Followers

Friday 2 November 2018

දේශීය ගොවිතැනේ ආගමික වතාවත්


දේශීය ගොවිතැනේ ආගමික වතාවත්
දේශීය පාරම්පරික වී වර්ග සහ අනෙකුත් භෝග වගා කරන ගොවීහු අතීතයේ පටන් ම තම වගාවන් ආරම්භ කිරීමේ දී ආගමික වත් පිළිවෙත් ද අකුරටම ඉටු කළහ. දැනුදු ගොවීන් බොහොම දෙනෙක් බිම් සකස් කිරීම, වැපිරීම සහ ගොයම් කැපීම-පෑගීම ආදී කටයුතුවල දී බුදුන් වැඳ, දෙවියන් සිහිකර ආශීර්වාද ලබා ගැනීමට අමතක නො කරති.

නිල්වලා පහළ නිම්නයේ මුඩේ බැඳීම



සම්ප්‍රදායික ක්‍රමයට බැත හුළං කිරීම සඳහා, රිටි ආධාරයෙන් කතිරයක් බැඳ ගැනීම පැරණි ගොවීන්ගේ සිරිතයි. මාතර, අත්තුඩාව වැනි මා වී වගා කලාපයේ ගොවීන් එය හඳුන්වන්නේ ‘මුඩේ යන නමිනි. ඔවුහු මුඩේ නගින්නට පෙර, ආගමික වතාවත් කිරීමට ද අමතක නොකරති. (පින්තූර-ප්‍රෑන්ක් ද සොයිසා)

No comments:

Post a Comment