව සතුන්, ක්ෂුද්‍ර ජීවීන්, දිලීර වර්ග, බැක්ටීරියා වර්ග හෝ වෛරස් ආදිය යොදා ගන්නේ නම්, එය ‘ජෛව කුමන්ත‍්‍රණයක්’  යයි හැඳින්විය හැකි ය. එබඳු කුමන්ත‍්‍රණ ලෝක කරලියට පැමිණියේ, 1960 වසරේ පටන් ක‍්‍රියාත්මක කෙරුණු ‘හරිත විප්ලව ක‍්‍රියාවලිය’ ද සමගිනි. ඒ සඳහා වැඩි ප‍්‍රසිද්ධියක් ඉසිලූවේ, ලෝකයට ම ආහාර නිපදවා දෙන්නේ යයි කියන ඇමරිකාවේ ‘මොන්සැන්ටෝ’, ජර්මනියේ ‘බේයර්’ බඳු බහුජාතික සමාගම් ය.

‘ජෛව කුමන්ත‍්‍රණයක්’ සිදු නො වුණ ද, ආක‍්‍රමණික සහ ආගන්තුක ජීවීන්  වෙනත් ක‍්‍රම ඔස්සේ ද යම් යම් රටවලට පැමිණීමට පුළුවන. උද්භිද උද්‍යාන අතර බීජ හෝ පැලෑටි හුවමාරුව, විද්‍යාත්මක පර්යේෂණවලට ගෙන්වීම, ධාන්‍ය වර්ග, භෝගවල බීජ, ආනයනික පොහොර ආදිය, ආහාරමය හෝ විලෝපික වටිනාකමක් ඇති ජීවියෙකු ලෙස හඳුන්වා දීම, විසිතුරු මල්, විසිතුරු ශාක සහ විසිතුරු ජලජ ජීවීන් බෝ කිරීම යන කර්මාන්ත ක්ෂේත‍්‍රවල  දී හඳුන්වා දීම, තවත් රටක පාවිච්චි කළ කෘෂිකාර්මික යන්ත‍්‍ර හෝ බර වාහන ගෙන්වීම, ආනයනය කෙරෙන සතුන්ගේ සිරුරුවල ඇලී ඒම, විනෝදයට දඩයම් කිරීම පිණිස වෙනත් රටක සතුන් හඳුන්වා දීම සහ නිෂ්පාදන කර්මාන්ත සඳහා විදෙස් අමුද්‍රව්‍ය ගෙන්වන අවස්ථා ආදී ක‍්‍රම ගණනාවකින් ම ඔවුන් යම් රටකට ඇතුළු වීමට ඉඩ තිබේ. ඇතැම් ආක‍්‍රමණික ජීවියෙක්, විදේශයක සිට පැමිණෙන පුද්ගලයන් ඔස්සේ ද රටකට ඇතුළු වීමට පුළුවන!

‘ලෝක සංරක්ෂණ සංගමය’ (IUCN) ආක‍්‍රමණික හා ආගන්තුක ජීවීන් හඳුන්වන්නේ, ‘පිටරටකින් පැමිණ, ස්වාභාවික හෝ අර්ධ ස්වාභාවික පරිසර පද්ධතියක ස්ථාපිතවී, ස්වාභාවික වාසස්ථානවල වෙනස්කම් ඇතිකර, දේශීය ජෛව විවිධත්වයට තර්ජන ඇති කරන ජීවීන්’ යන නිර්වචනයෙනි. ‘සේනා දළඹුවා’ ද මේ වර්ගයට අයත් වෙයි.

පිටරටින් ලංකාවට ගෙන එන ශාකමය ද්‍රව්‍ය සහ සත්වමය ද්‍රව්‍ය රටට මුදා හරින්නේ, ඒවා නීත්‍යානුකූලව නිරෝධායනයට ලක් කිරීමෙන් පසුව ය. මින් ශාකමය ද්‍රව්‍ය නිරෝධායනය කෙරෙන්නේ, 1999 අංක-35 දරණ ‘ශාක ආරක්ෂණ පනතෙහි’ එන විධි විධාන අනුව ය. නිරෝධායනයට ලක් කෙරෙන ශාකමය ද්‍රව්‍යය, ආක‍්‍රමණික හෝ ආගන්තුක ජීවියෙක් ද?, ලෙඩ රෝගවලින් තොර වේ ද?, ඒවා සමග පළිබෝධකයන් සිටී ද? සහ ඒවා යම් විනාශකාරී ශාක වර්ගයක් ද? ආදී වශයෙන් පරීක්ෂා කරනු ලබයි. ඒවා කෙරෙන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ යන ස්ථානවල පිහිටුවා ඇති නිරෝධායන ආයතනවල දී ය. යම් ශාකමය හෝ සත්වමය ද්‍රව්‍යයක් රටට මුදා හැරෙන්නේ ‘නිරෝධායන පරීක්ෂණවලින්’ සමත් වන්නේ නම් පමණකි. සත්වමය ද්‍රව්‍ය නිරෝධායනය සඳහා වෙන ම අණ පනත් ද තිබේ. මෙම කටයුතු කෙරෙන්නේ මුළු රටේ ම ජෛව සම්පත්වල ආරක්ෂාව වෙනුවෙනි.


ආක‍්‍රමණික හෝ ආගන්තුක යම් ජීවී විශේෂයක්, නිරෝධායනයට හසු නොවී රටකට ඇතුළු වුව හොත් ඇතිවිය හැකි ප‍්‍රතිඵල භායානක ය. ආගන්තුක ජීවි විශේෂය ඒ රටට අලූත් එකක් නිසා,  ස්වාභාවික පරිසරයේ දී එයට ‘සතුරන්’ (විලෝපිකයන්) ඇති වීමට යම් කලක් ගත වෙයි. ආගන්තුක ජීවීන් කරන්නේ, එම කාලය ඇතුළත අලූත් පරිසරයට ඔරොත්තු දෙන ආකාරයට හැඩ ගැසීමයි. එහි දී උන් අලූත් පරිසර පද්ධති වේගයෙන් ආක‍්‍රමණය කරන්නට පෙළඹෙති. ‘සේනා දළඹුවාගේ’ ක‍්‍රියාවලිය ද එබඳු එකකි! උන් නිරෝධායනයට හසු නො වූ බව ද දැන් පැහැදිලි ය!

‘මෙතැන පැලෑටි නිරෝධායන ක‍්‍රියාවලිය  සම්බන්ධයෙන් අපට ලොකු ගැටලූවක් මතු වෙනවා. මේ දළඹුවා රටට ඇතුළු වුණේ කොහොම ද? කියන ප‍්‍රශ්නය සහ උන් නිරෝධායනවලට හසු වුණේ නැති ද? කියන ප‍්‍රශ්නය අපට අහන්න වෙනවා. ශාක ආරක්ෂණ පනත යටතේ මේ සතා ‘නිරෝධායන පළිබෝධකයෙක් විදිහට’  නම් කරලා තියෙනවා ද? කියලා විමසන්න වෙනවා. සේනා දළඹුවා මුලින් ම වාර්තා වුණේ 2016 දි. ඊට පස්සේ එයා ඉන්දියාවෙන් මතු වෙනවා. අපි පෙර සුදානමක සිටියා නම් උන් ලංකාවට එන එක වළක්වා ගන්න තිබුණා’, එසේ කියන්නේ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ය. සේනා දළඹුවාගේ ආගමනය, ජෛව කුමන්ත‍්‍රණයකට වඩා නිරෝධායන ක‍්‍රියාවලියේ ගැටලූවක් බව ද ඔහු පවසයි.

ජෛව කුමන්ත‍්‍රණයක් පිළිබඳ ලංකාවේ ප‍්‍රකටතම සිද්ධිය වාර්තා වන්නේ වර්ෂ 1930-1940 දශකවල ය.  ‘Tristeza’  නම් වෛරසයක් නිසා ‘බිබිලේ පැණි දොඩම් වගාව’ උන්හිටි ගමන්  විනාශවී යාම, එම  සිද්ධියයි. ලංකාවේ කෘෂිකර්ම විශේෂඥයන් පිරිසක් දොඩම් වගාව පිළිබඳ වැඩිදුර පුහුණුවකට ඇමරිකානු කැලිපෝනියාවට ගිය බවත්, එහි දී ‘තෑගි ලැබුණු’ නව දොඩම් ප‍්‍රභේදයක් මොණරාගල දිස්ත‍්‍රික්කයේ වගා කිරීමෙන් පසුව වෛරස් රෝගය හට ගැනුණු බවත්, බිබිලේ පැණි දොඩම් වගාව විනාශවී යාම සම්බන්ධයෙන් එන කතා පුවත්වල කියැවේ. වෛරස් රෝගයේ බලපෑම කොතෙක් ද යත්, අද පවා බිබිල ඇතුළු පහළ ඌව ප‍්‍රදේශයේ  පැණි දොඩම් වගා කිරීම දුෂ්කර කටයුත්තක්ව තිබේ. ලොව ඉස්තරම් යයි කියැවුණු බිබිලේ පැණි දොඩම් නැතිවාට, අද  ඕස්ටේ‍්‍රලියානු හෝ ඊශ‍්‍රායෙල් කහ පැහැති ආනයනික දොඩම්  ඕනෑ තරම් තිබේ!

1999 වර්ෂයේ දෙසැම්බරයේ දී තවත් මෙවැනි ම සිද්ධියක් වාර්තා විය. නුවරඑළියේ පෞද්ගලික ස්ට්‍රෝබෙරි ගොවිපොළක් සඳහා ‘බම්බල්’ වර්ගයේ සජීවී මී මැස්සන් තොගයක් හොරෙන් පිටරටින් ගෙන් වීම එම සිද්ධියයි. ශරීර ප‍්‍රමාණය අතින් ගත් විට, ‘බම්බල්’ වර්ගයේ මී මැස්සන් අපේ මී මැස්සන්ට වඩා විශාල ය. උන් ආහාර ගැනීමේ වේගය ද, ගන්නා ආහාර ප‍්‍රමාණය ද අපේ මී මැස්සන්ට වඩා ඉහළ ය. බම්බල් මී මැස්සන් නිසා අපේ දේශීය මී මැසි ප‍්‍රජාවේ පැවැත්ම පිළිබඳව ගැටලූවක් ද මතු වේ! අපේ රටේ බව භෝග පරාගනය කරන්නේ ද මීමැසි කුලයේ සතුන් ය. එබැවින් උන් රටට අවශ්‍යය සත්ව සම්පතකි.

නුවරඑළියේ පෞද්ගලික ස්ට්‍රෝබෙරි සමාගම, මුලින් ම කළේ බම්බල් මී මැසි වද කිහිපයක් ලංකාවට  ආනයනය කිරීම පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය ඉල්ලා සිටීමයි. එහෙත් එයින් වියහැකි හානිය සලකා බැලූ එවකට වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරාව සිටි ඒ. පී. ඒ. ගුණසේකර මහතා, බම්බල් මී මැස්සන් ගෙන්වීමට අවසර දුන්නේ නැත. ඉන් පසුව ඔවුන් කළේ සජීවී බම්බල් මී මැස්සන් තොගයක් හොර රහසින් ආනයනය කිරිමයි.

පසුව සජීවී බම්බල් මී මැස්සන් තොගය, එවකට ශ‍්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ ප‍්‍රධානියාව සිටි, රේගු අධිකාරි සමන්ත ගුණසේකර මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එහි දී කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙක් උන් මුදා හරින ලෙස කියමින් බලපෑම් ද කළේ ය.
‘මේ වගේ ජාවාරම් පිටුපස ලොකු සමාගම් ඉන්නවා. බම්බල් මී මැස්සන් සිද්ධියේ දී ඒ අය මට මරණ තර්ජන පවා එල්ල කළා. ඇතැම් අවස්ථාවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පවා මේවා පිටුපස්සේ ඉන්නා බව පෙනී යනවා’ යයි සමන්ත ගුණසේකර මහතා එකල මාධ්‍යයට කීවේ ය.

අපේ රටේ පොල් වගාවන්ට හානි කරන ‘පොල් කුරුමිණියා’ (promeyotheca cumingi) මතු වූයේ 1970 දශකයේ ය. උන් මෙහි පැමිණ ඇත්තේ ඉන්දුනීසියාවෙනි. 2006 වර්ෂයේ අප‍්‍රියෙල් මාසයේ දී නුවරඑළිය අඹේවෙල ප‍්‍රදේශයේ සත්ව ගොවිපොළකට ‘බ්‍රෝමුස් මොලිස්’ නම් ආක‍්‍රමණික විදේශීය තෘණ වර්ගයක් ගෙන්වීම නිසා මහත් ආන්දෝලනයක් ඇති විය. 2006 වර්ෂයේ සිට ලංකාවේ පොල් වගාවන් අතරින් වාර්තා වුණු ‘මයිටා රෝගය’ ද (Aceria (Eyophyes) guerreronis නම් මයිටාවා) ලොව මුල්වරට වාර්තාවී ඇත්තේ 1965 වසරේ මෙක්සිකෝවෙනි. 1980 දශකයේ දී දකුණු ඇමරිකානු පණුවන් වර්ගයක් (Globodera rostochienses) පැතිරීම නිසා අපේ අර්තාපල් වගාවන්ට හානි සිදු විය. 1997 වසරේ වාර්තා වුණු ‘අර්තාපල් පත‍්‍ර කනින්නා’ (Ciriomyza buidobernsis) රෝගය ද විදේශයකින් පැමිණි එකකි. ලංකාවේ හමුවන ‘පලතුරු මැසි විශේෂ’ බොහොමයක් ද එතෙරින් පැමිණියවුන් ය.මෙබඳු කාරණා ගැන ගොවීන් පවසන්නේ, ‘ලෙඩේ ඉස්සෙල්ලා එනවා. ඊට පස්සේ ඒකට බෙහෙත එනවා’ යනුවෙන් උපහාසයෙනි.

ජෛව කුමන්ත‍්‍රණයක් නිසා හෝ, නිරෝධායනයට හසු නො වීම නිසා හෝ, අපේ රටට කඩා වැදී සිටින තවත් ආක‍්‍රමණික ජීවීන් කිහිප දෙනෙක් ගැන ද මේ දිනවල අසන්නට ලැබේ.

ඉන් එකෙකු වන්නේ ‘පැසිපික් සුදු ඉස්සා’ (Litopenaeus Vannamei) ය. ඉන්දියාවේ අත්දැකීමට අනුව, උන් එ රට දේශීය ඉස්සන්ට සහ කකුළුවන්ට හානිදායක සත්වයෙකි. එහෙත් රටේ අණ පනත් පවා උල්ලංඝණය කරමින් උන් ලංකාවට ගෙන්වා ඇති අතර, ලංකාවේ ජලජීවී වගා අධිකාරියේ අනුමැතියෙන් දැනට පුත්තලම ප‍්‍රදේශයේ බෝ කෙරෙමින් පවතියි. ජලජීවී වගා අධිකාරිය පවසන අන්දමට, ‘පැසිපික් සුදු ඉස්සන්’ ආක‍්‍රමණික සතුන් නො වෙති. උන් ගෙන් දේශීය ජෛව විවිධත්වයට හානි සිදු නො වන බව ඔවුන්ගේ මතයයි.

කෙසෙල් වගාවන් ආශ‍්‍රිතව බෝවී ඇති ‘බනානා ස්කීපර්’ නමැති සමනල විශේෂය ද විදෙස් රටකින් පැමිණි ආක‍්‍රමණිකයෙකි. කෙසෙල් කොලය සුරුට්ටුවක් මෙන් ඔතා ගන්නා උන් කෙසෙල් වගාවන්ට හානි කරන්නේ වේගයෙනි. කෘෂි රසායන යෙදුව ද පාලනය කරන්නට අසීරුවීම, ‘බනානා ස්කීපර්ලාගේ’ විශේෂත්වයකි. ‘මෙයා ලංකාවට ආපු නිසා ලංකාවේ සමනල ලයිස්තුව 248ක් දක්වා ඉහළ ගියා‘, ප‍්‍රකට සමනල පර්යේෂකයෙකු වන රාජික ගමගේ මහතා කියන්නේ ය!

පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙන අන්දමට, ‘ඔරේන්ජ් මයිග‍්‍රන්ට්’ (Orange Emigrant) නම් කහ පැහැති විදේශික සමනලයා ද දැන් කොළඹ ප‍්‍රදේශයේ දැකිය හැකි ය. උන් මෙරටට පැමිණ ඇත්තේ විදේශීය මල් ශාක ගෙන්වීම ඔස්සේ ය. ‘ඔරේන්ජ් මයිග‍්‍රන්ට්’ ගිනිකොණ දිග ආසියාව නිජබිමකර ගත් සමනල විශේෂයක් බව ප‍්‍රකට ය.

ශ‍්‍රී ලංකාව, රටක් හැටියට ආක‍්‍රමණිික හා ආගන්තුක ජීවීන් සම්බන්ධයෙන් මීට වඩා අවධානයෙන් සිටිය යුතු බව, ‘සේනා දළඹුවා’ අපට කියා දෙන ලොකුම පාඩමයි!
(මෙම ලිපිය 2019/01/20 අරුණ පුවත්පතේ පළවිය)
(ඡායාරූප-අන්තර්ජාලයෙනි)






’


00000000000000000000000000000

Monday, 17 December 2018

කොහොඹ ඇටවලින් පළිබෝධනාශක හදන හැටි






කුඹුර මරා වහ කා මිය යෑම


කුඹුර මරා වහ කා මිය යෑම
(මෙම ලිපිය, 2016 ජූලි 24 වැනි දා දිවයින පුවත්පතේ නිම්නය අතිරේකයෙන් උපුටා ගැනුණි) 

ගොයමට හානි කරන පළිබෝධකයන් හත්දෙනකු නිසා වස විස තොග ගණනක්‌ කුඹුරට පොම්ප කර මේ සතුරු කෘමීන් ගොදුරු කරගන්නා තවත් අපේ මිතුරු සත්ත්ව ගහනයක්‌ම අප මරා දමමින් සිටිනවා නොවේද? එදා දොළ පාරේ හිටි, දණ්‌ඩි පැටව් අද දක්‌නට නැත. එසේම, නියරේ සැඟව සිටි කක්‌කුට්‌ටන්, මකුළුවන් අද කොහි ගොස්‌ද? කෘමීන්ගේ පිලවුන් අල්ලා කෑ බත්කූරකු අද ආසාවකට දැකගත හැකිද?

වසර සිය දහස්‌ ගණනක්‌ තිස්‌සේ සිට අපට උරුමව තිබූ පරිසර හිතකාමී ස්‌වභාවික ගොවිතැනේ ඒ ශ්‍රේෂ්ඨ උරුමය අත්හල අපි, සුද්දාගේ පරගැති චින්තනයෙන් පෝෂිත, රසායනික ගොවිතැන හිස මුදුනෙන් භාරගත්තෝ වෙමු. අටසිය පහළොවේ සෙංකඩගල මහනුවරදී සිංහල ධජය බිම දමා බ්‍රිතාන්‍ය කිරීටයට අයත් කුරුස කොඩිය මේ ලක්‌ දෙරණ තලයේ ලෙළදෙන්නට අවස්‌ථාව උදාකර දුන්නටත් වඩා පාවාදීමක්‌ මෙසේ සුද්දා රට යළිත් භාර දී යන මොහොතේ ජාතියම එකතු වී සිදුකර ගත්තේය. ඒ අනිකක්‌ නොව, සුද්දාගේ "µeක්‌ටරි" පොහොසත් කරන, එසේම අඩ සියවසකදී, ජාතියම ලෙඩ ඇඳට ඇද දැමූ "රසායනික බෙහෙත්, පොහොර" මිථ්‍යාවට ජාතියම ගොදුරුවීමය.

පරගැති චින්තනය ඉදිරියේ දේශයේ ශ්‍රේෂ්ඨ හෙළ ගොවිතැන පාවාදුන් වසලයන් කොම්පැණිකරුවන්ගේ අතයට ගනුදෙනුවලින් පොහොසත්ව මෙසේ ලංකා දෙරණ තලයට වස විස මිශ්‍ර කරද්දී මහී කාන්තාව වේදනාවෙන් බලා සිටියාය. මෙසේ හෙළ ගොවිතැන අත්හැර රසායනික බෙහෙත්, පොහොරෙන් දේශයේ ගොවිතැන පොඟවමින් සිටින වසර පනහක සංවත්සරය සමරද්දී දහසකුත් ගොවි රජවරු අද පිළිකා රෝහල්වල, වකුගඩු වාට්‌ටුවල, සයනයේ උඩුබැලි අතට දිගා වී ජීවිතයේ අන්තිම තත්ත්පර කිහිපය ගෙවා දමමින් සිටින්නේය.

ඉදින්, තවදුරටත් අප මෙසේ බහුජාතික උගුලේ වැටී උග්‍ර වස විස අපේ බත්පතට යොදන අමන ගොවිතැනට, එවන් වස විස බෙදන කොම්පැණිකරුවන්ට හා උන්ගේ සන්තෝෂම් බෙදන දේශීය ඒජන්තයන්ට වහල් ජාතියක්‌ව දිවි ගෙවමුද? නැතහොත්, එකාවන්ව අප, ජාතියක්‌ සේ නැඟී සිටිමින් මේ යක්‍ෂයා පලවාහැර දේශයේ අනන්‍යතාව, හෙල ගොවිතැන, මේ ලක්‌ දෙරණ තලයේ යළිත් නොමැකෙන සේ සනිටුහන් කරමුද?

මේ එම තීන්දුව ගත යුතුව ඇති සුදුසුම කාලයයි. තව තවත් කල්මරන්නට අපට අවස්‌ථාවක්‌ නැත. ගෙවී යන තත්පරයක්‌ තත්පරයක්‌ පාසා රට මහා අගාධයකට ඇදී යමින් ජාතියම ලෙඩ ඇඳට ඇද වැටෙමින් පවතී. එවන් අවස්‌ථාවක මේ මහා ෙ€දවාචකයෙන් රට ගලවා ගන්නට තවත් පරපුරකට ඉඩ නොතබා අපගේ පරම්පරාවෙන්ම මේ දැඩි තීන්දුව ගතයුතුව තිබේ. නොහොත් වස විසෙන් තොර රටක්‌ ගොඩනැඟීමේ උදාර කාර්යයට අප සැවොම උරදී ක්‍රියා කළ යුතු අවස්‌ථාව පැමිණ තිබේ.

අපගේ අතීත මුතුන් මිත්තෝ කෙත, කමත, දොළ පාර, වනාන්තරය, හේන කොරටුව, දෙණිය, ඕවිට, බඩවැටිය, නියර යනාදී සියලු පරිසර පද්ධතීන් සතා සිව්පාවා සියලු ජීවී වර්ගයා සමඟ බෙදාගෙන එකට භුක්‌ති වින්දොa වූහ. ඒ ගැමි දිවියේ ශක්‌තිමත් පදනම වූයේ ද පරිසරය සමඟ හේ ගත කළ සහජීවනයමය. නොහොත්, හේනේ, නියරේ, කෙතේ, දොළ පාරේ දිවි ගෙවූ ස්‌වභාවික සතුන් නොවන්නට එදා මේ සිංහල පොළොවේ දිවි ගෙවූ හෙළ ගොවියාට පැවැත්මක්‌ තිබුණේම නැත. මන්ද, ඔහුට ආයු - සැප බල වැඩුණේම ඔහු අවට විසූ මේ ජීවී සමූහයා නිසාය. එහෙත්, අද එසේ නොවේ. උග්‍ර වල් නාශක, පළිබෝධ නාශක, කෘත්‍රිම, රසායනික පොහොර හේතුවෙන් ලක්‌ පොළොවේ ජීවය කොම්පැණිකරුවන් උදුරාගෙන ඇත. හිතකර ජීවීන් මෙන්ම දුප්පත් අහිංසක ගොවියාගේ ජීවිත ද මුදලට පාවා දී ඇත. අද ඇත්තේ, මියගිය පොළොවක්‌ මෙන්ම, ක්‍ෂුද්‍ර පරිසර පද්ධතීන්ගෙන් ජීවය වියෑකී ගිය මහා ෙ€දවාචකයට ගොදුරු වූ වටපිටාවකි. ඉදින් වසරකට පිළිකා රෝගයෙන් විසිපන් දහසක්‌ පමණ දෙනා මියයන, තවත් විසිදහසක්‌ පමණ වකුගඩු රෝගයට ගොදුරු වන, හෘදයාබාධ, දියවැඩියාව බහුල රටක්‌ බවට පත් නොවී මේ රසායනික ගොවිතැනේ තවත් අප කුමක්‌ බලාපොරොත්තු වන්නේද? මේ අපට ලැබී ඇත්තේ අප වපුල අස්‌වැන්නේ ප්‍රතිඵලය. ඒ දෙස දැස්‌ දිගුකර අමනයන් සේ බලා නොහිඳ යළිත් ‘ස්‌වභාවික ගොවිතැන‘ මේ රත්තරන් හෙළ පොළොවේ ස්‌ථාපනය කරන්නට සුදුසු කාලය නොවේද මේ පැමිණ ඇත්තේ.

දයාබර අම්මේ, තාත්තේ, ගොවිබිමේ දයාබර සහෝදරය සහෝදරිය, තවත් අප කල් මැරිය යුතු නොවේ. එළඹෙන මේ මහ කන්නයේ සිට පොළොවට ගසන උදලු පහරක්‌ පාසා, පෙරළෙන පස්‌ පිඩැල්ලක්‌ පාසා මේ පොළොවේ ක්‍ෂුද්‍ර ප්‍රාණීන් ගැවසෙන ස්‌වාභාවික ගොවිතැන යළිත් පණ පොවන ගොවිතැනක්‌ කරන මෙන් ජාතියේ නාමයෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමු.

බලන්න, අපි අපගේ කුඹුරු පරිසරයට අත්කර ගත් විනාශය කෙබඳුද කියා. ගොයමට හානි කරන පළිබෝධකයන් හත්දෙනකු නිසා වස විස තොග ගණනක්‌ කුඹුරට පොම්ප කර මේ සතුරු කෘමීන් ගොදුරු කරගන්නා තවත් අපේ මිතුරු සත්ත්ව ගහනයක්‌ම අප මරා දමමින් සිටිනවා නොවේද? එදා දොළ පාරේ හිටි, දණ්‌ඩි පැටව් අද දක්‌නට නැත. එසේම, නියරේ සැඟව සිටි කක්‌කුට්‌ටන්, මකුළුවන් අද කොහි ගොස්‌ද? කෘමීන්ගේ පිලවුන් අල්ලා කෑ බත්කූරකු අද ආසාවකට දැකගත හැකිද? සැබෑව නම් ගොවියාගේ හිතමිතුරු සියලු සතුන් වස විසෙන් මරා දැමීමය. ගොයමට හානි කරන පළිබෝධකයන් හත්දෙනකු වෙනුවෙන් මුළු මහත් ජෛව පද්ධතියකටම මොන තරම් අපරාධයක්‌ වන්නේද? ගැමියාගේ භාෂාවෙන් ගත් කල එය හෙණ ඉල්ලන අපරාධයක්‌ම වන්නේය. එහෙයින් තවදුරටත් මේ අපරාධයට අප ඉඩ තැබිය යුතු නොවෙමු. වස විසෙන් තොර වගාව යළිත් ආරම්භ කර, කුඹුරු. කෙතට, ලියද්දට, නියරට, හේනට, ගොවිතැනට යළිත් අපගේ මිතුරු සත්ත්ව සංතතිය ගෙන්වා ගත යුතුව ඇත. ඔවුන් ස්‌වභාවිකව ගොවිතැනේ සතුරන් ගොදුරු කරගනු ඇත. එසේ නොවුණහොත්, පරම්පරාවෙන් උරුම වූ පරිසර හිතකාමී ගොවිතැනේ, අත්බෙහෙත්, කෙම් ක්‍රම, පරිසරයේ කෘමි පළවා හරින බෝග හා සතුන් ජෛව ක්‍රියාත්මක වන ස්‌වාභාවික චක්‍රය යළිත් කැරකෙන්නට පටන් ගන්නවා නොඅනුමානය.

හඳුනාගෙන ඇති පරිදි වී වගාවට හානි කරන අහිතකර පළිබෝධකයන් හත් දෙනෙකි. ඒ කූබිත්තා (පැළ මැක්‌කා), ගොක්‌ මැස්‌සා, පුරුක්‌ පණුවා, කොළ හකුළන දළඹුවා, කීඩෑවා, ගොයම් මැස්‌සා සහ වෙල්මීයාය. මේ සත්ත්වයන් අනාධිමත් කලක පටන් ගොයමෙන් ජීවත් වූවන්ය. කොම්පැණිකරුවන්ගේ උග්‍ර වස විස අපට හඳුන්වා දෙන්නටත් පෙර සිට මේ පොළොවේ මේ සතුන් දිවි ගෙවූවත් උන් පාලනය කෙරුණේ හෙළ ගොවියාගේ බුද්ධි මහිමයෙනි. පරිසරයෙන්ම උපයා සපයා ගත් දැවලිනි. මෙම සතුරන්ගෙන් හරි අඩකටත් වඩා පාලනය කෙරුණේ උන්ගේම ස්‌වාභාවික සතුරන් අතිනි. එනම් පුරුක්‌ පණුවා, නොහොත් කොහු පණුවාගේ බිත්තර අවධිය ඉබි කුරුමිණියා, අං දිග තණකොළ පෙත්තා, අං දිග පළඟැටියා විසින් ගොදුරු කර ගත්තේය. එසේම කීට අවධිය ගොදුරු කර ගත්තේ බෝතල් කුරුමිණියා, බැව්මේරිය බඹරා, ජල පදිකයා වැනි සතුන් විසිනි. කෝෂ අවධිය වෙට්‍රාස්‌ටික්‌ බඹරාගේ ට්‍රයිකොමැලෝපයිස්‌ බඹරාගේ ගොදුරක්‌ බවට පත්විය. සුහුඹුල් නොහොත් වැඩුණු කොහු පණුවා දැල් බඳින මකුළුවා සහ මහ බත්කූරාගේ ප්‍රණීත අහරක්‌ විය.

එසේම දුඹුරු පැළ කීඩෑවාගේ ශිශැවන් ඉබි කුරුමිණියන් මයිත්‍රොවිලියා, මිසෝබීලියා, ජල පදිකයා, ජල මනින්නා, බියුවේරියා යන සතුන්ගේ ප්‍රණීත ආහාරයකි. කීඩෑවන්ගේ බිත්තර නගරස්‌ බඹරා ගොනටෝසරස්‌ බඹරා, ඔලිගොසිටා බඹරා යන අයගේ ආහාරයක්‌ වන අතර වැඩුණු කීඩෑවා (සුහුඹුලා) කුරු මකුළුවා, ට්‍රයිනිව් බඹරා, බෝතල් කුරුමිණියා, වෘක මකුළුවා, බත් කූරා යන සතුන්ගේ ආහාරයක්‌ බැවින් ස්‌වාභාවිකව කීඩෑවන් මෙම සතුන්ගෙන් පාලනය වේ.

කොළ හකුළන දළඹුවාගේ ස්‌වාභාවික සතුරෝද රැසකි. බිත්තර කතුරා, තණකොළ පෙත්තා, ගොනටෝසෙරස්‌ බඹරාගේ ආහාරයක්‌ වන අතර දළඹු අවධිය ඉබි කුරුමිණියාට, බෝතල් කුරුමිණියාට, ජල මනින්නාට, ජල පදිකයාට, මයික්‍රොබිලියාට සහ ට්‍රයිකොම්ලෝප්සීස්‌ බඹරාගේ යන සතුන්ගේ ආහාරයකි.

එමෙන්ම කොළ හකුළන දළඹුවාගේ කෝෂය බැව්මේරිය බඹරා සහ ට්‍රයිකො මැලෝපයිස්‌ බඹරාගේ ආහාරයකි. වැඩුණු දළඹුවා හීන් බත්කූරාගේ සහ කුරු මකුළුවාගේ ගොදුරක්‌ බවට පත්වේ. ගොයමට හානිකරන පැළ මැක්‌කාටද ස්‌වාභාවික සතුරන් බොහෝ ඇත. බිත්තර අවධියේදී ඉබි කුරුමිණියා සහ ඉබි කුරුමිණි කීටයාගෙන් හානි සිදුවන අතර කීට අවධියේදී ද ඉබි කුරුමිණියා, ජල මනින්නා, මයික්‍රොවිලියා, බෝතල් කුරුමිණියා, කුරු මකුළුවා සතුරන් ලෙස හානි සිදුකරති.

සුහුඹුල් අවධියේදී නොහොත් වැඩුණු පැළ මැක්‌කා ඉබි කුරුමිණියාගේ, බෝතල් කුරුමිණියාගේ, කුරු මකුළුවාගේ සහ මයික්‍රොවිලියාගේ සහ ජල මනින්නාගේ ආහාරය බවට පත්වේ.

ඉදින් මේ අනුව බලන කල වී වගාවේ ඉහත පලිබෝධකයන්ට ඇති ස්‌වාභාවික සතුන් බහුලය. ඔවුන් ගොවියාගේ මිතුරු සත්ත්වයෝය. පළිබෝධ හානි ඉහළ යන විටදී පමණක්‌ ස්‌වාභාවික පාලකයන්ට මොවුන් පාලනය කරගත නොහැකි වූ විට ගොවියාට එම සතුරන් පලවා හැරීමට අවශ්‍යතා පැනනගී. එහෙත් කිසිදු විටෙක සියලුම සතුන්ට විනකරන මරා දමන කෘමිනාශක (කෘෂි රසායන) භාවිත කිරීම සුදුසු නොවන්නේ ගොයමේ හිතකර කෘමීන් සියල්ලමද විනාශ වන නිසාය. මෙවන් හිතකර කෘමීන් 15 කට වැඩි ගණනක්‌ කුඹුරක සිටී. දැන් සිදුව ඇත්තේ ගොයමේ පළිබෝධකයන්ගේ නාමයෙන් සියලු ජීවීන් පරළොව යෑවීමේ බහුජාතික උගුල ක්‍රියාත්මක කිරීමය. නොහොත් කුඹුරේ ජෛව විවිධත්වය විනාශ කර දැමීමය. ඒ ඔස්‌සේ බැඳී ඇති අපූරු පරිසර පද්ධතිය නිසා ආහාරදාම හා ආහාර ජාල ක්‍රියාත්මක වෙමින් පළිබෝධ පාලනය සැලකිය යුතු මට්‌ටමකින් සිදුවේ. ඊනියා කොම්පැණිකරුවන්ගේ වුවමනාවට මෙරටට කෘෂි රසායන හඳුන්වා දුන් අපේ රටේම ඒජන්තලා කෙතේ, කමතේ මේ අපූරු ජෛව විවිධත්වයට සිදුකරන ලද්දේ යළිත් ප්‍රකෘතිමත් නොකළ හැකි මට්‌ටමේ හානියක්‌ වුවත් නිවර්තන කලාපීය රටක්‌ ලෙස මෙම ජෛව ක්‍රියාවලිය යළිත් පණගන්වා ක්‍රියාත්මක කිරීම අපහසුකරණයක්‌ නොවේ. ඒ සඳහා වහාම කුඹුරට, වගාවට, ගොවිතැනට වස විස යෙදීම නවතාලිය යුතුය. ඉන්පසු ඉබේම ගොඩනැඟෙන ජෛව සංකලනයේ යාන්ත්‍රණයට ඉඩදෙන අතරේ තමන්ගේ වගාවෙන් ක්‍රමිකව පළිබෝධකයන් පලවා හැරිය හැකිය. එසේ වන විට යළිත් පැරැණි ජෛව විවිධත්වය මත පදනම් වූ කෙත ගොඩනැඟෙන අතර නියර දිගේ කක්‌කුටු වළවල් මෙන්ම මකුළුවන් බත්කූරන් වැනි ගොවියාගේ මිතුරු පන්තියද ඉහළ යනු ඇත. එසේ නම් වහා වස විය ඉසීම නවතා ස්‌වාභාවික පළිබෝධ පාලන ක්‍රමවලට යා යුතුය. පොළොව සුවපත් කිරීම සඳහා රසායනික පොහොරෙන් බැහැර විය යුතුය. එවිට ඉදිරි පරම්පරාව හෝ මාරාන්තික වකුගඩු ලෙඩෙක්‌ පිළිකා රෝගයෙන් වැනි හඳුනා නොගත් නව අනූවක්‌ රෝගවලින් ආරක්‍ෂා වීමට හෙළ ජනතාවට යළිත් අවස්‌ථාව උදාවනු ඇත. එහෙත් බහු ජාතික සමාගම් ඉදිරියේ සහ උන්ට කත් අදින උන්ගේ සහයෝගයෙන් දිවි ගෙවන මේ රටේම ඒජන්තවරුන්ගෙන් අපේ හෙල ගොවිතැන ආරක්‍ෂා කර ගැනීමය අභියෝගයක්‌ වී ඇත්තේ.

ජගත් කණහැරආරච්චි