Followers

Saturday 24 November 2018

වාරියපොළ ගොවි සමුළුව දෙසැම්බර් 08 වැනි දා


වාරියපොළ ගොවි සමුළුව දෙසැම්බර් 08 වැනි දා

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
වස විසෙන් තොර දේශීය සහල්, එළවළු ආදී ආහාරවලට රට පුරා ඇති ඉල්ලූම විධිමත් ලෙසත්, විශ්වාසවන්තවත් සපුරා  දීමේ ක‍්‍රමවේදයක් පිළිබ කතිකාකර,  එයට වැඩ පිළිවෙලක් සකස්කර ගැනීම සහා පවත්වන ගොවි සමුළුවක්’, දෙසැම්බර් 08 වැනි දා උදේ 8.30, වාරියපොළ, ශ‍්‍රී සුමංගල මහ පිරිවෙණෙහි දී ආරම්භ වේ.

ගොවි සමුළුව පැවැත්වෙන්නේ, උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ද්විතීය සංඝනායක, එප්පාවල, ශ‍්‍රී ඛෙත්තාරාම මහා විහාරාධිපති මහාමාන්කඩවල පියරතන නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙනි. මේ සහා රට පුරා විසිරී සිටින වස විසෙන් තොරව, කාබනිකව ගොවිතැන් කරන ගොවීන් විශාල පිරිසකට ආරාධනාකර තිබේ.

වස විසෙන් තොරව ගොවිතැන් කරන ගොවීන්ගේ තාක්ෂණික ගැටලූ නිරාකරණයකර ගැනීම, නිෂ්පාදන අලෙවිය පිළිබ ගැටලූ ජය ගැනීම සහා සමුපකාර ක‍්‍රමයක් බිහිකර ගැනීම සහ විධිමත් සංවිධාන ජාලයක් ගොඩනගා ගැනීම ආදී කාරණා රැුසක් සමුළුවේ දී සාකච්ඡාවට ගැනීමට නියමිත ය.


No comments:

Post a Comment